Nautilus (2024–) [S01 : E04] Sinhala Subtitle
නෙමෝ සහ කණ්ඩායම දැන් ඉන්නේ ඔවුන්ගේ ගමනේ තීරණාත්මක තැනක. ‘ඩ්‍රෙඩ්නොට්’ (Dreadnought) නෞකාවේ ආක්‍රමණයන්ගෙන් බේරිලා යන්න නෙමෝ උත්සාහ කරද්දී, නැව තුළ තවත් ගැටලුවක් මතු වෙනවා. ඉන්ධන සහ ආහාර හිඟය නිසා කණ්ඩායම අතරේ කුඩා මතභේද ඇති වෙනවා. මේ වෙලාවේදී තමයි නෙමෝට දැනගන්න ලැබෙන්නේ කිට්ටුවම තියෙන දූපතක ඔවුන්ට අවශ්‍ය සම්පත් තියෙනවා කියලා.
නෙමෝ සහ තවත් කිහිප දෙනෙක් දූපතට ගොඩබහිනවා. හැබැයි ඒ දූපත සාමාන්‍ය එකක් නෙවෙයි. ඒක කලින් යටත් විජිතවාදීන් විසින් පාලනය කළ, භයානක උගුල් තියෙන තැනක්. ඔවුන් සම්පත් සොයද්දී නෙමෝට මුණගැහෙනවා දේශීය ගෝත්‍රිකයන් කණ්ඩායමක්. ඔවුන් නෙමෝලාට උදව් කරන්න කැමති වෙන්නේ නෙමෝ අතීතයේදී කරපු යම් යම් උදව් සහ එයාගේ නමට තියෙන ගෞරවය නිසා.
මේ අතරේ, නැව ගාව ඉන්න ඉංග්‍රීසි හමුදාවට අහම්බෙන් නෝටිලස් නැවේ ඉන්න ඔත්තුකාරයෙක් ගැන ඉඟියක් ලැබෙනවා. කණ්ඩායමේ කවුරුහරි හමුදාවට රහස් පණිවිඩ යවනවා කියලා නෙමෝට සැකයක් ඇති වෙනවා. මේ සැකය නිසා නෙමෝ තමන්ගේ කණ්ඩායමේ අයව පරීක්ෂා කරන්න පටන් ගන්නවා.
අන්තිමේදී, හමුදාව දූපතට පහර දෙන්න පටන් ගන්නවා. නෙමෝලාට හරිම අමාරුවෙන් සම්පත් අරගෙන නැවට පැනලා යන්න සිද්ධ වෙනවා. මේ සටනේදී කණ්ඩායමේ කෙනෙක් තුවාල ලබනවා, ඒ වගේම නෙමෝට තේරුම් යනවා තමන්ගේ නැව ඇතුළේ ඉන්න ‘ගෙදර හොරා’ හරිම කපටි කෙනෙක් කියලා.