WALL·E (2008) Sinhala Subtitle
Wall-E කියන්නෙ පොඩි රොබෝ කොල්ලෙක්.එයා හරි නිශ්ශබ්ද පොඩි චරිතයක්.අනික එයා හරිම අහිංසක කෙනෙක්.එයාට පැවරිල තියෙන්නෙ මිනිස්සු පෘථිවියෙන් ගියාට පස්සෙ පෘථිවියේ තියෙන් කුණු සුද්ද කරන එක.එයා ඒ වැඩේ කරන්නෙත් හරි අමුතු විදිහකට.එයා ඒව අරගෙන එයාගෙ ඇග ඇතුලට දාගෙන ඒව පොඩි කුට්ටි වගේ හදල ඒවගෙන් ලස්සන ලස්සන දේවල් හදනව.එයාගෙ ඒවිනෝදාංශය විදිහට එයා කරන්නෙ එයාට හම්බවෙන එක එක බඩු එයා ඉන්න තැනට ගෙනිහිං ලස්සනට ඒව අහුරල තියාගන්න එක. එයාට පෘථිවියේදි එක යාළුවෙක් හම්බවෙනව.ඒ කැරපොත්තෙක්.එයාට දවසක් මහ අපූරු දෙයක්.ඒ මොකද්ද දන්නවද?ඒ පුංචිම පුංචි පැළයක්.Wall-E කවදාවත් මේ වගේ දෙයක් දැකල තිබුනෙ නෑ.ඒ හින්ද එයා මේ ලස්සන පුංචි දේ ගෙනිච්ච එයා ඉන්න තැනට.මේ අතරෙදි පෘථිවියට එනව ලොකු යානයක්.ඉතින් Wall-E යනව මොකද්ද මේ එන්නෙ කියල බලන්න.ඒ යානයෙන් එළියට එන්නෙ හරි ලස්සන රොබෝ කෙල්ලෙක්.එයාව එවල තියෙන්නෙ මිනිස්සු.එයාල මෙයාව එවල තියෙන්නෙ පෘථිවියේ මොකක්හරි ජීවයක් තියනවද බලන්න.මේ රොබෝ කෙල්ලගෙ නම Eva. ඉතින් මෙයාට අණ ලැබිල තියෙන විදිහට පෘථිවියේ හැම තැනම ගිහින් මොකක්හරි ජීවයක් තියෙයිද කියල බැලුව.මෙයාව දැකපු පළවෙනි දවසෙම Wall-Eට මෙයා ගැන හිතක් පහල වෙනව.ඉතින් Wall-E මෙයාගෙ පස්සෙන් ගිහින් බලනව මෙයා මොකද්ද මේ කරන්නෙ කියල.එක දවසක් Eva එයාගෙ පස්සෙන් එන Wall-Eව දකිනව.ඊට පස්සෙ Eva එයාට වෙඩි තියනව.ඒත් ඒක Wall-Eට වැදෙන්නෙ නං නෑ.කොහොමහරි ටික දවසක් යද්දි මේ දෙන්න යාළු වෙනව.ඊට පස්සෙ Wall-E, Evaව එයා ඉන්න තැනට එක්කගෙන යනව.එක්කගෙන ගිහින් Wall-E එයා ගාව තියෙන් අර පුංචි පැළේ මේ Evaට පෙන්නනව.හරි පුදුමයි මේ තමයි එයා හොයපු දේ.ඉතින් Eva මේ පැළත් අරගෙන් ආයෙ මිනිස්සු ළගට යනව.Wall-Eත් නිකං ඉන්නෙ නෑ.එයත් Evaගෙ පස්සෙන් යනව.කොහොමහරි එයා යන්නෙ මිනිස්සුන්ගෙන් පිරිච්ච ලොකු යානයකට.ඒ යානයේ ඉන්න කවුරුවත් ඇවිදින්නෙ නම් නෑ.ඒ හින්ද ඒ අය ගොඩක් මහතයි.ඒ යානය ඇතුලෙදි Wall-Eට මිනිස් යාළුවො 2 ක් හම්බවෙනව.එක්කෙනෙක් පිරිමි කෙනෙක්.අනිත් එක්කෙනා ගෑණු කෙනෙක්.මේ පිරිමි කෙනා Wall-Eගෙ යාළුවෙක් වෙන්නෙ Wall-E ඒ පිරිමි කෙනාට උදවුවක් කරපු නිසා.මේ පිරිමිකෙනා පාර මැද වැටිල ඉන්නකොට Wall-E ගිහින් එයාට නැගිටින්න උදවු කරනව.ඊට පස්සෙ තමයි මේ දෙන්න යාළු වෙන්නෙ.කොහොමහරි Eva මේ පැළේ ගෙනිහින් යානයේ captainට දෙනව.එයත් මේ ගැන දන්නෙ නැති නිසා පොතකින් බලල මේ ගැන ඉගෙන ගන්නව.ඉතිං මේ captain කැමති වෙනව ආයෙමත් පෘතුවියට යන්න.ඒත් එක ප්‍රශ්නයක් තිබ්බ.ඒ තමයි මේ යානය ස්වයංක්‍රී පාලනය කරන කෙනා ඒකට කැමති නැති එක.ඒත් කොහොමහරි Wall-E එයාවත් පරද්දල ඒ යානයේ ඉන්න හැමෝමව ආයෙමත් පෘථිවියට එක්කරගෙන එනව.මේ වැඩේට Wall-Eට Eva ,Captain වගේම Wall-Eගෙ මිනිස් යාළුවො දෙන්නත් උදවු කරනව.කොච්චර කරදරවලට මුහුණ දුන්නත් මේ පුංචි වීර රොබෝ කොල්ල අන්තිමට ජය ගන්නව.
ඔයාලත් මේ කතාව බලන්නකො. එතකොට තේරෙයි මේක කොච්චර ලස්සන කතාවක්ද කියල.සිංහල Subtitle එක්ක බලන්න පුලුවන් හින්ද මේ කතාව ඔයාලට තවත් රසවත් වෙයි.
තව දෙයක් කියන්න තියනව
මේක මගේ 1වෙනි subtitle එක.ඒ හින්ද පොඩි පොඩි වැරදි එහෙම තිබුනොත් කරුණාකරල මාව දැනුවත් කරන්න
තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පතනවා පලවෙනි සබ් එකට දිගටම සබ් කරන්න
නියමයි සහෝ! මාත් ආසම ඇනිමේෂන් චිත්‍රපටියක්.
දිගටම සබ් කරමු.
ජයවේවා!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!