Maa Inti Bangaaram (2026) Sinhala Subtitle
Samantha Ruth Prabhu, Gulshan Devaiah, Gautami
ඔන්න තෙළිඟු ඇක්ෂන් බලන උන්ගේ ලේ නටවන, සමන්තාගේ හාඩ්කෝර් මිනීමරු අතීතයක් එළියට එන 2026 අලුත්ම ෆිල්ම් එක ‘Maa Inti Bangaaram’ කතාව පටන් ගන්නේ ලොකු පවුලක ලේලියක් විදිහට කිසිම සද්දයක් නැතුව ඉන්න ස්වර්ණාගෙන්. පවුලේ ඔක්කොම හිතන් ඉන්නේ මෙයා පූජාවල් කරගෙන උයාගෙන ඉන්න සාමාන්‍ය බයගුළු ගෑනියෙක් කියලා. හැබැයි මේ ගෑනිගේ ඇඟ ඇතුළේ ඉන්නේ අතීතයේ පාතාලයම හොල්ලපු, මිනිස්සුන්ව අමු අමුවේ කපාකොටා දාපු අතිශය භයානක යක්ෂණියක්. තමන්ගේ අඳුරු අතීතය හංගගෙන අලුත් ජීවිතයක් ගත කරන ස්වර්ණාගේ පවුලට එකපාරටම දරුණු පාතාල කල්ලි නායකයෙක්ගෙන් මරණ තර්ජනයක් එනවා.
තමන්ගේ මිනිහවයි පවුලේ උන්වයි මරන්න මේ මැරයෝ ගේ ඇතුළට කඩාපනිනකොට තමයි, සාරිය ඇඳන් හිටපු අහිංසක ස්වර්ණා තමන්ගේ ඇතුළේ හිරකරගෙන හිටපු අර ලේ පිපාසිත මිනීමරුවාව එළියට ගන්නේ. එතනින් එහාට මුළු ගේම ලේ විලක් වෙනවා. තමන්ගේ ගෙදරට ආපු මැරයන්ගේ අතපය කඩලා, බඩවැල් එළියට ඇදලා දාන සමන්තාගේ මේ අමුම අමු සයිකෝ ඇක්ෂන් ටික දැක්කම මුළු ඇඟේම හිරිගඩු පිපෙනවා ෂුවර්. මේ ලේ ගෑවුණු අතීතයේ හැංගිලා ඉන්න මහමොළකාරයා කවුද කියලා හොයාගෙන යන මේ ගමන අන්තිම තත්පරේ වෙනකන්ම පට්ටම කුතුහලයකින් බලන්න පුළුවන්.