Days Of Glory (2006) Sinhala Subtitle

Published March 22nd, 2024 by

දෙවන ලෝක යුධ සමයේ 1943 දී, ප්‍රංශ යටත් විජිතවලින් ස්වදේශිකයින් විශාල පිරිසක්, නාසි ජර්මනියට එරෙහිව අනෙකුත් මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව සටන් කිරීමට ප්‍රංශ හමුදාවට බඳවාගන්නා ලදි. ඔවුන්ට සහෝදර ප්‍රංශ සෙබලුන්ගේ සහ පාලනාධිකාරියේ බොහෝ වෙනස්කම්, අසාධාරණකම්, කෙණෙහිලිකම් වලට මුහුණ දීමට සිදුවිය. හමුදාව ප්‍රධාන අංග දෙකකින් සමන්විත විය. පයිඩ්ස්-නොයර්ස්, එනම් බොහෝ දුරට යුරෝපීය සම්භවයක් ඇති අය සහ ස්වදේශිකයන්, වැඩි වශයෙන් අප්‍රිකානු සම්භවයක් ඇති අයයි. ස්වදේශිකයන් ( Indigenes ) ප්‍රධාන කණ්ඩායම් තුනකින් සමන්විත විය. ඇල්ජීරියානුවන්, මොරොක්කානුවන් (ගොමියර්වරුන් ලෙස හැඳින්වේ) සහ අප්‍රිකානුවන් (සෙනෙගාලියානු ටිරේලියර්ස් ලෙස හඳුන්වනු ලබන) වේ.
මෙසේ විවිධ ප්‍රදේශ වලින් පැමිණ ප්‍රංශ හමුදාවට එකතුවුනු ස්වදේශිකයින් පස් දෙනෙක් තමයි අබ්දෙල්කාදර්, සයිඩ්, මෙසාවුඩ් සූනි, යසීර් සහ ලාර්බී. හැමෝම අන්ත දුප්පතුන්. මොවුන්ගෙන් අබ්දෙල්කාදර් කියන්නෙ ඇල්ජීරියානු හමුදාවෙ කෝප්‍රල් කෙනෙක්. අනිත් අය සාමාන්‍ය වැසියන්. අබ්දෙල්කාදර් නිතරම අසාධාරණය වෙනුවෙන් සටන් කරන, සමානාත්මතාවය සහ සහෝදරත්වය බලාපොරොත්තුවන කෙනෙක්.
ඉතින් ඔවුන් ඇතුලු සමස්ත උතුරු අප්‍රිකානු සොල්දාදුවන් ප්‍රංශය වෙනුවෙන් ප්‍රංශ හමුදාවන්ට දැක්වූ දායකත්වය සහ ඔවුන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව කතා කළ ප්‍රංශ සිනමා නිර්මාණයක් 2006 වසරේ නිකුත්වුනා. ඒ තමයි Days of Glory. එහෙම නැත්නම් Indigenes ( ප්‍රංශ ). මුලින්ම තිරගත වුනේ 2006 සැප්තැම්බර් 27 දිනයි. ධාවන කාලය පැය 2 විනාඩි 05 යි. Action, Drama, War විදිහට වර්ග කලත් සාම්ප්‍රදායික යුධ චිත්‍රපටවලින් වෙනස්වූ නිර්මාණයක්. 7.0/10 ක IMDb අගයක් ලබාගැනීමට මෙන්ම Rotten Tomatoes මීටරයත් 83% කට කරකවන්නට සමත්වූ මෙය ඇ.ඩො. මිලියන 22.5 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත්තා පමණක් නොව ලොව පුරා සම්මාන උලෙළවල් රාශියකම නියෝජනය වුනා. නළු නිළියන් වූ Jamel Debbouze, Samy Naceri, Roschdy Zem, Sami Bouajila සහ Bernard Blancan ඔවුන්ගේ රංගනයන් වෙනුවෙන් 2006 Cannes චිත්‍රපට උළෙලේදී හොඳම නළු සම්මාන දිනා ගත් අතර, චිත්‍රපටය François Chalais සම්මානය දිනා ගන්නා ලදි. එය හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා වන ඇකඩමි සම්මානය සඳහා ද නිර්දේශ වූ අතර The Lives of Others නම් ජර්මන් චිත්‍රපටයට පරාද විය.
