ඔවුන්ගේ නිවහන
අද වෙනසකටත් එක්ක ෆිල්ම් එකකට සබ් එකක් තමා මේ අරන් එන්නේ. අළුත්ම අළුත් ෆිල්ම් එකක්. නෙට්ෆිල්ක්ස් හරහා විකාශනය උනු ෆිල්ම් එකක්. මේකට 6.4ක හොඳ IMDB අගයක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. මේ ෆිල්ම් එක drama, horror, thriller කියන කාණ්ඩ වලට වැටිලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හොරර් චිත්‍රපටි වලට මේ වගේ රේටින්ග් අගයක් තියෙනවා කියන්නේ ඒක හොඳ ෆිල්ම් එකක් කියන එක තමා.
මේකේ කතාව ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Sope Dirisu කියන හාදයා. Gangs of London බැලුවනම් ඒකේ ඉන්න කල්ලා, ෂෝන්ට වෙඩි තියන්නේ, අන්න එයා.
මේකේ කතාව ගෙතෙන්නේ කළු ජාතික පවුලක් වටේ. දුවෙක් ඉන්න පවුලක්. දකුණු සුඩානයේ සිද්ද වෙන සිවිල් යුද්ධයක් නිසා මේ පවුල එතනින් පැනලා යනවා. පැනලා ගිහින් සරණාගතයින් විදියට එංගලන්තයට එනවා. හැබැයි එහෙම එද්දී අවසනාවන්ත දෙයක් වෙනවා. මුහුදෙදි එයාලගේ දුව ගිලිලා මැරෙනවා. ඉතින් කොහොමහරි ලන්ඩනයට ඇවිල්ලා එයාලාව රැඳවුම් නියෝග යටතේ තියන් ඉඳලා ටික කාලයකට පස්සේ එයලට ඉන්න හිටින්න ගෙයක් දෙනවා. කොන්දේසි කිහිපයකුත් එක්ක. අන්න ඒ ගෙදරට ආවට පස්සේ තමා සෙල්ලම පටන් ගන්නේ. ඔය මන් කිව්වේ මේ ෆිල්ම් එකේ මුල් මිනිත්තු කිහිපයේ වෙන දේවල් ටික විතරයි. ඒ වගේම කාටහරි හිතෙනවානම් මේක සාමන්‍ය හොල්මන් ෆිල්ම් එකක් නෑ කියලා ඒක එහෙම නෑ කියලා තමා කියන්න තියෙන්නේ. මේකෙ හිතන්නෙවත් නැති කතාවක් තව ඇතුලේ තියෙනවා. විශේෂයෙන්ම එයාලගේ නැතිවෙච්ච දුව සම්බන්ධයෙන්.
ඒ වගේමයි කතාවේ අවසානය හොඳට නරඹන්න. නැවත මාතෘකාව ඔස්සේ හිතන්න. “ඔවුන්ගේ නිවහන”. මේක හොල්මන් පෙන්නලා ප්‍රේක්ෂකයාව බය කරන්න හදපු ෆිල්ම් එකක් නෙමේ කියලා තේරෙයි. මේකේ ඊට එහා ගිය දෙයක් තියෙන්නේ.
Year : 2020
Rating : 6.4
Genre : drama,horror,thriller
Actors : Sope Dirisu,Wunmi Mosaku,Malaika Wakoli-Abigaba,Javier Botet
Writer : N/A
Director : Remi Weekes
Plot :
Directed by Remi Weekes. With Sope Dirisu, Wunmi Mosaku, Malaika Wakoli-Abigaba, Javier Botet. A refugee couple makes a harrowing escape from war-torn South Sudan, but then they struggle to adjust to their new life in an English town that has an evil lurking beneath the surface.
WEBRip සඳහා වේ
සිංහල උපසිරැස Download කරගන්න
417 times
අවධානය පිණිසයි ! මෙම උපසිරැස Download කිරීමේදී ඇඩ් එකක් හරහා යාමට සිදුවේ ..ඇඩ් එක හරහා යන විදිය දැක බලා ගැනීමට
මෙහි click කරන්න .
|
|
[Send Msg]
|
|
Subz LK වෙබ් අඩවිය වෙනුවෙන්
K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි