Uyir (2026) Sinhala Subtitle
Roshan Mathew, Saiyami Kher, Mahesh Shetty, Divya M. Nair, Baiju Santhosh, Athulya Chandra, Shruthy Menon, Vineeth Thattil David, Santhosh Thrivikraman, Shaju Sreedhar
මලයාලම් සිනමාව කියන්නේ පොලිස් පරීක්ෂණ (Police Procedural) කතා හදන්න උපන් හපන්නු ඉන්න තැනක්. 2026 අවුරුද්දේ ආපු මේ Uyir ෆිල්ම් එකත් ඒ වගේම ඇඟ හිරිවැටෙන විදිහේ අත්දැකීමක් දෙන සුපිරිම නිර්මාණයක්. කතාව පටන් ගන්නේ සාමාන්‍ය මරණයක් විදිහට වුණත්, ටිකෙන් ටික මේක පිටිපස්සේ තියෙන ලොකු අපරාධ ජාලයක් එළියට එනවා.
කතාවේ ප්‍රධාන චරිතෙ වෙන අජීබ් කියන්නේ අලුතින්ම වැඩට ආපු SI කෙනෙක්. එයාගේ තමන්ගේම අතීත ප්‍රශ්න එක්ක හැප්පෙන ගමන් මේ කේස් එක විසඳන්න දෙන ගේම මාරම තාත්විකයි. කිසිම බොරු වීරකමක් නෑ, සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්
ඇත්තටම වැඩ කරන විදිහ මේකෙන් අපිට හොඳටම දැකගන්න චාන්ස් එකක් ලැබෙනවා. චරිත වලට දෙන හැඟීම්බර බව කතාවේ රහ තවත් වැඩි කරනවා.
කවුද කියලා අඳුරගන්න බැරි කාන්තා මළ සිරුරක් අතහැරලා දාපු ළිඳකින් හම්බවෙන තැනින්. මුලින් මේක සාමාන්‍ය සියදිවි නසාගැනීමක් විදිහට පෙනුණත්, මේ කේස් එක භාරගන්න පුහුණුවන (Probationary) අලුත් පොලිස් නිලධාරියා අජීබ්, මේක පස්සේ හාරාගෙන යද්දී කතාව සම්පූර්ණයෙන්ම වෙනස්, ගොඩක් අඳුරු පැත්තකට හැරෙනවා. එක සාමාන්‍ය මරණ පරීක්ෂණයකින් පටන් ගන්න මේ ගමන කෙළවර වෙන්නේ ඉන්දියාවේ සිදිවුනු සත්‍ය කතාවක් විදිහටයි
කතාවේ එක තැනකදීවත් ඊළඟට වෙන්නේ මොකක්ද කියලා ලේසියෙන් හිතාගන්න බෑ. කේරළයේ සාමාන්‍ය ගමකින් පටන් ගන්න කතාව, කර්නාටකයේ කැලෑවල් මැද්දෙන් ගිහින් මුම්බායිවල ධාරාවි දක්වාම ඇදෙන විදිහ මාරම ලස්සනට ගොඩනගලා තියෙනවා. මේක නිකන්ම නිකන් මිනීමරුවෙක් පස්සේ පන්නන පොලිස් කතාවක්ම නෙවෙයි. අහිංසක දරුවන්ගේ ඉරණම, ආදරය නිසා ඇතිවෙන විනාශය සහ පවුලක බැඳීම ගැන හිතට වදින විදිහට පෙන්වලා තියෙනවා.
අවසාන වශයෙන් කියනවා නම්, “Uyir” කියන්නේ අන්තිම වෙනකන්ම කුතුහලයෙන් බලන්න පුළුවන්, ඒ වගේම බලලා ඉවර වුණාට පස්සෙත් හිතේ ලොකු බරක් ඉතුරු කරන කතාවක්.
එහෙනම් තවත් උපසිරුසියකින් නැවතත් හමුවෙමු