The Twits (2025) Sinhala Subtitle
ද ටුවිට්ලා කියන්නේ ලෝකයේ ඉන්න අතිශය නපුරුම සහ පිළිකුල් සහගතම යුවළක්. ඔවුන් ජීවත් වෙන්නේ අනිත් අයව රවට්ටමින්, තමන්ගේම ෆන් පාර්ක් එකක් හදාගන්න අහිංසක මගල්-වම්ප්ලාව හිර කරගෙන. මේක බීෂා කියන පොඩි දැරිවියගේ සහ එයාගේ යාළුවන්ගේ කතාව.
නගරයේ තියෙන අනාථ නිවාසයේ හිටපු ළමයි, නැප්කින් මහත්තයා එක්ක එකතු වෙලා ටුවිට්ලාගේ මේ කපටි වැඩ නවත්වන්න ප්ලෑන් කරනවා. මුලදී නැප්කින් මහත්තයා ටුවිට්ලගේ කපටි කම නිසා රවටුනත්, බීෂා සහ එයාගේ යාළුවෝ තමන්ගේ නුවණ පාවිච්චි කරලා ටුවිට්ලාව අල්ලගන්නවා.
මගල්-වම්ප්ලාව බේරගන්න ළමයි කරන සටන පට්ටම එකක්. ඒ අතරතුරේදී, වෛරය කියන එක කොච්චර නරක දෙයක්ද සහ ආදරේ කොච්චර වටිනවද කියන එක බීෂා තේරුම් ගන්නවා. අවසානයේදී ටුවිට්ලා තමන්ගේම කපටි වැඩ නිසාම ආයෙත් අමාරුවේ වැටෙනවා. ළමයි ටුවිට්ලගෙන් නිදහස් වෙලා, මගල්-වම්ප්ලත් එක්ක එකතු වෙලා සතුටින් ජීවත් වෙනවා.
කතාව අවසානයේදී පවා ටුවිට්ලා තමන්ගේ පරණ පුරුදු අතාරින්නේ නැහැ. ඒත් ලෝකය දිනන්නේ ආදරයයි, එකමුතුකමයි කියලා කතාවෙන් ලස්සන පාඩමක් කියල දෙනවා.