Gandhari (2026) Sinhala Subtitle
ජෝයිපූර් කියන්නේ බැලූ බැල්මට සාමාන්‍ය නගරයක් වුණාට, එහි බිම් යට සැඟවුණු අති භයානක යටි ලෝකයක් තියෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වුණේ නගරයේ අහිංසක දරුවන් පැහැරගෙන ගොස්, ජාවාරම්කරුවන්ගේ ව්‍යාපෘතියක් වෙනුවෙන් පිටරටවලට හෝ වෙනත් තැන්වලට යැවීමයි. මේ අඳුරු ජාලය මෙහෙයවන්නේ ‘හයි කමාන්ඩ්’ එක සහ ඔවුන්ගේ බලවත් සාමාජිකයන්. නගරය පුරා මිනී මාරු කිරීම්, රසායනික එන්නත් මඟින් මිනී හඳුනාගත නොහැකි ලෙස විකෘති කිරීම් සහ රෝහල් ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියා මේ කුමන්ත්‍රණයේම කොටස් වෙනවා. පොලිසිය සහ බලධාරීන් පවා මේ අඳුරු ජාලය හමුවේ අසරණ වී සිටින පසුබිමක, නගර වැසියන් නොදන්නා රහස් රාශියක් මේ උමං මාර්ග තුළ සැඟවී තිබෙනවා.
කතාවේ ප්‍රධාන චරිතය වන බානි, තම දියණිය වන මිෂ්ටි සමඟ දුම්රිය ස්ථානයට පැමිණෙන්නේ නිවාඩුවක් ගත කිරීමට ගොම්වාටි බලා යාමටයි. දුම්රියපොළේ කාර්යබහුල මොහොතක, බානි අඹ ඇඹුල් ටිකක් මිලදී ගැනීමට තූන්ඩුවකට යන අතරතුර, දම් පාට සාරියකින් සැරසුණු නාඳුනන කාන්තාවක් මිෂ්ටිව පැහැරගෙන යනවා. මේ අනපේක්ෂිත සිදුවීමෙන් බානිගේ මුළු ලෝකයම අඳුරු වී යන අතර, පොලිසියට පැමිණිලි කළත් නිසි පිහිටක් නොලැබෙන තැන ඇය තවදුරටත් අසරණ වෙනවා. පරීක්ෂණ අතරතුර, රෝහලේ සිදුවන නීති විරෝධී මිනී මාරු කිරීම් සහ ළමයින්ගේ මළ සිරුරු භාවිතා කරමින් මරණ වංචා සිදු කරන ආකාරය බානිට අනාවරණය කරගන්නට ලැබෙනවා. ඇය තේරුම් ගන්නවා තම දියණිය තවමත් ජීවතුන් අතර මෙම රෝහලේ හෝ ජෝයිපූර් නගරයේ සිරවී සිටින බව.
තම දියණිය සොයා යන ගමනේදී බානිට පැරණි නගර සිතියමක් සහ උමං මාර්ග පිළිබඳ තොරතුරු හමු වෙනවා. ‘චෞමුකි පූජාව’ ආරම්භ වන දිනයේ නගරයේ ආරක්ෂාව දැඩි කර තිබියදී, බානි සහ ඇගේ සහචරයෝ මේ අඳුරු උමං ජාලය හරහා ජාවාරම්කරුවන්ගේ කඳවුර වෙත ළඟා වීමට උත්සාහ කරනවා. බහුරූපී වෙසින් සැරසී, ළමයින් බේරා ගැනීමට සැලසුම් සකස් කරන ඔවුන්, අවසානයේදී ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන මර්ස්ථානය වන ‘ලාල් බාරි’ සහ රෝහලේ රහසිගත ස්ථාන වෙත කඩා වැදීමට සමත් වෙනවා. මවකගේ නොපසුබස්නා උත්සාහය සහ දැඩි අධිෂ්ඨානය ඉදිරියේ, ජාවාරම්කරුවන්ගේ ‘ප්ලෑන් සීටීරෝ’ සැලසුම බිඳ වැටෙන අතර, බානි තම දියණිය වන මිෂ්ටුව මුදා ගැනීමට අවසානයේදී දැඩි සටනක යෙදෙනවා.