Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Genres
  • Action
  • Sicario: Day of the Soldado…

Sicario: Day of the Soldado (2018) Sinhala Subtitle

September 13, 2018 Junior Admin

    ආයුබෝවන් අදත් ඔන්න අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් තමයි මේ ඉෂ්ට කරන්න හදන්නෙ. ඒ නිසා මුලින්ම ස්තූතිය ඔහුට. මේ තමයි 2015 වසරේ තිරගත වූ Sicario චිත්‍රපටයේ දෙවන නිමැවුම Sicario- The Day Of Soldado (2018). මේ කතා දෙකේ එකිනෙක යම් සම්බන්ධකම් තියෙන නිසා මුල් චිත්‍රපටය නරඹලා නැති අය ඉන්නවනම් මුලින්ම එය නරඹල එන්න , ඒ වගේම ලිපිය මින් ඉදිරියට කියවීම ඒ අයගේ රසවින්දනයට බාධාවක් විය හැකියි. මං කතාව පටන්ගන්නම් 2015 වර්ෂයේ තිරගතවූ මුල් චිත්‍රපටයෙන්ම. ක්‍රියාදාම, අපරාධ, නාට්‍යමය යන තුන් වර්ගයටම අයත් වුණ Sicario(2015) චිත්‍රපටය ටයිලර් ෂෙරිඩන්ගේ රචනයෙන් අධ්‍යක්ෂ ඩෙනිස් විලනිව්ගේ අධ්‍යක්ෂ දායකත්වයෙන් නිමවුණ එකක්. ඩෙනිස් විලනිව් කිව්වම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ Blade Runner 2049 එහෙම ඔහුගේ තමයි. නරඹපු සියලු දෙනාගේම මතකයේ නොමැකෙන විදියට සටහන් වුණ Sicario (2015) චිත්‍රපටයේ එන දේශසීමාව අසල වාහන තදබදය අවස්ථාව එහෙම චිත්‍රපටය නරඹපු අයට කිසිදාක අමතක වෙන එකක් නැහැ. ආයිත් ඒක බලන්න කැමතිනං මෙන්න ඒක. කොහොමින්හරි ත්‍රාසයෙන් භීතියෙන් උපරිමව පිරුණ ,ඔස්කා සම්මාන තුනකට පවා හිමිකම් කියපු මුල් චිත්‍රපටය තිරගතවී දැනට වසර තුනක් පමණ ගෙවී ඇති නිසා මම මේ හදන්නෙ චිත්‍රපටය නරඹපු නමුත් දැන් කතාව අමතක අයට පොඩි ආරම්භයක් අරගෙන දෙන්නයි.

                                SICARIO (2015) RECAP

ඇරිසෝනා ප්‍රාන්තයේ චැන්ඩ්ලර්හීදී FBI නියෝජිත කේට් මේසි (එමිලි බ්ලන්ට්) සහ රෙජී වේන් විසින් මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම් කාටෙලයක බවට සැකකෙරෙන ආරක්ෂිත නිවස්නයක් වටලනවා. එම නිවස තුල තිබී ඔවුන්ට මලසිරුරු බොහෝ ගණනක් හමුවෙනවා, ඒ වගේම එහි අටවා තිබූ බෝම්බයකට අසුව නිලධාරීන් දෙදෙනෙකුද මියයනවා. මේ මෙහෙයුමෙන් පසුව කේට්ගේ ඉහල නිලධාරියා ඇයව  නිර්දේශ කරනවා අධිකරණ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ විශේෂ කාර්ය බලකායකට, එහි ප්‍රධානියා වෙන්නෙ මැට් ග්‍රේවර් ( ජොෂ් බ්‍රොලින්). ඔවුන්ට පැවරෙන කාර්යය වෙන්නෙ සෙනෝරා කාටලයේ  මැනුවෙල් දියෙස්ව අත්අඩංගුවට ගැනීම.

