EB (2026) Sinhala Subtitle
ලින් කියන්නේ පරිසර විද්යාඥයෙක්. එයා ගොඩක් කාලෙකට පස්සේ ආපහු තමන්ගේ උපන් දූපතට එනවා වඩන් මුහුදේ වැඩකටයුතු වගයක් පටන් ගන්න. ගෙදර ආවට පස්සේ එයාගේ අයියා කෙවින් සහ අම්මා එක්ක එයා සාමාන්ය විදියට ජීවිතය ගෙනියන්න පටන් ගන්නවා. ඒ අතරේ දූපතේ අය සහ ධීවරයෝ අතරේ ලොකු නොසන්සුන්තාවයක් තියෙනවා මුහුදේ සම්පත් ආරක්ෂා කරන එක සම්බන්ධයෙන්.
ටික දවසක් යද්දී දූපතේ ලොකු අභිරහසක් මතුවෙනවා. බොරිස් කියන කෙනෙක් අභිරහස් විදියට මියයනවා. මුලදී හැමෝම හිතන්නේ ඒක සාමාන්ය දියවැැලකට අහුවෙලා වෙච්ච අනතුරක් කියලා. ඒත් ලින් සහ එයාගේ යාළුවෙක් මේක නිකන්ම නිකන් අනතුරක් නෙමෙයි කියල සැක කරන්න පටන් ගන්නවා. ලින් රහසිගතව මේ ගැන සොයන්න පටන් ගන්නවා.
මේ අස්වැද්දීමේ වැඩ වගේම ඩ්රග්ස් ජාවාරම් වගේ බරපතල වැඩ කිහිපයක් දූපත ඇතුළේ සිද්ධ වෙනවා කියලා ලින්ට තේරෙනවා. එයාගේ අයියා කෙවින්ත් මේ ජාවාරම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා කියලා ලින්ට දැනගන්න ලැබෙනකොට එයාට ලොකු කම්පනයක් ඇතිවෙනවා. ඒත් කෙවින් මේක කරන්නේ අම්මාගේ වියදම් බලාගන්න සහ පවුල රැකගන්න කියලයි කියන්නේ.
කතාව ඉස්සරහට යද්දී, ලින් මේ අභිරහස් මරණයේ ඇත්ත නැත්ත හොයාගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ජාවාරම්කාරයෝ ලින්ටත් තර්ජන කරන්න පටන් ගන්නවා එයාගේ සෙවීම් නතර කරන්න කියලා. ඒත් ලින් එකට බිය වෙන්නේ නැහැ. අන්තිමේදී හැම සත්යයක්ම එළියට එනවා, සහ දූපතේ සිදුවෙන නීතිවිරෝධී ජාවාරම් සහ බොරිස්ගේ මරණය පිටිපස්සේ ඉන්න අය ගැන ලින්ට සම්පූර්ණ තොරතුරු දැනගන්න ලැබෙනවා.