Aap Mujhe Achche Lagne Lage (2002) Sinhala Subtitle
ගොඩ දවසකට පස්සෙ හින්දි සිනමා සලරුවකට සබ් එකක් අරගෙන තමයි subz.lk එකට ගොඩ වැදුනේ. බොලිවුඩ් තිරය ඒකාලෝක කල, මනමෝහනීය ගීත ගොන්නක් අඩංගු සංගීතමය සිනමා සිත්තමක්. ඒ 2002 වසරේ අප්‍රියෙල් 19 දින ඉන්දියාව දෙවනත් කරමින් තිරගත කිරීම ආරම්භ කල “Aap Mujeh Achche Lagne lage” චිත්‍රපටයයි. ඉන්දියානු රුපියල් මිලියන 110 ක මුදලක් වැය කර නිපැයූ මෙය ඉන්දියානු රුපියල් මිලියන 879.27 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්නට සමත්වුනා. Action, Romance, Drama, Musical යන වර්ග වලට අයත්වෙනවා. ප්‍රධාන රංගනයෙන් දායක වුනේ සුරූපි Ameesha Patel සමඟ අදටත් බොලිවුඩයේ හිනි පෙත්තෙහිම වැජඹෙන Hrithik Roshan. “Kaho Naa Pyar Hai” චිත්‍රපටයෙන් පසුව මෙතෙක් එම යුවල එකට රඟපෑ එකම චිත්‍රපටය මෙයයි. ඊට අමතරව Kiran Kumar, Mukesh Tiwari, Alok Nath සහ Madhuri Sanjeev රංගනයෙන් දායක වුනා. Jaanam (1992), Ghulam (1998), Raaz (2002) වැනි සුපිරි සිනමා සිත්තම් ගනනාවක් බොලිවුඩයට දායාද කල Vikram Bhatt ගේ අධ්‍යක්ෂනයක්. සාර්ථකත්වයේ හිනිපෙත්තටම යාමට හේතුවූ ප්‍රධානම සාධකය වූයේ මෙහිවූ Rajesh Roshan ගේ මන නන්දනීය සංගීතයයි. මෙහි සංගීත නිර්මාණය සඳහා Anu Malik යොදාගැනීමට මුලින් යෝජනා වුවද පසුව එය Rajesh Roshan ට භාරවුනා. ඔහු තමාගෙ කාර්යය කොපමණ හොඳට ඉටුකලාද යන්න මෙම චිත්‍රපටයේ ගීත ඇසීමෙන් ඔබට අවබෝධවනු ඇත. මෙම චිත්‍රපටයේ සුපර් හිට් ගීත කීපයක් මෙසේය.
01. ආප් මුජේ අච්චේ ලග්නේ ලගේ – අල්කා යාග්නික්, අභිජීත් බට්ටාචාර්ය SEE
02. කුච් හම් මේන් ඒසි බාතේ – සෝනු නිගම් SEE
03. ඕ රෙ ගෝරි – උදිත් නාරායන්, පැමෙලා චොප්රා SEE
04. මෙරි ජාන් – අල්කා යාග්නික් SEE
05. තුම් තො සාගර් ජෙසි – අල්කා යාග්නික්, අභිජීත් බට්ටාචාර්ය
06. හවාහෝන් නේ යේ කහා – උදිත් නාරායන් SEE

බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට :slight_smile::slight_smile:…
Thanx saho!
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට:heart_eyes::heart_eyes:
Khushi (2003 Hindi film) sub dannako bro
Thanx comment ekata. kushi niyama film ekak. balamu.
මෙහි WEBRip සහ YouTube ලෙස සබ් ෆයිල් දෙකක් ඔයාලගෙ පහසුව තකා අප්ලෝඩ් කල අතර පෝස්ට් එක අප්ඩේට් කිරීමේදී තාක්ෂණික දෝෂයක් නිසා YouTube ෆයිල් එක පමණක් අප්ලෝඩ් වී තිබී ඇත. දැන් එය නිවැරදි කර ඇත. කලින් ඩවුන්ලෝඩ් කරගත් පාඨකයන්ට සිදුවූ අපහසුතාවය ගැන සමාව අයදිමි.
sub eka download unata extract karanna bene..
සබ් එකට ස්තූතියි..:grinning::grinning::grinning:සබ් එක සුපිරියට තිබ්බා….මේ ෆිල්ම් එකත් සුපිරි…:thumbsup::thumbsup::thumbsup::thumbsup:
Soldier – 1998 මේ හින්දි ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුළුවන් ද ??
පට්ටම ෆිලුමක් තමයි. බලන්නම්, සහෝ. කමෙන්ට් කලාට ස්තූතියි.
බොහොම ස්තුතියි සබ් එකට තව මෙවැනි ආදර කතා වලට සබ් දෙන්න අනිවා පරන එවා බලලා සබ් කරන්න. එවා තමා ලස්සන
Thank u veri much, Brother.
thanks bro sub ekata..me wage parana ewata tawa sub denna:heart_eyes:
aniwaren, saho. parana film thamai patta.