102 Not Out (2018) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ඔන්න අද මේ එන්නෙ මේ වසරේ නිකුත්වුණ හින්දි චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. ජනප්‍රිය හින්දි නළු අමිතාබ් බච්චන් සහ රිෂී කපූර් පිය පුතු චරිතවලට පණ පොවන මේ චිත්‍රපටය තමයි 102 Not out. ඇත්තටම අමිතාබ් සහ රිෂී කපූර් අතර තියෙන්නෙ වසර 10ක පරතරයක් බවයි කියවෙන්නෙ. අමිතාබ්ට 75යි ,රිෂී කපූර්ට 65යි. චිත්‍රපටයෙදිනම් ඔන්න අමිතාබ් කියන්නෙ ශතකයත් සම්පූර්ණ කල කෙනෙක්, හරියටම වයස අවුරුදු 102යි. එතකොට පුතා…එයාට අවුරුදු 75ක්. තාත්තයි පුතයි දෙන්නම ජ්‍යේෂ්ඨ පුරවැසියො. තාත්තගෙ නම තමයි දතත්‍රේ වකාරියා, පුතාගෙ නම බාබුලාල් වකාරියා. මේ තාත්තයි පුතයි දෙන්න තනිකරම එකිනෙකට වෙනස් චරිත දෙකක්. දිවියේ ශතකය සපුරල හිටියත් දතත්‍රේ වකාරියා හදවතින් තවමත් තරුණයි. බාබුලාල් එහෙම නෑ, එයා තමන් වයසයි කියල තදින්ම හිතාගෙන ඉන්න කෙනෙක්. මෙහෙම ඉන්න අතරෙ දතත්‍රේට අදහසක් එනවා ලෝකයේ වයස්ගතම පුද්ගලයා වීමේ වාර්තාවට උරුමකම් කියන්න. හැබැයි දතත්‍රේ හිතන විදියට ඒ ඉලක්කයට යන්න බාධාවක් නිවස ඇතුලෙම ඉන්නවා.. මම එතනින් එහාට කියන්නෙ නෑ එහෙනම්. Imdb අඩවියෙන් 7.6ක අගයක් ලබා, Rotten tomatos වෙතින් 71% ක අගයක්ද ගූගල් පරිශීලකයන් 93%ක ප්‍රසාදයද ලබා ඇති අමිතාබ් බච්චන්, රිෂී කපූර් , ජිමිත් ත්‍රිවේදී, ධර්මේන්ද්‍ර ගෝලි ආදී නළු නිළි පිරිසකගේ රංගන දායකත්වයෙන් හැඩවී සෞම්‍ය ජෝෂිගේ රචනයෙන් සහ උමේෂ් ශුක්ලාගෙ අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වුණ මේ චිත්‍රපටය මෙහි ධාවන කාලයවන පැයකුත් විනාඩි 43ක කාලය ඔබව විටෙක කඳුලිනුත් විටෙක සිනහවෙනුත් පුරවන්න සමත් බවත් කියන්නම ඕනෙ.එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!
Supiri 👆💪💪
ela patta………..
කොරියන් ෆිල්ම් ටිකක් තියේනම් දෙන්නකො හොද…
කොරියන් එක්ක බැලුවෙම නෑ මිතුන් ටික දවසකින්. හොයල බලන්න ඕනෙ හොඳ එකක්. දෙන්නම් අනිවාර්යයෙන්ම.
Ela saho thanks