Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. John Wick: Chapter 3 – Parabellum…

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala Subtitle

July 16, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING 8.0
GENRES
ActionCrimeEnglish MoviesGenresMoviesThriller
CAST

Keanu Reeves, Halle Berry, Ian McShane, Laurence Fishburne

 

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ කියානු රීව්ස් රසිකයන්ට සුභ ආරංචියක් අරගෙන. John wick (2014), John wick: Chapter two (2017) නරඹපු හැම දෙනෙක්ම මග බලාගෙන හිටියෙ මේ වසරේ එහි තුන්වන චිත්‍රපටය එනම් John wick: Chapter 3 : Para-bellum(2019) චිත්‍රපටය නරඹන්න. කොහොමින්හරි මෙහි Hdrip පිටපතක් පසුගිය දවස්වල නිකුත්වුණා. රූප සහ ශබ්ද තත්වය ගැන ඒතරම් සෑහිමකට පත්වෙන්න බැරිවුණත් WEB-DL සහ BLURAY පිටපත් නිකුත්වෙනතෙක් මේ පිටපතෙන් සැහීමකට පත්වෙන්න වෙනවා. WEB-DL හෝ BLURAY පිටපත් එනතෙක් ඉවසා සිටිය නොහැකි අයටයි මේ. අනිත් අය මදක් රැඳී ඉන්න එම පිටපත් නිකුත්වුණ සැනින් අදාල යාවත්කාලීන කිරීම් කරනවා අනිවාර්යයෙන්ම.

BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.

හරි එහෙනම් අපි දැන් චිත්‍රපටය පැත්තට යමු, ඊට කලින් අපේ ඇඩ්මින් මණ්ඩලයේ පසිඳු සහෝදරයාට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ උපසිරැසිය මාහට බාරදුන්නට. ඒ වගේම මෙහි මුල් චිත්‍රපට ද්විත්වය නරඹල නැති අය අනිවාර්යයෙන්ම ඒවා නරඹල ඉන්න වෙනවා මේ චිත්‍රපටය නරඹන්න, මොකද මේ කතා එකකට එකක් සම්බන්ධයි සහ ජෝන් වික්ගේ චරිතය වටහාගන්න මුල් චිත්‍රපට දෙක ඉතාම වැදගත්. එහෙනම් මම මුල් චිත්‍රපට දෙකේ කතාව කෙටියෙන් ඔබට පැහැදිලි කරන්නම්, John wick: Chapter 3 : Para-bellum(2019) චිත්‍රපටයට පිවිසීම පහසුවක් වෙන්න. මුල් චිත්‍රපට නරඹා නැති අය මෙම ලිපිය මෙතනින් ඉදිරියට කියවීම රස වින්දනයට බාධාවක් විය හැකියි.

      John Wick (2014)

ජෝන් වික් යනු හිටපු කුලී ඝාතකයෙක්. ජීවත්වෙන්නෙ ඝාතකයන්ගෙන් පිරුණ සමාජයක. ඔහුගේ බිරිඳවූ හෙලන් දරුණු රෝගයකට ගොදුරුව මරණාසන්නව සිටියදී ඇය ඔහුට ඩේසි නම් බීගල් වර්ගයේ බලු පැටවෙකු දෙනවා තමා මියගිය පසු ඔහුගේ පාළුව කාන්සිය දුරලීමට.

හෙලන් ගිලන් ඇඳේ සිටින අවස්ථාවක්

හෙලන් මියයාමෙන් පසුව ජෝන් වික්ට තම බිරිඳව මතක්වෙන්නට තිබෙන එකම ජීවමාන සලකුණ මේ ඩේසි, ඔහු ඇයට පණමෙන් ආදරෙයි.

ඩේසි සහ ජෝන් වික්

ඊට අමතරව ඔහු ආදරය කරන්නෙ, අපේ භාෂාවෙන් කිව්වොත් “යකඩ ගොඩකට”. ඒ තමයි 1969 වසරේ නිෂ්පාදිත ඔහුගේ ෆෝඩ් මස්ටෑන්ග් Mach 1 මෝටර් රථය.

