A Deadly Invitation aka Invitación a un Asesinato (2023) Sinhala Subtitle

December 07, 2023 Admin
Subtitle by Rasika Samanjith
ඔලිවියාගේ මිනීමරුවා කවුද?

                     පසුගිය 2023 ඔක්තෝබර් 06 දින නිකුත්වුනු Mystery, Thriller, Comedy වර්ගයේ ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි A Deadly Invitation. ඔරිජිනල් නම Invitación a un Asesinato. විනාඩි 92 ක ධාවන කාලයකින් යුක්තයි. අධ්‍යක්ෂනය José Manuel Cravioto ගෙන්. රංගනයෙන් දායක වෙන්නේ Regina Blandón (අගතා), Maribel Verdú (ඔලිවියා), Stephanie Cayo (සෝනියා), Manolo Cardona (කැරී), Aarón Díaz (නරාම්), Pedro Damián (කාලෝස්) සහ José María de Tavira (ෆිගරෝව්).
කතාව ගැන කිව්වොත් මේක අද්භූත මරණයක් සම්බන්ධ කතාවක්. අගතා කියන්නෙ “නොවිසඳුණු අපරාධ” නම් ජනප්‍රිය රේඩියෝ වැඩසටහනක් කරන කෙනෙක්. එහිදී ඇය නොවිසඳුණු අභිරහස් සූක්ෂ්ම විදිහට නීරීක්ෂනය කරලා විසඳනවා. මේ අතර, ධනවත්, ඉහළ සමාජයේ ව්‍යාපාරිකාවක් වන සහ විවාහයෙන් වෙන්වූ කෙනෙක් වන ඇගේ අක්කා ඔලීවියාගෙන්, අගතාට සහ ඒ වගේ ඉහළ පෙළේ සීමිත පිරිසකට ලැබෙනවා අද්භූත ආරාධනාවක්, මුහුදු වෙරළ අසල තිබෙන ඇගේ සුවිසල් මන්දිරයට. හැබැයි කවුරුවත් හේතුව දන්නෙ නෑ. එයාල හැමෝම එක එක ආකාරයෙන් ඔලිවියාට සම්බන්ධ අය. එයාල එදා රාත්‍රිය ගත කරන්නෙ මුහුද මැද්දෙ, ඔලිවියාගෙ සුඛෝපභෝගි බෝට්ටුවේ. හැමෝම කම්පනයට පත් කරමින් සහ අභිරහසක් ඉතිරි කරමින් එදින රාත්‍රී, බෝට්ටුවේ තට්ටුවෙන් වැටී ඔලිවියා මිය යනවා. ඔලිවියාගෙ මිනීමරුවා කවුද? මොකක්ද මේ මරණය පිටුපස ඇති රහස. එය සොයාගැනීමේ වගකීම පැවරෙන්නේ ඇගේ නංගි, අගතාටයි.
මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව විශේෂයෙන්ම කියන්න ඕනේ. විනාඩි 92 ක් පුරා කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිලුමක්. සබ් එක කරල තියෙන්නෙ yts කොපියට නිසා, ලින්ක් අවුලක් වුනත්, ඔයාලට ෆිල්ම් එක ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. එහෙනම් තවත් අලුත් සබකින් හමුවෙමු.

ජය වේවා.

QUALITY // 720p – 859mb // 1080p – 1.7gb

SUB FORMAT /// SRT

♣♣ WEBRip / 720p / 1080p ♣♣

Available Torrents
720p web 861.52 MB
1080p web 1.72 GB
1080p web 1.56 GB
2160p web 4.14 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search