ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ සූදානම් වෙන්නෙ අපේ මිතුන් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල A Drak Place (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබවෙත ගෙන එන්නයි. ඉතින් මුලින්ම ස්තූතිය ඔහුට. ඒ වගේම කියන්න ඕනෙ ඇමරිකාව තුල සිදුවන සිදුවීමක් අන්තර්ගත වුණත් මෙය මුළුමුනින්ම බ්‍රිතාන්‍ය නිර්මාණයක්. අධ්‍යක්ෂකවරයා වන සයිමන් ෆෙලෝස් ඇතුළු මෙයට සම්බන්ධ සියල්ලන්ම පාහේ බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත ජාතිකයන්. අභිරහස්,ත්‍රාසජනක යන දෙවර්ගයට අයත් මෙහි තිර රචනය බ්‍රැන්ඩන් හිගින්ස්ගෙන්. රංගනයෙන් දායක වෙන්නෙ ඇන්ඩෲ ස්කොට් ( ඩොනල්ඩ් 'ඩොනී' ඩෙව්ලින්), බ්‍රොනෝ වෝ(ඩොනා),ඩෙනිස් ගෝ (ලින්ඩා කොනලි), ජේසන් ඩේවිස් (ජෙරී සිග්ලර්), සැන්ඩ්‍රා එලිස් ලැෆටි (බෙටී ඩෙව්ලින්),ක්‍රිස්ටියන් ෆින්ලේසන් ( ජස්ටින් සිග්ලර්), ක්‍රිස්ටා බෙත් කැම්බල්( වෙන්ඩි කොනලි), මයිකල් රෝස් ( ෂෙරීෆ් මූනි), කොරි ස්කොත් ඇලන් (රැන්ඩි) ,ඇන්ඩෲ මැසෙට් ( ජොයෙල් පොමොව්ස්කි) වගේ පිරිසක්. මෙය ලබා ඇති Imdb අගය 6.6ක් වන අතර Rotten Tomatoes අගය 58%ක්. දැන් අපි යමු කතාව පැත්තට...
ඩොනල්ඩ් ඩෙව්ලින් කියන්නෙ කසල එකතුකිරීම් රථයක රියදුරු මහතෙක්. ඔහු උපතින්ම යම් සුළු ශාරීරික ආබාධයක් සහිතව උපන් අයෙක්. තම මවත් සමග තනියම ජීවත්වෙන ඔහුට දිනපතා කසල එකතු කරමින් යද්දි ඔහුට අතවනන කුඩා දරුවෙක් ඉන්නවා. කතාබහ කර නැතත් ඔහු තමන්ට කරුණාවන්තව සිනහවකින්, අතවැනීමෙන් සංග්‍රහ කරන මේ දරුවාට හිතවත්. ඒත් දවසක ඔහුට දැනගන්නට ලැබෙනවා මේ දරුවා අතුරුදන්ව ඇති බවට. ඔහු නිසඟයෙන්ම මේ ගැන සෙවීමට පටන්ගන්නවා දරුවාට ඇති හිතවත්කම නිසාම. නමුත් එය කෙමෙන් කෙමෙන් ඇදී යන්නෙ ඔහු සිතන පැත්තට නෙමෙයි.. ඔන්න ඔය තමයි සරලවම කතාවෙ ආරම්භය. මම ඇත්තටම මේ චිත්‍රපටයට උපසිරැසි කරන්න හිතුවෙ මේ තුල තියෙන කාලීන පණිවිඩය නිසයි. අනිත් එක ලොකු කතාවක් නැතිවුණත් මෙහි එම කුඩා කතාව ක්‍රමයෙන් ගලායන ආකාරයත් සිත් ඇදගන්නවා. එහෙනම් මම ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
WEB-DL පිටපත් සඳහා උපසිරැසිය ගැලපේ




Windows 7Firefox 66
thanks…
Android 8Chrome 73
හිතුනෙ නම් නැ සබ් දෙයි කියල ..
හැමදාම ලොකු ලොකු කතා බලන එකේ
මෙවගෙ සරල ලස්සන කතාවකුත් බලමු නෙද
කැලෑ ප්‍රදේශයක වගේ තියෙන..
සබ් එක දාල දුන්නට ස්තුතියි සහෝ!
Windows 10Opera 58
ස්තූතියි සහෝ
Android 4.2Chrome 66
Supiri eka. .maru
Android 8Chrome 73
අවදානම එහෙ,මෙහෙ යන් නැති හොද කතාවක් අන්තර්ගත වෙලා තියෙනවා මුවි එකේ.. එක හුස්මට මුවි එක බලන්න පුලුවන්. පොස්ට් එකේ විස්තර කරල තියෙනවා වගේ ලොකු කතාවක් නැතිඋනත් ,චිත්‍රපටය ගලාගෙන යන ආකරය සිත් ඇදගන්නව.බොහොම ස්තුතියි සහො උපසිරැසි වලට.! කතාව මරු.
Android 5.1Chrome 73
සබ් එකට තෑන්ක්ස් අයියේ