Lioness (2023) [S01 : E02] Sinhala Subtitle
Zoe Saldaña, Laysla De Oliveira, Dave Annable, Jill Wagner, LaMonica Garrett, James Jordan, Genesis Rodriguez, Michael Kelly, Austin Hébert, Jonah Wharton
දෙවෙනි කොටසෙන් පෙන්වන්නේ ජෝ තමන්ගේ අලුත් ඔත්තුකාරිය වෙන කෲස්ව තවත් දැඩි පරීක්ෂාවකට සහ දරුණු පුහුණුවකට ලක් කරන හැටියි. කෲස් ඇත්තටම හතුරන්ගේ අතට අහු වුණොත් එයා කොච්චර දුරට වදහිංසා දරාගන්නවාද, එයාගේ සීමාව කොතැනද කියලා බලන්න ජෝ එයාව රහස් පරිශ්‍රයකදී අතිශය දරුණු ලෙස පරීක්ෂා කරනවා (SERE test). ඒ වගේම ජෝගේ පෞද්ගලික ජීවිතයේ තියෙන අර්බුද, එයාගේ සැමියා වන නීල් (දොස්තර කෙනෙක්) මුහුණ දෙන අභියෝගත් මේ අතරේ පෙන්වනවා.
මේ අතරේ, ඉලක්කගත ත්‍රස්ත නායකයාගේ දුව වන ආලියා නිව්යෝර්ක්වල ඉන්න බව දැනගන්න ලැබෙනවා. ජෝ කෲස්ට පැහැදිලි කරලා දෙනවා මේ මෙහෙයුමේ තියෙන භයානකකම සහ එයාගේ ඔත්තුව මාට්ටු වුණොත් බේරෙන්න තියෙන එකම ක්‍රමය තනියම සටන් කරන එක විතරයි කියලා. කෲස් මේ හැම දරුණු වදයක්ම දරාගෙන තමන්ගේ මෙහෙයුමට කැපවෙන්න ලෑස්ති වෙනවා. අවසානයේ කෲස්ව කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ට හඳුන්වා දීලා, එයාව ඉදිරි මෙහෙයුම සඳහා යවන්න කණ්ඩායම සූදානම් වෙනවා.