මෙහෙයුම සඳහා ටෙක්සාස් ප්‍රාන්තයේ එල් පාසෝ වෙත ගුවනින් ගමන් කරද්දි කේට්ට අඳුනාගන්න ලැබෙනවා මැට් ග්‍රේවර්ගෙ අභිරහස් සගයා, ඇලහැන්ඩ්‍රෝ ගිලික්ව (බෙනීෂියෝ ඩෙල් ටෝරෝ). එල්පාසෝවලදී නිලධාරීන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් ඔවුන්ට එකතු වෙනවා. ඔවුන් මෙක්සිකෝවේ සියඩෑඩ් යුවාරෙස් වෙත ගමන් කරනවා මැනුඑල් දියෙස්ගේ සොහොයුරා මෙන්ම කාටෙලයේ ප්‍රධාන චරිතයක් වන ගිලෙමෝ දියෙස්ව ඇමරිකාවට රැගෙන එන්නට.දේශසීමාව අසලදී ප්‍රහාරයකට කොටුවන මේ පිරිස අතින් මෙක්සිකානු කාටෙල වෙඩික්කරුවන් රැසක් මියයනවා. එක්සත් ජනපද හමුදා කඳවුරකදී ගිලෙමෝට වධහිංසා පමුණුවන ඇලහැන්ඩ්‍රෝ ඒ මගින් දැනගන්නවා කාටෙලයන් විසින් එක්සත් ජනපදය තුලට මත්ද්‍රව්‍ය ආදිය ප්‍රවාහනය කිරීමට යොදාගන්නා රහස් උමගක් ගැන.

කොහොමහරි මේ කණ්ඩායම ක්‍රියාකරන ආකාරය ගැන පැහැදීමක් නැති කේට් ,ඔවුන් යොදාගන්නා ක්‍රම සහ විධි ගැන ප්‍රශ්ණ කරන්න ගන්නවා. ඒ වගේම ඇයට සැකයක් තිබෙනවා ඇලහැන්ඩ්‍රෝ සැබෑවටම වැඩ කරන්නේ තමන්ට නොවෙන බව.

කණ්ඩායම රැඳවුම්භාරයේ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිරිසකගෙන් ප්‍රශ්ණ කිරීමට ඇරිසෝනාවට යනවා. එහිදී රෙජී සහ කේට් අහනවා මැට්ගේ සැබෑ සැලැස්ම ගැන. එතනදී මැට් එලිදරව් කරනවා තමන්ගේ සැබෑ සැලැස්ම වුණේ දියෙස්ව අත්අඩංගුවට ගැනීම නොව ඔහුගේ ප්‍රධානියා වන සොනෝරා කාටලයේ නායක ෆොස්ටෝ ඇලකන් විසින් ඔහුව ආපසු මෙක්සිකෝවට කැඳවන තෙක්ම මත්ද්‍රව්‍ය ජාවාරම කඩාකප්පල් කර, ඉන් පසු දියෙස් පසුපස ගොස් ෆොස්ටෝව අත්අඩංගුවට ගැනීම බව. ඉන්පසුව මේ කණ්ඩායම දියෙස්ගේ මුදල් විශුද්ධි කරන බැංකුවක් වටලනවා, කාටෙලයේ මුදල් සංසරණයට බාධා කිරීමට. නමුත් එය සාර්ථක වෙන්නේ නෑ ඉහලින් එන නියෝගයක් නිසා. මේ ගැන කළකිරීමෙන් තැබෑරුමක සිටින අතරේ රෙජී විසින් කේට්ව අඳුන්වා දෙනවාතම මිතුරෙකු වන ටෙඩ් නම් පොලිස් නිලධාරියෙකුට. කේට් යනවා ටෙඩ්ගේ නිවසට, එතනදී කේට් දැනගන්නවා ටෙඩ් රහසින් කාටෙලය සමග වැඩ කරන බව. ටෙඩ් විසින් කේට්ව මරාදැමීමට උත්සාහ කලත් එවෙලේම එතනට පැමිණෙන ඇලහැන්ඩ්‍රෝ එය වලක්වනවා. ඇලහැන්ඩ්‍රෝ සහ මැට් කේට්ට පවසනවා, බැංකු වැටලීමේදි කාටෙලය විසින් කේට්ව දැක තිබූ බැවින් නියත වශයෙන්ම ඇයව ඝාතනය කිරීමට කාටෙලය කටයුතු කරන බව දැන සිටි නිසා තමන් කේට්ව ඇමක් ලෙස භාවිතා කල බව. ඇලහැන්ඩ්‍රෝ සහ මැට් දෙදෙනා ටෙඩ්ටද වධහිංසා පමුණුවමින් දියෙස්ට වැඩ කරන අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ නම් ගම් දැනගන්නවා.

ඒ සමගම වාගේ මේ කණ්ඩායමට දැනගන්නට ලැබෙනවා තමන් බලාපොරොත්තු වූ ලෙසම දියෙස්ව මෙක්සිකෝවට කැඳවා ඇති බව. එහිදී කේට් කණ්ඩායම සමග වාද කරනවා මෙක්සිකෝව තුල මෙහෙයුමකට තමන්ට කිසිදු බලයක් නැති බවට. එතනදී මැට් පවසනවා තමන්ට රෙජීව සහ කේට්ව අවශ්‍ය වුණේ මෙහෙයුමට අවශ්‍ය නීතිමය පරිසරය සකසා ගැනීමට පමණක් බව. මෙයින් කෝපයට පත්වන රෙජී මෙහෙයුමෙන් ඉවත්ව යමුයැයි කේට්ට යෝජනා කලත්, කේට් කියන්නේ රහස් උමග අසල සිදුවන සැබෑ  ක්‍රියාකාරකම් හරියාකාරව දැනගැනීම සඳහා මෙහෙයුමේම රැඳී සිටිය යුතු බව.උමග අසල මෙහෙයුමේදී උමගේ සිටි සියලු දෙනා මරා දමන අතර ඇලහැන්ඩ්‍රෝ උමගේ මෙක්සිකානු අන්තය වෙත ලඟාවෙනවා.. එතනදී ඔහු විසින් දියෙස්ට වැඩ කරන තවත් දූෂිත පොලිස් නිලධාරියෙක් වන සිල්වියෝව පැහැරගන්නවා. ඒ සිදුවීම දකින කේට් උත්සාහ කරනවා ඇලහැන්ඩ්‍රෝව අත්අඩංගුවට ගැනීමට, නමුත් ඇගේ වෙඩි නොවදින කබායට වදින ලෙස ඇයට වෙඩි තබන ඇලහැන්ඩ්‍රෝ සිල්වියෝවත් රැගෙන පලායනවා.

ඇලහැන්ඩ්‍රෝ මෙලෙස නීතිවිරෝධී ලෙස හැසිරෙන්නේ තම කණ්ඩායමේ සහය ඇතිව බවත්, ඇලකොන් හෝ දියෙස්ට එරෙහිව නීතිමය මාර්ගයකින් කටයුතු කිරීමේ අදහසක්ද නොතිබුණ බවත් වටහාගන්නා කේට් සහ මැට් බහින්බස් වෙනවා, උමගේ එක්සත් ජනපද අන්තයේදී.එතනදී මැට් පැහැදිලි කරනවා තමන් උත්සාහ කරන්නේ මැඩෙලින් කාටෙලය පමණක් එක්සත් ජනපදය තුල ජාවාරම් සිදුකල කාලයට නැවත යාමට බවත් , එය එක්සත් ජනපද රජයට වාසිදායක වූ බවත්,ඇමරිකානුවන් කොකේන් භාවිතය නවත්වන තෙක් කල හැකි හොඳම දෙය එය බවත්.

                 ඒ වගේම ඔහු කේට්ට එලිදරව් කරනවා ඇලහැන්ඩ්‍රෝ මෙඩ්ලින් කාටෙලයට වැඩ කල
සිකාරියෝවරයෙක් ( කුලී ඝාතකයෙක්) බවත් , ඔහුව තම කණ්ඩායමට ගැනීමට හේතුව ඔහු ලවා සොනෝරා කාටෙලයේ ප්‍රධානී ඇලකොන්ව ඝාතනය කරවීමට බවත්, ඇලහැන්ඩ්‍රෝගේ බිරිඳ සහ දියණිය මරාදැමීමට නියෝගය දුන්නේද ඇලකොන් බවත්, ඒ නිසාම මෙය ඇලහැන්ඩ්‍රෝගේ පුද්ගලික එදිරිවාදිකමක් බවත්. සිල්වියෝවත් රැගෙන උමග අසලින් මෙක්සිකෝවට පලාගිය ඇලහැන්ඩ්‍රෝ සිල්වියෝ මාර්ගයෙන් දියෙස් සිටින තැනට ගොස්, සිල්වියෝව මරා දමා, දියෙස්ව ජීවග්‍රහණයෙන් අල්ලා ගෙන ඉන් අනතුරුව දියෙස් හරහා ඇලකොන්ගේ මන්දිරය අසලට ගොස් දියෙස්ව, මන්දිරයේ ආරක්ෂකයන් සියලු දෙනාව සහ ඇලකොන්ව ඔහුගේ දරුවන් බිරිඳ ඇතුළු මුළු පවුලම මරා දමනවා.

ඉන්පසුව කේට්ගේ නිවසට යන ඇලහැන්ඩ්‍රෝ ඇයට පිස්තෝලයක් පෙන්වා තර්ජණය කරනවා මෙහෙයුම නීත්‍යානුකූල එකක් බවට සහතික කල ලියවිල්ලකට අත්සන් කරන ලෙස. ඇලහැන්ඩ්‍රෝ එතනින් පිටව යද්දී කේට් ඔහුට වෙඩි තැබීමට පිස්තෝලය දිගුකලද ඇයගේ සිත එයට ඉඩදෙන්නේ නෑ.

චිත්‍රපටය අවසන් වන්නේ සිල්වියෝගේ වැන්දඹු බිරිඳ තම පුත්‍රයා පාපන්දු තරඟයක් ක්‍රීඩා කරන අයුරු නරඹන තැනකින්, එතනදි වෙඩි හඬක් ඇසීමෙන් තරඟයට බාධාවක් ඇති වුවත්, තරඟය දිගටම පැවැත්වෙනවා….

මේ ටික ලියන්න උදවු කරගත්තෙ මෙන්න මේ වීඩියෝව. මුළු චිත්‍රපටයම ලස්සනට පැහැදිලිව සාරාංශගත කරල තියනව මේ මිනිත්තු හතරක වීඩියෝව තුල.

                    Sicario: The Day of the Soldado(2018)

මේ කාලය වනවිට මෙක්සිකෝව එක්සත් ජනපදය අතර මත්ද්‍රව්‍ය ජාවාරම බොහොම නිවී සැනසිල්ලේ කෙරීගෙන යනවා. ඒ වගේම දේශසීමාව හරහා මෙක්සිකෝවේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් එක්සත් ජනපදයට රැගෙන ඒමත් අඩුනැතිවම සිදුවෙනවා. සියල්ලටම මෙක්සිකානු ජාවාරම් කල්ලි (කාටෙල) සෘජුවම සම්බන්ධයි. හැබැයි මේ සියල්ලම බොහොම නිහඬව සූක්ෂමව කෙරීගෙන යන්නෙ.කෙසේ හෝ මේ සියල්ල වෙනස් වෙන්නෙ එක්සත් ජනපදයේ කැන්සාස්සිටිවලට එල්ල වෙනබෝම්බ ප්‍රහාරයන් මාලාවක් සමගයි. එහි සුල මුල සොයාගෙන යන විට දැනගන්නට ලැබෙනවා මේ ප්‍රහාරය එල්ල කල ත්‍රස්ථාවාදීන් එක්සත් ජනපදයට පැමිණ තිබෙන්නේ මේ මිනිස් ජාවාරම්කරුවන්ගේ සහ කාටෙලවල සහායෙන් බවට..එතනදී ඇමරිකානු රජය නැවතත් පිහිට පතන්නේ මැට් ග්‍රේවර්ගෙන්මයි…

Imdbවෙතින් 7.3ක අගයක්ද Rotten Tomatos වෙතින් 63%ක අගයක්ද ලබා ගූගල්
පරිශීලකයන් 84%ක ප්‍රසාදයද සමගින් සම්මාන ද්විත්වයකටද නිර්දේශව ඇති මේ චිත්‍රපටය මෙවරනම් අධ්‍යක්ෂණය කරන්නෙ ඩෙනිස් විලනිව් නෙමෙයි, ඊට හේතුව වී ඇත්තේ ඔහු Blade Runner: 2049 චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කාර්යය නිසා කාර්යබහුලව සිටීමයි. මෙවර අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ ස්ටෙෆානී සොලීමා. ඒ වගේම බොහෝ අය බලාපොරොත්තු වූ කේට් මෙසී චරිතයත් මෙවර චිත්‍රපටය තුල දකින්නට නැහැ. රචක ටයිලර් ෂෙරිඩන් පවසා ඇත්තේ කේට්ගේ චරිතය මෙවර කතාවට එකතු කිරීමට හැකි තැනක් තමන් නොදුටු බවයි. රංගනයෙන් දායක වෙන්නෙ බෙනීෂියෝ ඩෙල් ටෝරො (ඇලහැන්ඩ්‍රෝ), ජොෂ් බ්‍රොලින් (මැට්ග්‍රේවර්), ඉසබෙලා මොනර් (ඉසබෙල් රේයස්) , ජෙෆරි ඩොනවන් ( ස්ටීව් ෆෝසින්), කැතරින් කීනර් (සින්තියා ෆෝ(ර්)ඩ්ස්, මැතිව් මොඩින් (ජේම්ස් රයිලි) වගේ නළු නිළියන් පිරිසක්. මුල් චිත්‍රපටයෙ රසිකයෙක් විදියට මට මෙවර චිත්‍රපටය දැනුනෙ හැබැයි මුල් නිර්මාණයට කල යම් අසාධාරණයක් විදියට. මම හිතන්නෙ Sicario (2015) රසිකයො ගොඩක් අය මාත් එක්ක එකඟ වෙයි ඒ කාරණයෙදි. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම තවත් උපසිරැසියකින්..

ස්පාඤ්ඤ භාෂා දෙබස්ද පරිවර්තනය කර ඇත.

WEB-DL සහ BLURAY පිටපත් ද්විත්වයටම උපසිරැසි උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය.

ඉහලින් ඇති ඩවුන්ලෝඩ් ලින්ක් එක WEB-DL පිටපතට වන අතර පහලින් ඇති ලින්ක් එක BLURAY සඳහා වේ.

විශේෂ :-

Sicario –
සිකාරියෝ යන නමේ තේරුම තමයි කුලී ඝාතකයා කියන එක. මෙය Sicarii (සිකාරි) යන හීබෲ වචනයෙන් උපන් වචනයක්. සිකාරි නමේ අර්ථය කිනිසිකරුවන් කියන එකලු, ඔවුන් දෙවන ටෙම්ප්ලර් සමයේ රෝමානුවන්ට එරෙහිව සටන් වැදුණ ප්‍රචණ්ඩකාරී යුදෙව් කණ්ඩායමක්.

Soldado –
ස්පාඤ්ඤ බසින් සොල්ඩාඩෝ කියන්නෙ සොල්දාදුවාට.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
12868 වාරයක්
Download Links
720P
TOR
720P
TOR
Available Torrents
720p bluray 1.03 GB
GET
1080p bluray 1.97 GB
GET
1080p bluray 2.56 GB
GET
2160p bluray 5.46 GB
GET
720p web 1.04 GB
GET
1080p web 1.98 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (25)
← Older
  • chamika Unregistered
    Windows 7 Firefox 60
    2018-09-14

    thanks elaaaaaaaaaaaaaa

    Reply
  • Gayan Unregistered
    Windows 7 Firefox 62
    2018-09-14

    Thank you bro.

    Reply
  • හසිත ප්‍රසාද් Junior Admin
    Windows 7 Opera 55
    2018-09-14

    ප්‍රතිචාර දැක්වූ සහ දක්වන සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි 👍❤

    Reply
  • silent$ Unregistered
    Android 4.4 Chrome 67
    2018-09-14

    Thanxxxxx

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 55
    2018-09-14

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 7 Firefox 57
    2018-09-14

    උපසිරැසියට ගොඩක් ස්තුතියි…ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..! බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Kavisha Methruwan Expert Subtitler
    Android 5.1 Chrome 54
    2018-09-15

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 68
    2018-09-15

    පට්ට ෆිල්ම් එක .❤️

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 68
    2018-09-21

    ඔන්න මෙක බ්ලුරෙ ආව සහෝ.._______++++ආපහු නම් ගන්න අදහසක් නැ Web-dl එක හොදටම හොදයි..ෆිල්ම් එකත් සුපිරි එකටම වැදුන හින්ද…මොකටත් අප්ඩෙට් එකක් දෙමු නෙද එක වටිනවනෙ

    Reply
    • හසිත ප්‍රසාද් Junior Admin
      Windows 7 Opera 55
      2018-09-24

      UPDATED 😉

  • niduk Unregistered
    Windows 7 Chrome 73
    2019-04-10

    නියමයි මට අද තමයි මේ සයිට් එක සෙට් වුනෙ.

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved