Champion (2000) Sinhala Subtitle December 08, 2021 Rasika Samanjith | Admin IMDB RATING 4.5 GENRES ActionComedyDramaGenresHindi MoviesMovies CAST Sunny Deol, Prasant Samadhar, Manisha Koirala චැම්පියන් කෙටි නිහැඬියාවකට පසුව Subz.lk නිවහනට ගොඩ වැදුනේ තවත් පැරණි බොක්ස් ඔෆීස් ආදායම් වාර්තා තැබීමට සමත්වූ හින්දි සිනමා නිර්මාණයක් අරගෙන. කොරෝනා නිවාඩු වලින් පස්සෙ නැවතත් සුපුරුදු රාජකාරි වලට අවතීර්ණ වීම නිසා කාර්යබහුල දින චරියාවක් අතරේ තමයි සබ් කරන්න වෙලා තියෙන්නෙ. ඒ අතරේ ලැබෙන පොඩි විවේකය හරි ඔයාලා වෙනුවෙන් සබ් එකක් කරන්න යොදවන්න තමයි උත්සාහ කරන්නෙ. හින්දි සිනමාව ගත්තොත් මගේ ප්‍රියතම නලුවෙක් තමයි සනී ඩියෝල්. ඇත්තටම ප්‍රියතම නලුවා කියන්නත් පුලුවන්. 2000 වසරේ රිලීස් වුනු ඔහුගේ සුපිරි ෆිල්ම් එකක් තමයි Champion. මුලින්ම සිනමාශාලාවල ප්‍රදර්ශනය ඇරඹුනේ 2000 දෙසැම්බර් 22 දිනයි. Action, Comedy, Drama, Thriller වර්ගයන්ට අයත්වෙන මෙය පැය 2 යි විනාඩි 23 ක ධාවන කාලයකින් යුක්තයි. පවුලේ සැමටම එකට සිට නැරඹිය හැකි විනෝදාත්මක ඇක්ෂන් ෆිලුමක්. සුපර් හිට් නොවුනත්, Anu Malik සහ Aadesh Shrivastava(BGM) ගේ සංගීතයෙන් හැඩවුනු අලංකාර ගීත කීපයකිනුත් සමන්විතයි. අදටත් ජනප්‍රිය අති දක්ෂ චරිතාංග නලුවෙක් වන Rahul Dev තමයි මේකෙ දුෂ්ටයාගෙ චරිතයට පණ පොවන්නෙ. ඒ වගේම මේක තමයි ඔහුගෙ මුල්ම චිත්‍රපටය. ඔහු ඒ චරිතය කෙතරම් හොඳට කලාද කියන්නෙ ප්‍රධාන පෙලේ සිනමා සම්මාන උළෙලවල් කීපයකදීම ඔහුගේ නම නිර්දේශ වුනා. Sunny Deol සහ Rahul Dev සමඟ සුරූපි Manisha Koirala ත් රංගනයෙන් දායක වෙනවා. පොලිස් පුහුණුව අවසන් කරලා, රජයෙන් කැඳවීමක් බලාපොරොත්තුවෙන් ඉන්න මධ්‍යම පාන්තික තරුණයෙක් තමයි, රාජ්වීර් කියන්නෙ. පොලීසියට එකතුවෙලා රටට ජනතාවට සේවය කිරීමයි ඔහුගේ එකම සිහිනය. ඒ සිහිනය සැබෑ කරමින්, විශේෂ මෙහෙයුමකට ඔහුව බොම්බායට කැඳවනවා. අපරාධකරුවන් අතුගාලා දාන්න හීන මවාගෙන යන රාජ්වීර්ට, ඒ හීන සුනු විසුණු කරමින් පැවරෙන්නේ අවුරුදු 9 ක් පිරිමි ළමයෙක් බලාගන්න වැඩක්. ඒ අබ්බාස්. කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ එකම දරුවා. එයාගෙ අම්මයි, තාත්තයි පුද්ගලික ගුවන් යානා අනතුරකින් මැරෙනවා. ඇත්තටම ඒක සැලසුම් කල ඝාතනයක්. ඝාතකයන්ගේ ඊළඟ ඉලක්කය අබ්බාස් බවයි පොලීසිය සැක කරන්නේ. ඒ නිසා අබ්බාස්ගෙ ආරක්ෂාවට තමයි රාජ්වීර් ගෙන්වන්නෙ. ඒත් සල්ලිකාරකම නිසා අහංකාරෙන් කටයුතු කරන අබ්බාස්ව රාජ්වීර්ට අල්ලන්නේ නෑ. තමන්ගේ නිදහසට වැට බඳින රාජ්වීර්ව අබ්බාස්ට දිරවන්නේම නෑ. දෙන්නට දෙන්නා ෆුල් ඔරොප්පු. ඒත් මේ දෙන්නම නොහිතන දෙයක් තියෙනවා. ඒ තමයි අබ්බාස් ඉදිරියේ තියෙන්නෙ මොන තරම් භයානක අනතුරක්ද සහ ඔහු පසුපස එන්නේ මොනතරම් දක්ෂ, භයානක පුද්ගලයෙක්ද කියන එක. TRENDING MOVIE : CHAMPION Full HD (2000) – चैम्पियन – Sunny Deol – Manisha Koirala – Action Movie යන නමින් යුතු 2.23.23 ක ධාවන කාලයක් සහිත YouTube කොපියටත් ගැලපෙන උපසිරැසියක් ඔයාලගෙ පහසුව වෙනුවෙන් ඇතුලත් කරල තියෙනවා. ඒකෙත් HD කොලිටි කොපියක් තියෙන්නෙ. 720p (751 MB), 480p (419 MB), 360p (545 MB) සහ 240p (150 MB) විදිහට බාගන්න පුලුවන්. ජය වේවා. QUALITY 480p – 400 MB // 720p – 1.2 GB // 1080p – 4gb // 720p YouTube – 750 MB SUB FORMAT // SRT & IDX TV ♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣
උපසිරැසියට ස්තූතියි!
බයේ හිටියෙ කට්ටිය වැඩ අතෑරලවත්දෝ කියල.
Pissuda, inuka malli.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ගොඩක් ස්තුතියි බ්‍රදර් සබි එකට ☺:tulip:එ වගේම ගොඩක් පින් කාර්යබහුලත්වය මැද වුවද අපි වෙනුවෙන් සබ් දෙන්න කාලය වෙන් කරලා මේ කරන සේවයට Thank you very much :thumbsup::rose::tulip: පුළුවන්නම් ඊලග සඛි එක ජැකී චෑන්ගෙ Movie එකකට දෙන්න. කාලෙකින් ජැකීගෙ Movie එකක් බැලුවේ නැහැ. අන්තිමටම බැලුවේ ඔයාම දීපු Island of Fire Movie එක. ඔබට සහ ඔබ පවුලේ සැමට බුදු සරණයි දෙවි පිහිටයි:pray::pray::pray:
තෑන්ක්ස් සබ් එකට සහෝ කාලෙකින් ඔයාගෙ සබ් එකක් දැක්කෙ සයිට් එකේ
බොහොම ස්තුතියි නියම වැඩක්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.
To Kill with Intrigue – 1977
Snake and Crane Arts of Shaolin – 1978
My Lucky Stars – 1985
Twinkle Twinkle Lucky Stars – 1985
Kids from Shaolin – 1984
Martial Arts of Shaolin – 1986