Pritam Pedro (2026–) [S01 : E02] Sinhala Subtitle
**Pritam and Pedro (2026)** කතාවේ Episode 01 එකෙන් පස්සේ, **Episode 02** එකේදී Pedro ගේ ජොබ් එකට වෙන ලොකු කරදරයක් සහ එයා අකමැත්තෙන්ම Cyber Cell එකට වැටෙන හැටි තමයි ප්‍රධාන වශයෙන්ම දිගහැරෙන්නේ.
ගෝවා වල ප්‍රබල ක්‍රීඩා ඇමතිගේ (Sports Minister) බිරිඳගේ වටිනා ජංගම දුරකථනය නැතිවෙනවා. මේ කේස් එක භාරවෙන්නේ Pedro ට. Pedro මේ ගැන පරීක්ෂණ පවත්වද්දී එයාට සැක හිතෙනවා ඇමතිගේම පුතා වෙන **Vinny** තමයි මේ ෆෝන් එක හොරෙන් ගත්තේ කියලා. හැබැයි ඇමති සහ බිරිඳ මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ, Vinny ගෙන් ප්‍රශ්න කරන්න දෙන්නෙත් නැහැ.
Pedro හිතනවා තමන්ගේ ජොබ් එක බේරාගන්න අමුතුම ප්ලෑන් එකක් ගහන්න. එයා ඒ වගේම වෙනත් අලුත් ෆෝන් එකක් සල්ලි වලට අරගෙන, බොරු හොරෙක්ව සෙට් කරලා, “ඔන්න ෆෝන් එක හොරාගෙන් හොයාගත්තා” කියලා ඇමතිට බාරදෙන්න හදනවා.
හැබැයි වැඩේ අල වෙනවා! Pedro මේ බොරු රඟපෑම කරන්න යද්දීම ඇමතිගේ ගෙදර අය කියනවා Vinny ගේ කාමරේ තිබිලා ඇත්ත ෆෝන් එක හම්බවුණා කියලා. Pedro ගේ නොපිට පෙරළි ප්ලෑන් එක ලොක්කන්ට අහුවෙනවා.
ලොකු වැඩකාරයෙක් වෙන්න ගිහින් චෝර වුණු Pedro ට උසස් නිලධාරීන්ගෙන් ලොකු දඬුවමක් ලැබෙනවා. ඒ තමයි Pedro ව එයා පණටත් වඩා අකමැති, කිසිම දෙයක් තේරෙන්නේ නැති **IT Cell / Cyber Crime Department** එකට මාරු කරලා යවන එක. Old-school Pedro ට කොම්පියුටර් අස්සේ ඉඳන් වැඩ කරන එක පිස්සු හැදෙන වැඩක් වෙනවා.
IT Cell එකේදී Pedro ට විසඳන්න ලැබෙන්නේ හරිම සංකීර්ණ Cyber Case එකක්. ඔන්ලයින් තර්ජනයක් නිසා සියදිවි නසාගන්න හදන මිනීමරයෙක්/අපරාධකාරයෙක් සම්බන්ධ සිද්ධියක්. වැඩේ තනිවම කරගන්න බැරි තැන Pedro අකමැත්තෙන් වුණත් **Pritam** ට කෝල් එකක් දීලා උදව් ඉල්ලනවා.
ප්‍රීතම් තමන්ගේ සුපිරි හැකින් මොළය පාවිච්චි කරලා Pedro එක්ක එකතු වෙනවා. දෙන්නත් එක්ක එකතු වෙලා අන්තිම තත්පරයේදී ඒ ලොකු අනතුර වළක්වලා, ජීවිත ගණනාවක් බේරගන්න සමත් වෙනවා!
Pedro අකමැත්තෙන් වුණත් Cyber Cell එකේ තමන්ගේ වැඩකාරකම පෙන්වන්න ප්‍රීතම්ව නිල නොවන විදිහට තමන්ගේ පාට්නර් කරගන්නවා. ඒ අතරෙම, ඇමතිගේ පුතා වෙන Vinny එකපාරටම අතුරුදහන් වෙලා Kidnap වෙනවා කියලා ලොකු ක්ලූ එකක් දෙමින් Episode 2 ඉවර වෙනවා!