Fantastic Four: Rise of the Silver Surfer (2007) Sinhala Subtitle
ඔන්න යාළුවනේ මමත් හා හා පුරා Subz LK කණ්ඩායමට එකතු වෙන්නයි හදන්නේ. හැමදාම සබ් බාන නිසා මටත් හිතුණා සබ් එකක් දාලා මේ වැඩේට එකතු වෙන්න.මේක මගේ පළවෙනි සබ් එක. මට සබ් එක දාන්න මේ ෆිල්ම් එක තෝරගන්න හිතුණෙ මම sci.fi වැඩිපුර බලන නිසා. මේ සබ් එකේ සමහර තැන් වල මම සිංහල තේරුම ඒ විදිහට ගන්නෙ නැතුව චිත්‍රපටයට ගැලපෙන විදිහට සකස් කළා. චිත්‍රපටය හොඳින් තේරුම් කරන අදහසිනුයි එහෙම කළේ. ඒ වගේම කියන්න ඕනි මේ මගේ පළවෙනි උපසිරැසිය නිසා ගොඩක් වැරදි අඩුපාඩු ඇති.ඒවට සමාවෙන්න. මේකෙ හොද නරක ගැන පුංචි comment එකක් දාලා යන්න අමතක කරන්න එපා.
ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනව නම් මේක 2007 වසරේ නිකුත් වුණු Action/Fantasy/Sci.fic ගණයට වැටෙන චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 5.6 ක අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. මෙහි අධ්‍යක්ෂණය Tim Story විසින් සිදුකර තිබෙනවා. ඔහු Fantastic four(2005), Think Like A Man (2012), Ride Along (2014) වැනි සුපිරි චිත්‍රපට වල අධ්‍යක්ෂකයා ලෙස ද කටයුතු කළා.
මෙහි නළුනිළියන් වන්නේ,
Ioad Gruffndd (රීඩ් රිචඩ්)
Jessica Alba (සූසන්)
Chris Evans (ජොනී)
Michael Chiklis (බෙන්)
Doug Jones (සිල්වර් සර්ෆර්)
Julian Mcmahon (වික්ටර් වොන් ඩූම්)
මම හිතනවා මේකෙ පළවෙනි ෆිල්ම් එක හැමෝම බලලා ඇති කියලා. ඒනිසා මම කතාවටම බහින්නම් ග්‍රහලෝක ආහාරයට ගන්න ගැලැක්ටස් කියන කෙනා පෘතුවියත් විනාශකරන්න එයාගෙ සේවකයෙක් වන සිල්වර් සර්ෆර්ව පෘතුවියට එවනවා.එතනින් තමයි කතාව පටන්ගන්නෙ.එයාගෙ බලපෑම නිසා පෘතුවිය පුරා විවිධ විපර්යාස සිද්ධ වෙනවා. මේ අතරේ වොන් ඩූම් නිදහස් වෙනවා.ඩූම්ට ඕනි වෙනවා සර්ෆර්ගෙ බලමූලය ලබාගෙන බලවත් වෙන්න.සුපිරි හතර දෙනා මෙයාලව නවත්වන්න කරන සටන තමයි ෆිල්ම් එක පුරා දිවයන්නෙ.ඒ වගේම රීඩ් හා සූසන් විවාහ වෙන්න “දරන උත්සාහය”ත් අපිට මේ ෆිල්ම් එක පුරාම දැකගන්න පුළුවන්.(මම “දරන උත්සාහය” කියන වචනෙ පාවිච්චි කළේ ඇයි කියලා ඔයාලට ෆිල්ම් එක බලනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි).මොනව වුණත් සිල්වර් සර්ෆර් එයාගෙ නායකයගෙ අණ පිළිපදින්නෙ එච්චර කැමැත්තකින් නම් නෙමෙයි.ඒක එහෙම වෙන්නෙ ඇයි කියලත් ඔයාලට මේක බලද්දි තේරුම් යයි.
Spoiler Warning : Fantastic Four: Rise of the Silver Surfer is a 2007 superhero film, based on the Marvel Comics superhero team the Fantastic Four. A sequel to the 2005 film Fantastic Four, the film is directed by Tim Story…
aparade sahooo oyage mahansiya.
mita awurudu 2kata withara kalin wena web adawiyakin me sub eka dilayi thiyenne.
danata aluthen awith thiyana, wena web adawiyakin thawama dila nathi film ekakata sub denna.
ethakota thama me thiyana tharagakaarithwayata muhuna denna puluwan wenne.
anika oyage mahansiyatath saadaranayak ishtawenne.
anyway, sub ekata thanx…
film ekakata sub karanna kalin poddak resreach ekak karanna net eken.
Man thamai e site ekatath sub eka dunne bro
Thanks for comment.?
උපසිරැසියට බොහෝම ස්තුතියි
Rome tv serise eka ta sub denta plz
Thankyou very much malli…