Ten (2005) Sinhala Subtitle
මේකේ කතාව යන්නේ ඉන්දියාවේ “ATC” (Anti-Terrorist Cell) කියන රහස් කණ්ඩායම වටේ.
මේකේ ප්‍රධාන චරිත කරන්නේ සංජේ දත් (සිද්ධාන්ත්) සහ සුනිල් ෂෙට්ටි (ධීරේන්ද්‍ර). කතාව පටන් ගන්නේ ඉන්දියාවට එල්ල වෙන්න යන ලොකුම ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන තොරතුරක් ලැබුණට පස්සේ. ඒ ප්‍රහාරය සැලසුම් කරලා තියෙන්නේ ‘ජම්වාල්’ කියන අභිරහස් පුද්ගලයෙක්. ප්‍රහාරය සිද්ධ වෙන්න තියෙන්නේ මැයි 10 වෙනිදා—ඒ කියන්නේ දවස් 10කින්. මෙන්න මේ දවස් 10 තමයි “Dus” (දහය) විදිහට ෆිල්ම් එකේ නම වෙන්නේ.
සිද්ධාන්ත්ගේ ටීම් එකට දැනගන්න ලැබෙනවා කැනඩාවේ ඉන්න හිමත් මෙහෙන්දි කියලා කෙනෙක් මේකට සම්බන්ධයි කියලා. ඉතින් මේ කට්ටිය කැනඩාවට යනවා ජම්වාල්ව අල්ලලා මේ විනාශය නවත්තන්න.
ෆිල්ම් එකේ මැද හරිය වෙනකම් කවුරුත් දන්නේ නැහැ ඇත්තම ජම්වාල් කවුද කියලා. හැමෝම හිතන්නේ එක මනුස්සයෙක් කියලා වුණාට, ඇත්තම හතුරා ඉන්නේ හිතාගන්න බැරි තැනක.
අන්තිමේදී තමන්ගේ ජීවිත පවා පරදුවට තියලා, අර බෝම්බ ප්‍රහාරය නවත්වලා රට බේරගන්න හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඇත්තටම ඒ කාලේ හැටියට මේකේ තිබුණ තාක්ෂණයයි, කැමරාකරණයයි මාරම කොලිටි.