Home Movies English Movies 16 Blocks (2006) Sinhala Subtitle

16 Blocks (2006) Sinhala Subtitle

මේ වතාවෙ අරගෙන එන්නෙ බෲස් විලීස් රඟපාන චිත්‍රපටියක්, තිරගත වෙලා තියෙන්නෙ 2006 වසරේ වන අතර IMDB අගය 6.6ක් විදියට ලබාගන්නත් සමත් වෙලා තියනවා. හොඳම සහය නළුවා ඇතුළු සම්මාන දෙකකට නිර්දේශ වි තිබෙනවා.මෙහි අධ්‍යක්ෂණය රිචඩ් ඩොනර්ගෙන් වන අතර රංගනයෙන් දායක වන්නේබෲස් විලීස්, යෙසින් බේ, ඩේවිඩ් මෝස් ඇතුළු නළු නිළි කැලක්…

කතාව සැකෙවින් මෙහෙමයි… ජැක් මෝස්ලි (බෲස් විලීස්) කියන්නේ තදින්ම බීමට ඇබ්බැහි වුණ පොලිස් නිලධාරියෙක්,කකුලෙත් පොඩි කොරයක් තියනවා , ඔහු රාජකාරි වෙලාවෙත් බීමතින් තමයි ඉන්නෙ. දවසක් රාජකාරීනිමවෙලා නිවසට යන්න සූදානම් වෙන ඔහුට හදිසි රාජකාරියක් බාර වෙනවා, ඒ තමයිසිරභාරයේ ඉන්න රජයේ සාක්ෂිකරුවෙක්ව උසාවියට ගෙනයාම. උසාවියටත් ලොකු දුරක් නෑ.ජැක් බොහොම වෙහෙස වෙලා හිටියත් කරන්නම දෙයක් නැති තැන සාක්ෂිකරුව උසාවියට එක්ක යන්න බාර ගන්නවා, හැබැයි ඒ පොඩි දුර යන්න හිතපු තරම් ලේසි වෙන්නෙ නෑ. නරඹලම බලන්න මොකද වෙන්නෙ කියල…

මේකෙ රූගත කිරීම්වලදි කොරගැසීම හරියාකාරව කරන්න බෲස්විලීස් තමන්ගෙ එක සපත්තුවක් ඇතුලට ගල් කැටයක් දාගෙන තමයි රූගත කිරීම්වලට සහභාගි වෙලා තියෙන්නෙ.සාක්ෂිකරුගේ චරිතයට ලුඩ්‍රික්ස්ව යොදාගන්න කියල බෲස් විලීස් ඉල්ලල තිබුනත් අවසානයේ චරිතය හිමිවෙන්නෙ යෙසින් බේට.ඔහු තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් කරල තියන බව ඔබට මෙය නැරඹුවාම වැටහේවි…මේකත් ගෙදර අය එක්ක බය නැතුව බලන්න පුළුවන්, කිසිම ලිංගික දර්ශනයක් නෑ…

  • Details 
  • Trailer
  • Download links 

Year : 2006

Rating : 6.6

Genre : Action, Crime, Drama

Actors : bruce willis, yasiin bey, david morse, jenna stern

Writer : richard wenk

Director : richard donner

Plot : An aging alcoholic cop is assigned the task of escorting a witness from police custody to a courthouse 16 blocks away. There are, however, chaotic forces at work that prevent them from making it in one piece.




සිංහල උපසිරැස Download කරගන්න 343 times


Total Subtitles :108 (Movies : 72 | Tv Episode : 36 )
Joined Date:2016-Oct-29

Subz LK වෙබ් අඩවිය වෙනුවෙන් හසිත ප්‍රසාද් කල උපසිරැසි නිර්මාණයකි

මෙම උපසිරැස extract කිරීමේදී ඔබට යම් ගැටළුවක් මතු වේ නම් පමණක් පහතින් ඇති click me කියන button එක click කර න්න ..ඉන් ඔබට මෙම කොටසෙහි මෙම උපසිරැසට අදාළ link එක ලැබේවි ..එය click කර උපසිරැස ලබා ගන්න ..එහිදී ද ඔබට empty(හිස් ) උපසිරැසක් ලැබේ නම් .අප හට දන්වන්න

subzlk web

මේවත් බලන්න

Tiger Zinda Hai (2017) Sinhala Subtitle

හොදයි යාළුවෙනේ එහෙනම් සුබ දවසක් කියලා…ඔයාලා වෙතට තවත් අළුත් උපසිරසක් අරගෙන ආවා…විශේෂය කියන්නේ එකම දවසේ …

Comment කිරීමට පෙර මේ ලිපිය කියවන්න: මේ ලිපිය කියවන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *