Hellboy (2019) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මීට කාලයකට ඉහතදී ජනප්‍රිය වූ චිත්‍රපට යුගලයක තෙවැන්න. මේ තමයි Hellboy(2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. මුලින්ම ස්තූති කරන්න ඕනෙ මට මෙය බාරදුන් අපේ පසිඳු සහෝදරයාට. මෙහි මුල් චිත්‍රපට ද්විත්වය පිළිවෙලින් Hellboy (2004) සහ Hellboy II: The Golden Army (2008). ඒ අනුව මේ Hellboy චිත්‍රපටයක් නිර්මානය වෙන්නෙ වසර 11කට පසුව. සම්මානනීය සිනමා අධ්‍යක්ෂ Guillermo del Toroගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ මුල් චිත්‍රපට ද්විත්වයද සම්මානවලට පාත්‍රවූ අතර දෙවැන්න ඔස්කා සම්මානයකටද නිර්දේශ වන්නට වරම් ලැබුවා. Hellboy ( මම මෙම නම නිරමානවක ලෙස සිංහලට හැරෙව්වා) ආරම්භය ගැන කියනවනම් මෙය ඇමරිකානු ජාතික චිත්‍රකථා ශිල්පියෙකු වන මයික් මිග්නෝලා විසින් ඩාක්හෝස් කොමික්ස් සඳහා නිර්මාණය කල චිත්‍රකථාවක්. එයින් ලබන ජනප්‍රියත්වය නිසයි මෙය සිනමාවට නැගෙන්නේ Guillermo del Toroගේ අතින්. මුල් චිත්‍රපට ද්විත්වය පිළිවෙලින් ගලා එන කතාවක් ලෙස තිබුණත්, මෙවර චිත්‍රපටයනම් එම චිත්‍රපටවලින් වෙන්ව රීබූට් එකක් එහෙමත් නැත්නම් නවතම නිමැවුමක් ලෙස තමයි අප ඉදිරියට එන්නෙ. එම නිසා එම චිත්‍රපට ද්විත්වය සාරාංශගත කරන්න මම උත්සාහ කරන්නෙ නෑ ලිපිය තුල. එසේම මෙවර හෙල්බෝයි චරිතයත් රොන් පර්ල්මන් රංගන ශිල්පියාගෙන් ඩේවිඩ් හාබර්ට හුවමාරුවී තිබෙනවා. චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත් ටිකක් වෙනස් ආකාරයකට. 2017 වසරේදී පෙර චිත්‍රපට අධ්‍යක්ෂ Guillermo del Toro විසින් මෙම චිත්‍රපටයේ තුන්වැන්න නිර්මාණය කිරීමට අවශ්‍යද නැද්ද වශයෙන් ට්විටර් සමාජ මාධ්‍යය හරහා කල මත විමසුමකට සුභදායී ප්‍රතිඵල ලැබීමත් සමග බොහෝ දෙනා මේ ගැන බලාපොරොත්තු දල්වාගෙන සිටියත් , Guillermo del Toroට මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ වරම හිමිවුණේ නෑ. ඒ වෙනුවට එම අවස්ථාව හිමිවන්නේ Centurion (2010) , Doomsday (2008) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල නීල් මාෂල්ට. එම හේතුවත්, මෙය චිත්‍රකථාවට බොහෝ පරිබාහිරව යමින් නිර්මාණය කර තිබීමත් නිසා මෙවර චිත්‍රපටයට දැඩි රසික විවේචන එල්ලවුණා. එසේම මෙහි ඩයමියෝ චරිතයට මුලින් තෝරාගෙන සිටි එඩ් ස්ක්‍රේන් එම චරිතය ජපන් සම්භයක් ඇති චරිතයක් බව දැනගත් සැනින් , ආසියානු චරිත ආසියානු සම්භයක් සහිත නළුවෙකුටම හිමිවියයුතු බව පවසමින් චිත්‍රපටයෙන් ඉවත්වන්නට තරම් නිහතමානී වුණා. එම නිසා එම චරිතය හිමිවන්නේ The Lost කතාමාලව හරහා අතිශය ජනප්‍රියත්වකට පත් කොරියානු සම්භවයක් සහිත ඇමරිකානු නළු ඩැනියෙල් ඩේ-කිම් හටයි. ඔහු පෞද්ගලිකව මේ පිළිබඳව එඩ් ස්ක්‍රේන්ට ස්තූතිය පවා පළකර තිබුණ අතර ඔවුන් අදටත් හොඳ මිතුරන් බවයි කියවෙන්නේ.