1969 වසරේ නිෂ්පාදිත ෆෝඩ් මස්ටෑන්ග් Mach 1 රථය (වමේ ලොසෙෆ් ටැරසොව්- දකුණේ ජෝන් වික් )

null

නිව්යෝක්හි කොන්ටිනෙන්ටල් හෝටලය

ඒ තමයි නිව්යෝක්හි පිහිටි කුලී ඝාතකයන්ට සේවය සලසන ඉහල පෙලේ හෝටලයක් වන කොන්ටිනෙන්ටල් හෝටලය. කිසිවෙකුත් පාවා නොදෙන අභිරහස් පන්නයේ බලවත් පුද්ගලයෙකු වන වින්ස්ටන් තමයි එහි කලමනාකරු. මේ හෝටලයේ ඇති විශේෂම වැදගත්කම වන්නේ මේ හෝටල් පරිශ්‍රය තුලදී කිසිම ඝාතකයෙකුට තවත් අයෙක් ඝාතනය කිරීම තහනම් වීම. ඒ නිසා මෙය කුලී ඝාතකයන්ගේ ආරක්ෂිත ස්වර්ගයක් හා සමානයි. කෙසේ වෙතත් එම තහනම තිබියදී විගෝ පවසනවා ජෝන් වික්ව හෝටල් පරිශ්‍රය තුල මරාදමන්නේනම්වේ සඳහා ලබාදෙන මිලියන දෙකක ත්‍යාග මුදල දෙගුණ කරන බව. කෙසේවෙතත් අවසානයේ දැඩි සටනකින් පසු වීගෝවත් ලොසෙෆ්වත් මරා දමන ජෝන් වික්, එන්නතක් මගින් මරණයට පත්කිරිමට නියමිතව සිටි පිට්බුල් සුනඛයෙක් නිදහස් කරවාගෙන පිටව යනවා.

 

John ‍Wick: Chapter 2 (2017)

පෙර චිත්‍රපටයේ සිදුවීම් සිදුවී දින හතරකට පසු ආරම්භ වන මෙම චිත්‍රපටයේ කතාව තුලින් අපට ජෝන් වික්ද ඇතුලත් මේ විශාල කුලී ඝාතක සමාජය තුල තිබෙන බැඳීම්, දිවුරුම්, නීති ආදී දෑ රැසක් දැනගන්න පුළුවන්. ඔබට මතක ඇති පෙර චිත්‍රපටයේදී ඔහුට ඔහුගේ ෆෝඩ් මස්ටෑන්ග් රථයනම් නැවත ලැබෙන්නේ නෑ. කෙසේ හෝ මෙම චිත්‍රපටය තුලදී ඔහුට ඔහුගේ සොරාගත් මෝටර් රථය හමුවෙනවා වීගෝ ටැරසොව්ගේ සොහොයුරා සහ ලොසෙෆ් ටැරසොව්ගේ මාමා වන ඒබ්‍රම් ටැරසොව්ට අයත් සොරාගත් වාහන කැබලි කරන (Chop shop) තැනකින්. දැඩි සටනකින් පසුව රථයටද දැඩි අලාභ හානි කරගෙන එතනින් පැනයන ජෝන් වික් තම ආයුධ ආදිය ගෙබිමේ වළදමා තම නිහඬ දිවියට නැවතත් පිවිසෙනවා. දැඩි ලෙස අලාභහානිවූ තම මෝටර් රථය අලුත්වැඩියා කිරීමට තම මිතුරෙකු මෙන්ම කොන්ටිනෙන්ටල් වෙත සේවය සපයන කාර්මිකයෙකු වන ඔරේලියෝට බාර දෙන්නට ජෝන් වික් පියවර ගන්නවා. ඔබට මතකද මුල් චිත්‍රපටයේ එන වීගෝ විසින් ජෝන් වික්ට බාරදුන්නේයැයි කියන කිරීමට ඉතා අපහසු කාර්යය? මේ චිත්‍රපටයේදී අපිට දකින්නට පුළුවන් එම කාර්යය සඳහා ජෝන් වික් ඉතාලි මාෆියා කල්ලි නායකයෙකු වන සැන්තිනෝ ඩි’ඇන්තෝනියෝගේ උදව් ලබාගන්නා ආකාරය, ඒ ඔහු ජෝන් වික්ව හමුවීමට ඒමෙන්. එතනදී අපිට දැනගන්න ලැබෙනවා තමන්ට මතු දවසක උදව්වක් අවශ්‍ය වුවහොත් එයට ඉදිරිපත්වන බවට එතනදී සැන්තිනෝ ජෝන්වික් ලබා කිසිදා බිඳිය නොහැකි ලෙයින් දිවුරන පූජනීය දිවුරුමක් කරවාගෙන ඇති බව. ඒ කාසියක හැඩයෙන් යුත් Marker ( සලකුණ) නම් විවෘත කල හැකි පදක්කමක් හරහා. එහිම ඇති තුඩකින් ඇඟිල්ල සිදුරු කර, විවෘත කරගත් පදක්කම මත ඇඟිලි සලකුණ තැබීම මගිනුයි දිවුරුම කරන්නේ.

එම සලකුණ

මෙම දිවුරුම මතක් කරන සැන්තිනෝ තමන්ට සේවා සපයන ලෙස ජෝන් වික්ගෙන් ඉල්ලා සිටියත් තමන් දැන් විශ්‍රාමික බව පවසන ඔහු එම උදව් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. එයින් කුපිත වන සැන්තිනෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජෝන් වික්ගේ නිවස විනාශ කර දමනවා. සෙවණක් සොයා ජෝන් වික් කොන්ටිනෙන්ටල් හෝටලයේ නවාතැන් ගන්නවා. නමුත් එහි කලමනාකරු වින්ස්ටන් ජෝන් වික් හා ඒතරම් පැහැදීමක් නෑ ඔහු පූජනීය දිවුරුමක් කඩකර සිටින නිසා. ඔහු එය ජෝන් වික්ට මතක් කරදෙනවා. අවසානයේ වින්ස්ටන්ගේ පෙරැත්තය නිසාම ජෝන් වික් ඉතාම අකමැත්තෙන් එකඟ වෙනවා සැන්තිනෝට සේවය සපයන්නට. මෙහිදී අපිට දැනගන්නට ලැබෙනවා ඉහල පෙලේ කුලී ඝාතකයන්ගෙන් සැදුම්ලත් The High Table නොහොත් මහා සංගමය ගැන. කුලී ඝාතකයන්ට අදාල නීති රීති සැකසීම්, දඬුවම් දීම් ආදිය බාර මේ සංගමයට. සැන්තීනෝගේ සොහොයුරිය වන ජියානා ඩි’ ඇන්තෝනියෝ මෙම සංගමයේ සාමාජිකාවක්. ජෝන් වික් ලවා ඇයව ඝාතනය කර එම ස්ථානය තමන්ට ලබාගැනීමයි සැන්තීගෝ අරමුණ. රෝමයේ වෙසෙන ජියැනාගේ නිවසට ඇතුල්වන ජොන් වික් ඇයව මරාදමනවා. නැවත නිව්යෝක් වෙත එන ජෝන් වික්ට මුහුණ දෙන්න වෙන්නෙ නොසිතූ ප්‍රශ්ණයකට. තමන්ගේ නම මේ ඝාතනයට ගැවීම වැළැක්වීමට සිතන සැන්තීනෝ එම ඝාතනය ජෝන් වික්ගේ ගිණුමට බැර කර, ජෝන් වික් මරාදමන අයෙකුට මිලියන හතක ත්‍යාග මුදලක් ලබාදෙන බව ප්‍රසිද්ධ කරනවා . ඒ අතරෙම රෝමයේ සිටම තමන් පසුපස ආ කැසියන් නම් ජියැනාගේ ආරක්ෂයෙකු හා සටන් කරන්නත් ජෝන් වික්ට සිද්ධ වෙනවා. මේ සටන්වලින් හෙම්බත්ව ජෝන් වික් යන්නෙ බොවරි රජු නම් බොවරි ප්‍රදේශයේ නිල නොලත් පාලකයා වෙත. ඔහු ජෝන් වික්ට සැන්තිනෝ වෙත ලඟාවෙන ආකාරය දැනුම්දෙනවා. දිගින් දිගට ඇදීයන සැන්තීනෝ-ජෝන් වික් සටන අවසානයේ නතර වෙන්නෙ කොන්ටිනෙන්ටල් හෝටලයෙන්. නීතියට වැඩකර එපාවී සිටින ජෝන් වික් වින්ස්ටන්ගේ කීම නොඅසා කොන්ටිනෙන්ටල් පරිශ්‍රය තුලදීම සැන්තීනෝ මරා දමනවා. තම ක්‍රියාවන්ට ප්‍රතිවිපාක අනිවාර්ය බව ජෝන් වික්ට පවසන වින්ස්ටන් පසුදා ඔහුට දැනුම් දෙනවා සැන්තීනෝ ජෝන් වික් මරාදමන්නෙකුට ලබාදෙන බව පැවසූ මිලියන හතක ත්‍යාග මුදල මහා සංගමය විසින් දෙගුණයක් එනම් මිලියන 14ක් කර ඇති බවත්, එය නිව්යෝක් නගරයේ පමණක් නොව ලොව වටා සිටින ඕනෑම ඝාතකයෙකුට විවෘත බවත්. එසේම තම හෝටල් භූමියේ ඝාතනයක් සිදුකිරීමේ වරද මත වින්ස්ටන් ජෝන් වික්ව කොන්ටිනෙන්ටල පහසුකම්වලින් “නෙරපාහැරියෙකු” ලෙස නම් කරනවා.කෙසේ වෙතත් ඔහු එය ප්‍රසිද්ධ කරන්නෙ ජෝන් වික්ට පැනයාමට පැයක කාල පරාසයක් ලබාදීමෙන් පසුවයි. එසේම ඔහු ජෝන්ට සලකුණකුත් ලබාදෙනවා මතු ප්‍රයෝජනය සඳහා. තමන් පසුපස එන ඕනෑම අයෙකුට හිමිවන්නේ මරණය බව ප්‍රසිද්ධ කරන ලෙස වින්ස්ටන්ට දන්වන ජෝන් වික් තම පිට්බුල් සුනඛයාද සමගින් පිටවයනවා.

මෙම සියලු තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි.

John Wick Chapter 3 : Para-bellum (2019)

චිත්‍රපටයේ නම වන “Parabellum” යන පදය ලතින් වාක්‍යයකින් එන්නක්. එනම් : “Si vis pacem, para bellum”. මෙම වාක්‍යයේ අර්ථය ” සාමය අවශ්‍යනම්, යුද්ධයට සැරසෙනු” යන්නයි.

මෙම චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නෙ පෙර චිත්‍රපටය අවසන්වන තැනින්මයි. ඒ නිසා මම හිතන්නෙ කතාව ගැන ලිපියේ සඳහන් කරන්න අවශ්‍යතාවක් නෑ. පෙර චිත්‍රපටවල අපිට හමුවූ කොන්ටිනෙන්ටල් හෝටල් කළමනාකරු වින්ස්ටන් සහ පිලිගැනීම් නිලධාරී ෂෙරොන් හැරුණුවිට තවත් අලුත් චරිත කීපයක්ම අපිට දැකගන්න පුළුවන් මෙවර චිත්‍රපටය තුලින්. එයින් ප්‍රධානයි ප්‍රවීණ හොලිවුඩ් නිළි හැලී බෙරී. මේ වනවිට වයස 52ක් වන ඇය ඉතාම ලොමු දැහැගැන්වෙන සටන් ජවනිකාවල නිරත වෙනවා ඔබට දැකගන්න පුළුවන් වෙයි මේ චිත්‍රපටය තුලින්. ඒ වගේම ජෝන් වික්ගේ අභිරහස් අතීතයේ රහස් කීපෙකුත් අපිට මේ චිත්‍රපටය තුලින් දැනගන්න පුළුවන්. දැන් අපි යමු කෙලින්ම චිත්‍රපටයෙ විස්තරවලට. Imdb අගය 7.9කුත් Rotten Tomatoes 90%ක අගයකුත් මෙටාක්‍රිටික් 73% ක්ද වශයෙන් මේ වනවිට විශාල අගයන් දිනා ඇති මේ චිත්‍රපටය පෙර චිත්‍රපට ද්විත්වයේ මෙන්ම චැඩ් ස්ටැහ්ල්කිගේ අධ්‍යක්ෂණයෙන් තමයි ඔබ වෙත එන්නෙ. එසේම මේ වනවිට සම්මාන පහකට නිර්දේශව එයින් 4ක් දිනාගන්නත් මේ චිත්‍රපටය සමත්ව තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ සුපුරුදු පරිදි කියානු රීව්ස් ( ජෝන් වික්), හැලී බෙරී (සොෆියා), ඉයන් මැක්ෂේන් (වින්ස්ට්න්), ලෝරන්ස් ෆිෂ්බෝන් (බවරි රජු), මාර්ක් ඩැක්ස්කස් ( සීරෝ ), ඒෂියා කේට් ඩිලන් ( විනිශ්චයකාරිය), ලාන්ස් රෙඩික් ( ෂෙරොන්), ජෙරොම් ෆ්ලින් ( බෙරාඩා) ඇතුළු පිරිසක්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. පැය දෙකකුත් මිනිත්තු 10ක් වන මේ චිත්‍රපටයේ උපසිරැසි ලයින් ඇත්තේ හත්සිය ගණනක් පමණයි. හිතාගන්න පුළුවන්නෙ ක්‍රියාදාම කොච්චරක්ද කියල. පෙර චිත්‍රපට වගේම තමයි.

BLURAY පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. විදේශ භාෂා කොටස්ද පරිවර්තනය කර ඇත.

 

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
29273 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
720P
Direct download
Direct
1080P
Direct download
Direct
720P
Torrent / magnet link
Torrent
1080P
Torrent / magnet link
Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
5 FILES
720p bluray 1.13 GB x264
▲100 · ▼27
Magnet GET
1080p bluray 2.06 GB x264
▲100 · ▼10
Magnet GET
2160p bluray 5.91 GB x265
Magnet GET
720p web 1.12 GB x264
Magnet GET
1080p web 2.05 GB x264
▲100 · ▼5
Magnet GET
Discussion (16)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 75
    2019-07-17

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 75
    2019-07-17

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…

    Reply
  • C_J Unregistered
    Windows 7 Chrome 75
    2019-07-19

    උපසි‍රැසියට බොහොම ස්තූතියි හසිත.

    මෙට්‍රික්ස් චිත්‍රපට ත්‍රිත්වයට උපසි‍රැසි ලබා දිය හැකි නම් එය ඉතා අගය කොට සලකමි.

    එම චිත්‍රපට ත්‍රිත්වයේ අන්තර්ජාලයේ ඇති උපසි‍රැසි වල බොහෝ අඩුපාඩුකම් පවතී.

    ඔබට හැකියාවක් වේලාවක් ඇතොත් ඒ පිලිබඳව සලකා බලන ලෙස ඉල්ලමි.

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-07-19

      මෙට්‍රික්ස් චිත්‍රපට ත්‍රිත්වයම අදටත් මා සතුව ඇති අතර ඉදිරියේදී උපසිරසි ලබා දෙන්නට කටයුතු කරන්නම් ,CJ. එම චිත්‍රපට ත්‍රිත්වයට උපසිරැසි කිරීමට කලක සිට අදහසක් තිබුණත් අන්තර්ජාලයේ උපසිරැසි ඇති නිසා මම ඒ ගැන වැඩි තැකීමක් කලේ නෑ. ඔබේ ඉල්ලීම නිසාම ඉදිරියේදී උපරිරැසි ලබාදෙන්නම්. ස්තූතියි.

    • Mithun Unregistered
      Android 8 Chrome 75
      2019-07-20

      මාත් එකේ පලවෙනි කොටස බැලුව සෑහෙන කාලෙකට කලිම්..එව නම් මුවි නම් මුවි තමා. Bluray වලට දෙන්න පුලුවන් නම් වටිනව 1080ම අරම් බලන්න

