Kill’em All (2017) Sinhala Subtitle
පිලිප්ගේ (J.C. Van Damme) තාත්තා තිබුණ යුගෝස්ලාවියාවේ මාධ්‍යවේදියෙක්. සර්බියාව වෙනම රටක් වෙන්න යුද්ධ කරන්න පටන් ගත්තට පස්සේ යුද්දෙට විරුද්ධව කථා කරපු පිලිප්ගේ තාත්තාව කවුදෝ මරනවා. පිලිප්ගේ අම්මටත් තර්ජන ආවාට පස්සේ පිලිප්ව රටින් පිට යාලුවෙක්ට හදා ගන්න දෙන පිලිප්ගේ අම්මා දිවි නසා ගන්නවා. ලොකු වෙන පිලිප් සර්බියාවේ හිටපු ඇමති දිමිත්‍රි පෙට්‍රොවික්ගේ ආරක්‍ෂක කණ්ඩායමට එකතු වෙන්නේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන.
දවසක් දිමිත්‍රිටයි, පිලිප්ටයි අනතුරක් වෙනවා. දිමිත්‍රිට වෙඩි වදිනවා. පිලිප්ට තුවාල වෙනවා. දෙන්නාවම රෝහලට අරගෙන ආවාට පස්සේ දිමිත්‍රිගේ ආරක්‍ෂක කණ්ඩායමේ අනෙක් අය රෝහලට එන්නේ පිලිප්ව මරන්න.
ඇයි ඒ.?
පිලිප්ට බෙහෙත් කරන රෝහලේ හෙදිය සුසෑන් (Autumn Reeser) එක්ක එකතු වෙලා පිලිප් එයාව මරන්න එන අයගෙන් බේරෙන්න උත්සහා කරනවා.
ඊට පස්සේ මොකද වෙන්නේ.?
පිලිප්ටයි සුසාන්ටයි බේරෙන්න පුළුවන් වෙයිද.?
කවුද මේ සර්බියාවේ හිටපු ඇමති දිමිත්‍රි පෙට්‍රොවික්.?
Peter Malota ගේ අධ්‍යක්ෂණයෙන් 2017 ජුනි 6 වෙනිදා ඇමරිකාවේදී පෙන්නන්න පටන් ගත්ත මේ චිත්‍රපටියේ ඉන්නේ අපි පොඩිකාලේ ඉඳලාම ආදරය කරන බෙල්ජියම් ප්‍රවීන සටන් නළු J.C. Van Damme. ආ.. J.C. Van Damme ගේ පුතා Kris Van Damme දුසාන්ගේ චරිතය මේකේ රඟපානවා. ඒ වගේම ප්‍රවීන නළු Peter Stormare මේකේ රඟපානවා.
ඔයාලත් බලන්න. හොඳ action චිත්‍රපටියක්. එහෙනම් තවත් හොඳ චිත්‍රපටියකින් හම්බවෙමු.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
උපසිරැසියට ගොඩක් ස්තුතියි. බුදු සරණයි – දෙවි පිහිටයි..!
patta kollo patta jeena inawane
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,ජයෙන් ජයම වේවා…!!
මේක බලලා ගොඩක් කල් වෙනවා බං.පට්ට ෆිල්ම් එක
hei kollanee mama kalaka idanma sub gannawa cmment 1k damanna kalpana kala 2018 02 23 ada dinavade nam niyamai ela kiri okkotama jayen jaya vewa hindi sub dana kattiya hakinam 2004 rudraksha film 1 ta sub damannatavat matak unot kiyannam a.r.p kalutara bombuwala