1959 දී, නිදහස ලැබීමට ආසන්නව සිටි ප්‍රංශ යටත් විජිත වලින් පැමිණ සේවය කල පාබල හමුදා සෙබලුන්ගේ විශ්‍රාම වැටුපෙන් කොටසක් පමණක් ගෙවීමට නීතියක් සම්මත විය. 2002 ජනවාරි මස, දීර්ඝ නඩු විභාගයකින් පසු සම්පූර්ණ විශ්‍රාම වැටුප ගෙවන ලෙසට ප්‍රංශ රජයට නියෝග කරන ලදි. නමුත් බලයට පත් වූ ආණ්ඩු එම ගෙවීම් නොතකා හැරි නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් පසු රජයේ ප්‍රතිපත්ති වෙනස් විය. ඒ අනුව එම ස්වදේශික සොල්දාදුවන්ට තම සම්පූර්ණ විශ්‍රාම වැටුප ලබාගැනීමට Days of Glory අර්ධ වශයෙන් දායක විය. Rachid Bouchareb විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙහි රංගනයෙන් දායකවෙන්නේ Jamel Debbouze (සයිඩ්), Samy Naceri (යසීර්), Roschdy Zem (මෙසාවුඩ් සූනි), Sami Bouajila (අබ්දෙල්කාදර්), Bernard Blancan (සාජන්ට් රොජර් මාටිනස්) සහ Assaad Bouab (ලාර්බි). ඒ වගේම Inglourious Basterds [2009], Enemy (2013), Now You See Me (2013) යන චිත්‍රපට වලින් ඔබ දුටු ජනප්‍රිය ප්‍රංශ නිළි Mélanie Laurent ද මෙහි සුලු චරිතයකට පෙනී සිටිනවා.
දෙවන ලෝක සංග්‍රාමයේදී, උතුරු අප්‍රිකානුවන් ප්‍රංශ හමුදාවට බැඳෙන්නේ එම රට ජර්මානු පීඩනයෙන් නිදහස් කර ගැනීමට සහ ප්‍රංශ වෙනස්කම්වලට එරෙහිව සටන් කිරීමටයි. ඔවුන් කිසිදා නොදුටු රටක් වෙනුවෙන් නිර්භීතව සටන් කළද, ඔවුන්ගේ ප්‍රංශ සගයන්ගෙන් ආගම්වාදයට සහ අසාධාරණ සැලකීමට මුහුණ දෙන්නට සිදුවුනා.මෙසාවුඩ් සූනි තම ආදරවන්තියට යැවූ ලියුම් පවා, ඇයට නොයවා කුණු බක්කියට දාන්න තරම් ප්‍රංශ නිළධාරීන් ඔවුන්ව පහත්කොට සැලකුවා. අබ්දෙල්කාදර් වැනි ඇතැමෙක් විශ්වාස කලේ සමානාත්මතාවය දිනාගැනීමට ඇති එකම මාර්ගය ප්‍රංශය වෙනුවෙන් සටන් කිරීම බවයි. නමුත් තමන්ගේ අරාබි සම්භවය සඟවා, තමන්ගෙම මිනිසුන්ට නරක ලෙස සලකපු සාජන්ට් මාර්ටිනස් වගේ අයත් හිටියා. මේ හැමෝගෙම ඇතුලාන්ත කතාවයි “ඩේස් ඔෆ් ග්ලෝරි”.
මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් හෝ වචනයක් නොමැති බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෙ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. බඩුම තමයි.

ජය වේවා.

QUALITY // 480p – 540mb // 720p – 1.1gb // 1080p – 2.3gb

SUB FORMAT // SRT

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

US

Download Links:

Download Torrent BRRip BRRip පිටපත 1100 MB Download Direct BRRip BRRip පිටපත 540 MB mega Download Direct BRRip BRRip පිටපත 1100 MB usersdrive Download Direct BRRip BRRip පිටපත 2300 MB Terabox
Download

Days Of Glory (2006) Sinhala Subtitle

Download: 91

File size : 25.2 KB

Rasika Samanjith

TV EPISODES : 0
MOVIES : 124
7
0%
0%

Comments: 4

  • Buddhika laKMal

    ස්තූතියි සහෝ උපසිරැසියට

    2024-03-23 at 8:17 am
    Reply
  • Anthony Morningstar

    උපසිරැසියට බොහෝම ස්තුති සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    2024-03-31 at 9:44 pm
    Reply
  • Ishan

    බොහෝම ස්තූතියි…

    2024-04-05 at 11:24 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip