Trending

8MM (1999) Sinhala Subtitle

50 Views
පරණ 8mm චිත්‍රපටයක රැඳි රහස

      ප්‍රතිභාපූර්ණ හොලිවුඩ් රංගන ශිල්පියෙක් වන නිකොලාස් කේජ්ගෙ සුපිරි Crime / Thriller / Drama / Mystery සලරුවක් තමයි අද අරගෙන ආවෙ. ඒ තමයි 8MM නොහොත් 8 Millimeter. මුලින්ම තිරගත වුනේ 1999 පෙබරවාරි 26 එක්සත් ජනපදයේදි. ධාවන කාලය විනාඩි 123 යි. ඇ.ඩො.මිලියන 96.6 ක බොක්ස් ඔෆීස් ආදායමකුත් උපයාගෙන තියෙනවා. Nicolas Cage (ටොම් වෙල්ස්) සමග රංගනයෙන් එකතු වෙනවා Joaquin Phoenix (මැක්ස් කැලිෆෝනියා), James Gandolfini (එඩී පූල්), Peter Stormare (ඩිනෝ වෙල්වට්), Catherine Keener (ඇමී වෙල්ස්) සහ Amy Morton (ජෙනට් මැතිව්ස්). මෙහි චිත්‍රපට නිලියගේ චරිතය වන මේරි ඈන් මැතිව්ස් ලෙස රඟපාන Jenny Powell ඇත්තටම රංගන ශිල්පිනියක් නොවන අතර ඇය සැබෑ ජීවිතයේදී ස්ට්‍රිපර් කෙනෙක් ( සමාජශාලාවල අඩ නිරුවත් නර්තනයන් ඉදිරිපත් කරන්නියක් ). ඇයට තිබූ මෙහි වින්දිතයාට ගැලපෙන පෙනුම නිසා අධ්‍යක්ෂක, Joel Schumacher විසින් ඇයට මේ අවස්ථාව ලබාදී තියෙනවා.
මිස්ට ක්‍රිස්ටියන් කියන්නෙ කර්මාන්ත ක්ෂේත්‍රයේ රජෙක්. ඉහළම ධනපතියෙක්. 81 වියේදි ඔහු මියයනවා. ඔහුගේ පෞද්ගලික සේප්පුවක තිබිලා ඔහුගේ බිරිඳට හමුවෙනවා 8 මිලිමීටර් වර්ගයේ චිත්‍රපට දලසේයා පටයක් (ෆිල්ම් රීල් එකක්). ඒකෙ තියෙන්නෙ ලිංගික හිරිහැර සහිතව, තරුණ ගෑනු ළමයෙක්ව බැඳලා, කපල කොටල මරණ දර්ශනක චිත්‍රපටයක්. ගොඩක් ඇත්ත වගේම පේන එකක්. ක්‍රිස්ටියන් මහත්මියගේ හිතට මේක ලොකු වදයක් වෙනවා. ඇය මේ ගැන හොයන්න බාරදෙනවා පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වන ටොම් වෙල්ස්ට. ඇයට ඕන කරන්නෙ මේ චිත්‍රපටය බොරු එකක් බවට සාක්ෂියක් විතරයි. ඒ එයාගෙ හිත නිදහස් කරගන්න. වැඩේ බාර අරගෙන යන වෙලාවෙත්, ඇය ටොම්ට කියන්නේ “ප්ලීස්, එයාව පණපිටින් හොයාගන්න” කියල. ඒත් ටොම් මේ විමර්ශනය ගැන වැඩි විශ්වාසයක් තියන්නෑ. පරණ ෆිල්ම් එකක්. අවුරුදු කොච්චරක් පරණද දන්නෑ. කිසිම නමක් ගමක් නෑ. මරන පුද්ගලයාත් වෙස්මුහුණක් දාගෙන ඉන්නෙ. ඉදිරියට යන්න තියෙන එකම හෝඩුවාව ඒ ගෑණු ළමයගෙ මූණ විතරයි. එහෙම පටන්ගත්තු ඒ විමර්ශනය ටොම්, මිසිස් ක්‍රිස්ටියන් ඇතුලු හැමෝගෙම ජීවිතවල ඉරණම ඛේදජනක ලෙස වෙනස් කරයි කියල ඒ කවුරුවත් හිතුවෙ නෑ. ඉතින් ඒ කුතුහලය එහෙමම තියල මම නවතින්නම්.

විශේෂයෙන් කියන්න ඕනෙ මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.

ජය වේවා.

Quality // 720p – 1GB // 1080p – 2GB

♣♣ BRRip / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
185 Movies
0 TV Series
185 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search