Hope (2026) Sinhala Subtitle
IMDB RATING
6.935
CAST
Hwang Jung-min, Zo In-sung, Hoyeon, Alicia Vikander, Michael Fassbender, Taylor Russell, Cameron Britton, Lee Sang-hee, Um Mun-suk, Im Hyun-sik
කොරියානු දේශසීමාව අසල තියෙන හුදකලා කඳුකර ප්රදේශයකට අමුතුම විදිහේ බිහිසුණු රාක්ෂයෙක් එනවා. දවෙසක් දේශසීමාව අසල පාර මධ්යයේ සිරුර සම්පූර්ණයෙන්ම ඉරා දමපු මළ සිරුරක් හමුවෙනවා. ඒක දැක්ක පොලිස් ප්රධානියා සහ නිලධාරීන් මේක සාමාන්ය සතෙකුගේ වැඩක් නෙමෙයි කියලා තේරුම් ගන්නවා. සමහරු මේක ව්යාඝ්රයෙක්ගේ හෝ වලසෙක්ගේ වැඩක් කියලා කිව්වත්, එතන තියෙන අමුතු සලකුණු සහ අසාමාන්ය දේවල් නිසා ඒක වෙනස්ම බිහිසුණු ජීවියෙක්ගේ ප්රහාරයක් බව පෙනී යනවා.
මේ අතරතුර ප්රදේශයේ ඉන්න අමුතු චරිතයක් වෙන කෙනෙක්, තමන්ට අර රාක්ෂයාව අල්ලාගන්න පුළුවන් වුණා කියලා පොලිසියට කියනවා. ඒත් පොලිස් ප්රධානියා මුලදී ඒක විහිළුවක් විදිහට අරන් එයාව පන්නලා දානවා. ඒත් ටිකෙන් ටික තවත් මිනීමැරුම් වාර්තා වෙන්න පටන් ගන්නකොට, මේක සෙල්ලමක් නෙමෙයි බරපතල තත්ත්වයක් බව හැමෝටම තේරෙනවා. ගමේ තරුණයෝ කීප දෙනෙක් මේ අභිරහස් රාක්ෂයා ගැන හොයන්න උත්සාහ කරන අතරතුර විවිධ අනතුරුවලට මුහුණ දෙනවා.
පොලිසිය මේ අභිරහස විසඳන්න සහ සත්ත්වයා අල්ලාගන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒත් ගම වටා තියෙන බිම් බෝම්බ සහ දුෂ්කර පරිසරය නිසා පරීක්ෂණ අමාරු වෙනවා. අර අමුතු මනුස්සයා නැවතත් ඇවිත් තමන්ගේ ෆ්රීජර් එකේ අර රාක්ෂයා ඉන්නවා කියලා තදින්ම කියනවා. අන්තිමට පොලිසිය මීට වඩා ගැඹුරින් මේ ගැන පරීක්ෂා කරලා බලන්න එයාගේ ගෙදරට යන්න තීරණය කරනකොට, මේ බිහිසුණු අභිරහස පිටුපස තියෙන සැබෑ තත්ත්වය හෙළි වෙන්න පටන් ගන්නවා.