Those Who Wish Me Dead (2021) Sinhala Subtitle
ආයුබෝවන් අදත් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ ක්‍රියාදාම, නාට්‍යමය, ත්‍රාසජනක යන තුන වර්ගයට අයත් හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසියත් චිත්‍රපටය Those Who Wish Me Dead (2021). මයිකල් කොරිටාගේ පොතක් ඇසුරින් ඔහුත්, ටේලර් ෂෙරිඩන් සහ චාල්ස් ලෙවිට් දෙදෙනාගේ රචනයෙන් ටේලර් ෂෙරිඩන්ගේම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මේ චිත්‍රපටය මේ වනවිට 6.1 IMDb අගයක්ද, 63%ක Rotten Tomatoes අගයක්ද 58%ක මෙටාක්‍රිටික් අගයක්ද ලබා තිබෙනවා. රංගනයෙන් දායක වන්නේ ඇන්ජලීනා ජොලී ( ඇනා), ෆින් ලිට්ල් ( කොනර්), ජොන් බර්න්තල් (ඊතන්), ඒඩන් ගිලන් ( ජැක්), නොකලස් හෝල්ට් (පැට්‍රික්), ජැක් වෙබර් (ඔවන්), මෙදීනා සෙන්ගර් (ඇලිසන්), ටයිලර් පෙරී (ආතර්), බූට්ස් සදර්ලන්ඩ් (ෂෙරිෆ්) ඇතුළු පිරිසක්.
දීර්ඝ ලිපියක් ලිවීමට තරම් විශේෂත්වයක් චිත්‍රපටය තුලින් මා නොදැක්කත්, මෙය ත්‍රාසය සොයන ඔබට රසවිඳිය හැකි චිත්‍රපටයක් බවත් කියන්නම ඕනෙ. නමුත් මෙහි දෙබස් භාවිතාව පිලිබඳ පැහැදීමක් නෑ මට, විශේෂයෙන්ම ඇන්ජලීනා ජොලීගේ චරිතය හා කොනර් අතර ඇතිවන දෙබස්.
කතාව කෙටියෙන් මෙහෙමයි. මිනීමැරුමක් සියැසින් දකින නව යොවුන් වියේ දරුවෙක් පසුපස හඹායනවා ඝාතකයන් දෙදෙනෙක්, ඔවුන් අවසානයේ වැටෙන්නේ මොන්ටානා වනාන්තරයට . එහි සේවය කරනවා රාජකාරියේදි අත්විඳි ඛේදජනක සිදුවීමකින් මානසිකව පීඩාවිඳින කාන්තා ගිනි නිවන භටයෙක්. එසේම පෙරකී දරුවාට ඥාතීත්වයක් තිබෙන ෂෙරීෆ් නිලධාරියෙකුත් පදිංචිව සිටිනවා මෙම වනාන්තරය ආසන්නයේ. ඔවුන් තිදෙනාත් ඝාතකයන් දෙදෙනාත් අතර සිදුවන ගැටුමයි මේ චිත්‍රපටය තුල තිබෙන්නේ. නමුත් ඒ අතරේ ස්වභාවික සතුරෙකුත් සිටිනවා මේ සියල්ලන්ටම විරුද්ධව යන. එතනින් එහාට කතාව ඔබට බාරයි. හමුවෙමු තවත් උපසිරැසියකින්.
වීඩියො පිටපත් ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින්ම ඇති ඩිරෙක්ට් ලින්ක් දෙකෙන් ප්‍රමාණයෙන් අඩු 480P හා 720P පිටපත් ඩිරෙක්ට් ආකාරයට ඩවුන්ලෝඩ් කරගත හැක. අනෙකුත් ලින්ක්වලද ඔබේ අභිමතය පරිදි විවිධ ප්‍රමාණවල පිටපත් ලබාගැනීමට ඇත.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ. WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත් සඳහා සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය.
ඉල්ලුව ගමන්ම සබ් එක දීලා.. පට්ට හැපි! බොහොම ස්තූතියි හසිත සහෝදරයා! වසංගතයකට හිර වෙලා ඉන්න මේ වගේ වෙලාවක අපේ මනස නිදහස් කරන්න, අපි කැමතිම ෆිල්ම් දීලා මේ කරන උතුම් කාර්‍යය බෙහෙවින්ම අගය කොට සලකනවා. ඔන්න එහෙනම් බානවා සහෝ. ජයවේවා!
The Woman in the Window (2021)
Oxygen (2021)
Vanquish (2021)
Stowaway (2021)
American Fighter (2021)
Twist (2021)
හැකිනම් මෙම චිත්‍රපට වලින් එකකට හෝ උපසිරැසි ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.
The Woman in the Window (2021) සහ Oxygen (2021) දෙකම හදාගෙන යනවා. අද රෑ හෝ හෙට අප්ලෝඩ් කරනව The Woman in the Window (2021). ඊට පස්සෙ අනිත් එක.
තෑන්ක්ස් සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request:
The Woman in the Window (2021)
අද රෑ හෝ හෙට අප්ලෝඩ් කරනව, Kantha. තාම හදන ගමන්.
සබ් එකට ස්තුතියි..දිගටම කරමු..ජය වේවා….