Cell 211 (2009) Sinhala Subtitle
ආයුබෝවන් අදත් අපේ Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අදත් මේ එන්නෙ ජනප්‍රිය ස්පාඤ්ඤ චිත්‍රපටයකට උපසිරැසි අරගෙනයි. මේ චිත්‍රපටය නමින් Cell 211 ස්පාඤ්ඤ බසින්නම් Cellda 211. මේක මම කාලෙකට කලින් බලපු ඒ වගේම මේ මෑතක් වන තුරුම මගේ චිත්‍රපට ගොණුවෙ තිබූ එකක්. අපේ මිතුන් සහෝදරයා සහ සුමින්ද සහෝදරයා යන දෙදෙනාම මේ චිත්‍රපටයේ උපසිරැසිය ඉල්ලා සිටි නිසා මම තීරණය කලා නැවතත් චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරල උපසිරැසිය කරන්න ඕනෙ කියල. මම ඒ දවස්වල මේක බැලුවෙ Avi වීඩියෝ පිටපතකින් වුණත්, මේ වෙනකොට Mkvcage වෙතින් ඉතාම හොඳ තත්වයේ පිටපතක් නිකුත් වෙලා තියන එක බොහොම සතුටට කාරණයක්. ඒ ගැන මට කිව්ව මිතුන් සහෝදරයට සහ සුමින්ද සහෝදරයට බොහොම ස්තූතියි. කොහොමවුණත් මේ චිත්‍රපටයට නිකුත් වෙලා තියන ඉංග්‍රීසි උපසිරැසිනම් ඒතරම් සතුටුදායක මට්ටමක නෑ. මම පුළුවන් උපරිම උත්සාහ කලා කතාවෙ නියම රසය ඕගොල්ලන්ට දෙන්න. බලල කියන්න තත්වෙ. දැන් ඒ කතා ඇතිනෙ,නේද? අපි යමු චිත්‍රපටය පැත්තට… සැමෝරා බන්ධනාගාරය….ස්පාඤ්ඤයේ ප්‍රධානපෙලේ බන්ධනාගාරයක්.. සාමාන්‍ය ඝනයේ සිරකරුවන් සහ ඉතාම දරුණු ඝනයේ සිරකරුවන් යන දෙකොට්ඨාසයම වෙන් වෙන්ව මේ බන්ධනාගාරයේ සිටිනවා. ඒ වගේම 24 පැය සිරකරු හැසිරීම් අධීක්ෂක වැඩසටහනක් පවා මේ බන්ධනාගාරයේ ක්‍රියාත්මකයි. අද එහි තවත් එක් සාමාන්‍ය දිනයක්.
හැබැයි ජුවාන් ඔලිවර්ට එහෙම නෑ, ඒ ඔහු මේ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් ලෙස හෙට දිනයේ සේවයට එක්වෙන්න සිටින නිසයි. නමුත් තමන්ගේ රාජකාරියේ ස්වභාවය හඳුනා ගැනීම සඳහා ඔහු අද බන්ධනාගාරය වෙත යනවා…නමුත් මේ තමන්ගේ ජීවිතයේ එක් තීරණාත්මක දවසක් වෙන බව ජුවාන් දන්නෙ නෑ.. එහෙනම් මම ඊට වඩා යමක් කියන්නෙ නෑ, ඉතිරිය නරඹන ඔබට බාරයි….
Daniel Monzónගේ අධ්‍යක්ෂණයෙන් සහ Luis Tosar ( මලාඩ්‍රේ), Alberto Ammann(ජුවාන් ඔලිවර්), Antonio Resines(උත්‍රිලා ),Manuel Morón( අර්නෙස්ටෝ අල්මන්සා), Carlos Bardem (අපාචි), Marta Etura (එලේනා) ආදී නළු නිළි රැසකගේ රංගනයෙන් හැඩවූ මේ චිත්‍රපටය 7.7ක් වැනි විශාල Imdb අගයක්ද ,Rottentomatos වෙතින් 97%ක් වැනි ඉතාම ඉහල අගයක්ද ලබා ගූගල් පරිශීලකයන් 92%කගේද ප්‍රසාදය දිනාගන්නට සමත්ව තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙය දිනා ඇති සම්මාන සංඛ්‍යාව ගණනින් 34ක්.තවත් 20කට නිර්දේශ වන්නටත් සමත්කම් දක්වා තිබෙනවා. ඊට වඩා කියන්න දෙයක් නෑනෙ , හිතාගන්න පුළුවන්නේ…කිසිම සැකයක් නෑ Prison ෆිල්ම්වලට කැමති අයට මේක හරියටම හරියන චිත්‍රපටයක් වේවි. එහෙනම් මම ගිහින් එන්නම් ,ආපහු දවසක තවත් උපසිරැසියකින් හමුවන තෙක්.
විශේෂයි :-
උපසිරැසියේ ETA නම් ත්‍රස්ත සංවිධානයක් ගැන සඳහන්. ඒක ස්පාඤ්ඤයට මහත් හිසරදයක්ව සිටි බෙදුම්වාදී සන්නද්ධ සංවිධානයක්.ස්පාඤ්ඤයට අයත් බාස්ක් (Basque) නම් ස්වාධීන ප්‍රදේශය ස්පාඤ්ඤයෙන් මුදාගැනීමට පිහිටුවාගත් එකක්. 2011 වසරේදී සටන්
අත්හැරි ඔවුන් මේ වනවිට ස්වකැමැත්තෙන් තම ආයුධද රජය බාරයට පත්කර ඇත.
Thnxxxxxxxxxxxx
prison break බැලුවට පස්සෙ prison එව බලන්න ලොකු අසාවක් ආව green mile,shawshank redemptio silvester ගෙ escape plan වගෙ එව බලල තියනව මේකත් හොද එකක් වගෙ? ස්තුති?
කොහොම Prison ෆිල්ම් ආවත් Green Mile , ShawShank Redemption දෙක ලඟින් තියන්න එකක්වත් නෑ
මම හිතන්නෙ. බලල කියන්නකො ෆිල්ම් එකේ තත්වෙ. බොහොම ස්තූතියි, මිත්‍රයා 🙂
Elama saho thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තුතිය සබ් එකට.සබ් එක දෙනකන් බලන හිටියේ
Potters Ground (2021)