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-07-20

      ඉල්ලීම් දෙකයි, දැන්නම් දෙන්නම වෙනවා. මගෙ ලඟත් තියෙන්නෙ Bluray ප්‍රින්ට් වගයක් ,මිතුන්. මැට්‍රික්ස් ෆිල්ම් සෙට් එක ප්‍රධාන වශයෙන් ෆිල්ම් තුනක් වුණාට, ඕකෙ ඊට කලින් බලන්න එකක් තියනවා Animatrix කියල. ඒක කෙටි ෆිල්ම් කීපයක එකතුවක්, එයින් දෙකක් Matrix (1999) ට කලින් බලන්න ඕනෙ, තව ටිකක් තියනවා ඉතුරු ෆිල්ම් දෙක අතරෙදි සහ පසුව බලන්න. තව වීඩියෝ ගේම් එකකුත් තියනවලු මැට්‍රික්ස්වලට සෘජුවම සම්බන්ධ, මමනම් ප්ලේ කරල නෑ ඒක.

    • Mithun Unregistered
      Android 8 Chrome 75
      2019-07-20

      මම පොඩි දවස් වල මතකයි අපේ ගෙවල් වලට අසල්වැසි නිවසක ඩෙක්පිස් එකක් දාල තිබ්බ බඩ ප්‍රදේශයෙන් ගෝනුස්සෙක් ඇතුල් කරන දර්ශයක්.එතකොට වයස මන් හිතන්නෙ හෙන පොඩියි අපිට ටිවි එකක්වත් තිබ්බද මන්ද.. තෙරෙන කාලෙක හැම පහසුකමක්ම ලැබිල චිත්‍රපට හොය හොය බලන්න ගත්ත කාලෙ නිකමට මතක් වෙලා තියෙනවා අර ,එ පොඩි කාලෙ දැක්ක දර්ශනය මොන මුවි එකේ ඇද්ද කියල ..එ තරම් මට එක ඔලුවට ගිහින් තිබුන… පස්සෙ කාලෙක තමා එ ඇක්ටර්ගෙ මුවි ගුගල් සර්ච් හොයල වැඩිම රෙට් තියෙන මුවි මොනවද කියල බලද්දී මැට්‍රික් අරම් බැලුවේ.. පලවෙනි මුවි එක මැදට බලම් එද්දී තමා දැනගත්තෙ අම්මට අර පොඩි කාලෙ ගෝනුස්සෙක් බඩට ඇතුල් කරනව දැක්ක මුවි එක නෙද කියල 😍. පලවෙනි කොටස විතරයි අදටත් බලන්න ලැබුනෙ… මොන විදියට හරි කමක් නැ හසිත පුලුවන් විදියට තෙරෙන්න අපිට එ ටික සබ් දුන්නොත් ආපහු බලනව මුල ඉදම්ම්ම.

    • C_J Unregistered
      Windows 7 Chrome 75
      2019-07-27

      රිප්ලයි එකට බොහොම ස්තූතියි හසිත.
      ඇනිමෙට්‍රික්ස් එකටත් එක්කම සබ් දෙන්න.

      බොහොම ස්තූතියි

    • Shehan Rashmika Unregistered
      Android 9 Chrome 72
      2019-07-30

      Great work bro…keep it up..thanks 👍

  • තරිදු Unregistered
    Android 9 Chrome 72
    2019-07-21

    සුපිරියි බ්‍රෝ…

    Reply
  • Nishantha kumara Unregistered
    Android 9 Samsung Browser 9.2
    2019-07-22

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Hashan M. Priyadarshana Unregistered
    unknown Opera Mini 4.4
    2019-08-14

    තෑන්ක්ස් බ්රෝ සබ් එකට….
    ජය වේවා.!!

    Reply
  • kavinda Unregistered
    Windows 7 Chrome 65
    2019-08-15

    BR එක එනකන්ම බලන් හිටියා. ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!

    Reply
  • Roshan Unregistered
    Windows 10 Chrome 76
    2019-08-17

    Patta site eka,
    niyamay machan. digata karagena yanna.
    oya loku loku site wala loku seen balapu kale iwaray…. logins one naaa, right click disable naa.
    awa search kara down kaa
    😀 😀
    Thankz

    Reply
  • Hiran D Ruwanpathirana User
    Android 9 Chrome 76
    2019-09-11

    Niymai digatama sub denna, bohoma sthuthiy

    Reply
  • Darshana sampath sandaruwan Unregistered
    Android 8 Chrome 79
    2019-12-29

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 671
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved