සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ගෝ කාර්ට් රේස් වටා නිර්මාණය උන කතාවක්. කතාව නිර්මාණය වෙලා තියෙන්නේ රේස් පදින කොල්ලෙක් වටා තමයි. එහෙනම් යමු අපි ෆිල්ම් එක පැත්තට.
GO KARTS 2020
මේ ෆිල්ම් එක Ratings අතින් ගත්තම 5.9/10 Imdb අගයකුත් 80% Rotten Tomatoes ප්‍රතිශතයකුත් 89% Google Users ප්‍රතිශතයක කැමැත්තත් දිනාගැනීමට සමත්වෙලා තියනවා.යමු එහෙනම් කතාව පැත්තට.
හොඳ කලින් කිව්වා වගේ මේක නිර්මාණය වෙලා තියෙන්නේ ජැක් හූපර් කියන කොල්ලා වටා තමයි. මෙයා අහම්බෙන් තමා මේ රේස් වලට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙයයි අම්මයි අලුත් නගරෙක පදිංචියට යනවා. කොල්ලගෙ තාත්තා පිලිකාවක් නිසා මෙයාට වයස 11දිම එයා නැතිවෙලා. ඉතින් මෙයාට මේ රියදුරු හැකියාවන් ලැබිලා තියෙන්නේ තාත්තගෙන්ම වෙන්න ඕන, මොකද තාත්තත් දක්ශ රියදුරෙක් වගේම රේස් කාර් වලට ආදරේ කරන කෙනෙක්. ඉතින් ටවුමට ආව මෙයාට උපන්දින සාදයකට ආරාධනාවක් ලැබෙනවා. ඒ සාදය පැවැත්වෙන්නේ ගෝ කාර්ට් රේස් කරන තැනක. මෙයාට එතනදි තමා එයාගෙ පලමු ගෝ කාර්ට් අත්දැකීම ලැබෙන්නේ. ඒ විතරක් නෙවේ මෙයාගෙ නපුරු ප්‍රතිවාදියවත් මුණගැහෙන්නේ මෙතනදි තමා. මිනිහගෙ නම ඩීන් සේටා. මිනිහා හැම තරඟෙන්ම පලවෙනියා. මේ සේටා පවුලෙ දුවගෙ උපන්දින සාදෙට තමා මෙයා මේ සහභාගී වෙලා තියෙන්නේ. ඇය දක්ශ ගෝ කාර්ට් මැකෑනික් කෙනෙක්. ඒත් එයාට කවුරුත් අවස්ථාවක් දෙන්නේ නෑ. කොහොමහරි අපේ හූපර් පලමු අත්දැකීමෙන්ම අපූරු දස්කම් පෙන්වනවා වගේම මෙයාට ගෝ කාර්ට් වලට උනන්දුවකුත් ඇති වෙනවා. ඒවිතරක් නෙවේ අලුත් යාලුවෙක් වගේම සේටා පවුලෙ දියණියවත් අඳුරගන්නව.
මේ රේස් පිස්සුව ගහපු අපේ හූපර්ට ඊලගට ඕන උනේ ගුරෙක්. කොහොමහරි මෙයා ගුරාවත් හොයාගන්නවා, එයාගෙ නම පැට්‍රික්. බොහොම අමරුවෙන් තමා මෙයාව අල්ලගන්නේ. හැබැයි පැට්‍රික් මෙයාට උගන්වන්නේ මෙයා එතන වැඩ වලට උදව් කරන තරමට තමා මොකද හූපර්ට සල්ලි නෑ, ඒ අදහසත් ඉතින් හූපර්ගෙම තමා. ඉතින් ඔහොම ගිහින් මෙයා කලාපීය ශූරතාවලියෙ ඉඳන් ජාතික ශූරතාවලියට යනකම් තරඟ කරනවා. ඉතින් ඒකට ඕන කාර්ට් එක මෙයා හොයාගන්නේ අර ගුරාගෙ කුණුගොඩක තිබිලා, ඒකත් කෑලි කෑලි වලට කැඩුණ එකක්. ඉතින් මේක හදන්නෙ කවුද කියලා ඔයාලා උඩ ටික හරියට කියෙව්වනම් ඔයාට තේරෙනවා...වැඩි කතා නැතුව මම මෙතනින් නවතිනවා.
ඉතින් නපුරු ඩීන් සේටා දිනයිද? පැට්‍රික් හූපර්ගෙන් වැඩ විතරක්ම ගනියිද? හූපර් තරඟයට යන මාවතේදි මොනවගේ දේවල් වලට මුහුණ දෙයිද? බලලම හොයාගන්නකෝ....
ඔබට ජය!





Windows 10Chrome 86
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!