Fear (1996) Sinhala Subtitle
Mark Wahlberg, Reese Witherspoon, William Petersen
Fear (1996)|අන්ධ ආදරය! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ! 👋
ඔන්න එහෙනම් මගේ ඊළඟ සිංහල උපසිරැසිය අරගෙන අදත් Subz.lk එක පැත්තට ආවා. කලින් සබ් එකට ඔයාලා දීපු සපෝට් එකට ගොඩක් ස්තූතියි!
අද මම ඔයාලට අරන් ආවේ 90 දශකයේ ආපු සුපිරිම Psychological Thriller / Drama ෆිල්ම් එකක් වෙන Fear (1996). මේකේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් එකතු වෙන්නේ Mark Wahlberg එක්ක Reese Witherspoon.
📝 කතාව පැත්තට පොඩ්ඩක් හැරුණොත්:
නිකොල් (Nicole) කියන්නේ තාත්තගේ සෙවනේ හැදෙන කෙල්ලෙක්. මෙයාට ක්ලබ් එකකදී හමු වෙනවා ඩේවිඩ් (David) කියලා පට්ට කඩවසම් කොල්ලෙක්ව. මුල් ටිකේ කෙල්ලට හිතෙන්නේ මෙයා තමන්ගේ හීනවල ඉන්න කුමාරයා වගේ එකෙක් කියලා. ඒත් ටිකෙන් ටික කතාව ඉස්සරහට යද්දී තමයි ඩේවිඩ්ගේ ඇත්තම මූණ එලියට එන්නේ.
මෙයා සාමාන්‍ය කොල්ලෙක් නෙවෙයි, පට්ටම පිස්සු ආදරයක් තියෙන, පිස්සුවෙන් වගේ කෙල්ලව පාලනය කරන්න හදන ආත්මාර්ථකාමී psycho එකෙක්! කෙල්ලට මේක තේරිලා මෙයාගෙන් ගැලවෙන්න හදද්දී, ඩේවිඩ් ඒ පවුලෙම ජීවිතය අපායක් කරන්න පටන් ගන්නවා. තමන්ගේ දුවව සහ පවුලව මේ පිස්සු කොල්ලගෙන් බේරගන්න තාත්තා ගහන ගේම මොකක්ද? නිකොල් මේ රෝස හීනෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? කියල දැනගන්න නම් ෆිල්ම් එක අන්තිම වෙනකම් බලලම ඉන්න වෙනවා!
-
Movie: Fear (1996)
-
IMDb Rating: 6.2 / 10
-
Genre: Drama / Thriller / Romance
-
Cast: Mark Wahlberg, Reese Witherspoon, William Petersen
-
Runtime: 1h 37m
වෙනදා වගේම ෆිල්ම් එක බලලා ඔයාලගේ අදහස්, අඩුපාඩු පල්ලෙහා Comment එකක් දාලා කියන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් තමයි මට ඊළඟ සබ් එකටත් ලොකුම ගැම්ම!
හැමෝටම ජය! ෆිල්ම් එක බලලා එන්ජෝයි කරන්න! 🍿🎬