කෙසේ හෝ දැඩි ප්‍රේක්ෂක අප්‍රසාදයට පත් මෙම චිත්‍රපටය ඒ නිසාම Imdb සිනමා දර්ශකයේ 5.3ක් සහ Rotten tomatoes වෙතින් 18%ක් වගේ අඩු අගයක් තමයි ලබාගන්නේ ( කතාව පැත්තෙන් ගත්තහම මමත් එකඟයි මේ ලැබී තිබෙන අගයන්වලට, නමුත් කතාව විනෝදාත්මකයි). ඇක්ෂන්, ඇඩ්වෙන්චර්, ෆැන්ටසි යන තුන් ඝනයට අයත් මෙම චිත්‍රපටයේ ධාවන කාලය පැය දෙකක්. රංගනයෙන් දායක වෙන පිරිස බැලුවොත්, ඩේවිඩ් හාබර් (නිරමානවක), මිලා ජොවොවිච් ( නිමුවේ /රුහිර රැජිණ), ඉයන් මැක්ෂේන් ( ආචාර්ය බෲම්), ඩැනියෙල් ඩේ-කිම් ( මේජර් ඩයමියෝ), සොෆියා ඔකනේඩෝ ( හැටන් ආර්යාව), සාෂා ලේන් ( ඇලිස් මොනගන්), ස්ටීෆන් ස්ටීල් ( ගෘගාච් -හඬ), පෙනිලොප් මිචෙල් (ගනෙයිඩා) වැනි පිරිසක්. දැන් අපි යමු චිත්‍රපටයෙ කතාව පැත්තට…
මෙය මුලින්ම ඇරඹෙන්නේ ක්‍රිස්තු වර්ෂ 517න්. එංගලන්තයේ සුප්‍රකට ආතර් රජු සහ මර්ලින් මායාකරු විසින් බලගතු මන්ත්‍රකාරියක් වන නිමුවේ කැබලිවලට කපා ඇගේ එම ශරීර කොටස් එංගලන්තය සිව්කොන වළලා දැමීමත් සමගයි. එයින් පසුව කතාව කෙලින්ම එන්නෙ වර්තමානයට.. අස්වාභාවික සංසිද්ධීන් පිලිබඳ විමර්ශක නිරමානවක අතින් ඔහුගේ පියාත් ඔහුත් සේවය කරන අස්වාභාවික සංසිද්ධීන් විමර්ෂණ බියුරෝවේ ( B.P.R.D) රහස් සේවා නිලධාරියෙක්ව සොයා යන ගමනකින්. එහෙත් එය අවසන් වෙන්නෙ ඔහු සිතන ආකාරයට නොවෙයි. එතනදී එම නිලධාරියාගෙන් ඔහුට යම් අනාවැකියක් වැනි යමක් අසන්නට ලැබෙනවා. එතනින් නැවත B.P.R.D වෙත පැමිණෙන නිරමානවකට බ්‍රිතාන්‍යයේ ගැටලුවක් විසඳීමට යාමට සිදුවෙනවා ඔහුගේ පියාවන ආචාර්ය බෲම්ගේ ඉල්ලීම මත. පෙර අනාවැකිය සත්‍යයක් වීමේ ගමන ආරම්භ වෙනවා එතනින්. එහෙනම් ඊට වඩා යමක් මම කියන්න යන්නෙ නෑ, පූර්ව ප්‍රචාරක පටය නැරඹූවිට ඔබට චිත්‍රපටය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් නිසා. මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් චිත්‍රපටයකින්.
“Don’t let a prophecy tell you who you are.
You decide for yourself”
ලබාදී ඇති උපසිරැසිය BLURAY පිටපත් සඳහා ගැලපේ.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…!
ඔබේ සියළු වැඩකටයුතු සර්‍වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…!
තෙරුවන් සරණයි…!
sub එකට බොහොම ස්තුතියි සහෝ..
තෑන්ක්ස් සහෝ සබ් එකට…
ජය වේවා.! 😊👍
බොහොම ස්තුතියි නියම වැඩක් .
Thx sub ekata sheep and wolves 2 2019 movie ekata sub dennko
උපසිරස ලබා දුන්නට ස්තුති…සහෝ..ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා
.! බුදු සරනයි..
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Waddek nam…una noche 2012 ” movie ekata subtitles karanna
බොහොම ස්තුතියි උපසිරසියට
thanku machan sub ekata
ela good job