Aap Mujhe Achche Lagne Lage (2002) Sinhala Subtitle

Published October 23rd, 2020 by

 

              ගොඩ දවසකට පස්සෙ හින්දි සිනමා සලරුවකට සබ් එකක් අරගෙන තමයි subz.lk එකට ගොඩ වැදුනේ. බොලිවුඩ් තිරය ඒකාලෝක කල, මනමෝහනීය ගීත ගොන්නක් අඩංගු සංගීතමය සිනමා සිත්තමක්. ඒ 2002 වසරේ අප්‍රියෙල් 19 දින ඉන්දියාව දෙවනත් කරමින් තිරගත කිරීම ආරම්භ කල “Aap Mujeh Achche Lagne lage” චිත්‍රපටයයි. ඉන්දියානු රුපියල් මිලියන 110 ක මුදලක් වැය කර නිපැයූ මෙය ඉන්දියානු රුපියල් මිලියන 879.27 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්නට සමත්වුනා. Action, Romance, Drama, Musical යන වර්ග වලට අයත්වෙනවා. ප්‍රධාන රංගනයෙන් දායක වුනේ සුරූපි Ameesha Patel සමඟ අදටත් බොලිවුඩයේ හිනි පෙත්තෙහිම වැජඹෙන Hrithik Roshan. “Kaho Naa Pyar Hai” චිත්‍රපටයෙන් පසුව මෙතෙක් එම යුවල එකට රඟපෑ එකම චිත්‍රපටය මෙයයි. ඊට අමතරව Kiran Kumar, Mukesh Tiwari, Alok Nath සහ Madhuri Sanjeev රංගනයෙන් දායක වුනා. Jaanam (1992), Ghulam (1998), Raaz (2002) වැනි සුපිරි සිනමා සිත්තම් ගනනාවක් බොලිවුඩයට දායාද කල Vikram Bhatt ගේ අධ්‍යක්ෂනයක්. සාර්ථකත්වයේ හිනිපෙත්තටම යාමට හේතුවූ ප්‍රධානම සාධකය වූයේ මෙහිවූ Rajesh Roshan ගේ මන නන්දනීය සංගීතයයි. මෙහි සංගීත නිර්මාණය සඳහා Anu Malik යොදාගැනීමට මුලින් යෝජනා වුවද පසුව එය Rajesh Roshan ට භාරවුනා. ඔහු තමාගෙ කාර්යය කොපමණ හොඳට ඉටුකලාද යන්න මෙම චිත්‍රපටයේ ගීත ඇසීමෙන් ඔබට අවබෝධවනු ඇත. මෙම චිත්‍රපටයේ සුපර් හිට් ගීත කීපයක් මෙසේය.
    01. ආප් මුජේ අච්චේ ලග්නේ ලගේ   –   අල්කා යාග්නික්, අභිජීත් බට්ටාචාර්ය  SEE
    02. කුච් හම් මේන් ඒසි බාතේ    –    සෝනු නිගම්  SEE
    03. ඕ රෙ ගෝරි     –     උදිත් නාරායන්, පැමෙලා චොප්රා  SEE
    04. මෙරි ජාන්    –     අල්කා යාග්නික්  SEE
    05. තුම් තො සාගර් ජෙසි    –    අල්කා යාග්නික්, අභිජීත් බට්ටාචාර්ය
    06. හවාහෝන් නේ යේ කහා    –     උදිත් නාරායන්  SEE

                        චිත්‍රපටය නම් මේ වෙනකොට ගොඩක් දෙනෙක් බලලා ඇති. නොබලපු අය වෙනුවෙන් කතාව කෙටියෙන් කියන්නම්. සප්නා කියන්නෙ නගරයේ ඉතාම ධනවත්, බලවත්, පාතාල නායකයෙක් වන ඩෝලකියාගෙ එකම දුව. තමාගෙ තාත්තාගෙ සහ එකම අයියාගේ දරදඩු පාලනය යටතේ හිරකාරියක් වගේ තමයි එයා ජීවත්වෙන්නෙ. දවසක් ඩෝලකියාගෙ සතුරු කල්ලියක් සප්නාව මරන්න උත්සාහ කරනවා. එතනදී එයාව බේරගන්නෙ රෝහිත්. රෝහිත් කියන්නෙ උසස් පාසලේ ඉගෙනුම ලබන මධ්‍යම පාන්තික තරුණයෙක්. ඊටපසු රෝහිත්ට සප්නාව අමතක කිරීමට බැරිවෙනවා. ඔහු ඇයව මුනගැසීමට නවරාත්‍රී උත්සව දවසේ ඩෝලකියාගෙ ගෙදරට යනවා, සංගීත ශීල්පියෙක් විදිහට. එහිදී හමුවන මේ දෙදෙනාගෙ ආදරය නවරාත්‍රී උත්සව දවස් අතරතුරදී වේගයෙන් ඉදිරියට යනවා. තමාගෙ හොඳම යාලුවාගෙ පුතාට සප්නාව වීවාහ කරදීමට ඩෝලකියා උත්සාහ කිරීමේදී රෝහිත් සප්නාව අරගෙන පැනලා යනවා. තමාගෙ එකම දුව පැහැරගෙන ගියාම බලසම්පන්න ඩෝලකියා නිකම් හිදීවිද? මෙතෙක් ගලාගිය ළයාන්විත ආදර කතාව දරුණු වෙන්නෙ ඊට පස්සෙ තමයි. ඉතින් Rajesh Roshanගේ මනමෝහනීය සංගීතයයි Hrithik Roshan ගේ මනස්කාන්ත නර්තනයනුයි රස විදිමින් විනාඩි 166 ක් ගතකිරීමට ආරාධනා කරමින් නවතින්නම්.

                       අන්තර්ජාලයේ ඇති පැය 02.46.45 දිගින් යුතු “Aap Mujhe Achche Lagne Lage (HD) – Full Movie – Hrithik Roshan – Amisha Patel- Bollywood Hit Movies” නමින් ඇති YouTube HD කොපියට ගැලපෙන සබ් ෆයිල් එකකුත් ඔයාලගෙ පහසුවට දාලා තියෙනවා. ජය වේවා.

♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣

US

Download Links:

Download Direct WEBRip 480P පිටපත 445 MB GDToT Download Direct WEBRip 720P පිටපත 1500 MB GDToT Download Direct WEBRip 1080P පිටපත 4000 MB GDToT Download Direct 720P පිටපත 1500 MB

Rasika Samanjith

TV EPISODES : 0
MOVIES : 124
3.1
0%
0%

Comments: 12

  • Hashan Priyadarshana

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට :slight_smile::slight_smile:…

    2020-10-24 at 1:54 am
    Reply
  • රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට:heart_eyes::heart_eyes:
    Khushi (2003 Hindi film) sub dannako bro

    2020-10-28 at 10:31 am
    Reply
  • Rasika Thushara Samanjith

    Thanx comment ekata. kushi niyama film ekak. balamu.

    2020-11-04 at 9:51 pm
    Reply
  • Rasika Samanjith

    මෙහි WEBRip සහ YouTube ලෙස සබ් ෆයිල් දෙකක් ඔයාලගෙ පහසුව තකා අප්ලෝඩ් කල අතර පෝස්ට් එක අප්ඩේට් කිරීමේදී තාක්ෂණික දෝෂයක් නිසා YouTube ෆයිල් එක පමණක් අප්ලෝඩ් වී තිබී ඇත. දැන් එය නිවැරදි කර ඇත. කලින් ඩවුන්ලෝඩ් කරගත් පාඨකයන්ට සිදුවූ අපහසුතාවය ගැන සමාව අයදිමි.

    2021-01-18 at 11:36 pm
    Reply
  • sanjaya8800

    sub eka download unata extract karanna bene..

    2021-01-30 at 10:18 pm
    Reply
  • Deneth Gimhan

    සබ් එකට ස්තූතියි..:grinning::grinning::grinning:සබ් එක සුපිරියට තිබ්බා….මේ ෆිල්ම් එකත් සුපිරි…:thumbsup::thumbsup::thumbsup::thumbsup:
    Soldier – 1998 මේ හින්දි ෆිල්ම් එකටත් සබ් එක දෙන්න පුළුවන් ද ??

    2021-08-27 at 7:55 pm
    Reply
    • Rasika Samanjith

      පට්ටම ෆිලුමක් තමයි. බලන්නම්, සහෝ. කමෙන්ට් කලාට ස්තූතියි.

      2021-08-27 at 11:59 pm
  • මයිකි

    බොහොම ස්තුතියි සබ් එකට තව මෙවැනි ආදර කතා වලට සබ් දෙන්න අනිවා පරන එවා බලලා සබ් කරන්න. එවා තමා ලස්සන

    2021-09-05 at 2:59 pm
    Reply
  • SL_DESHA

    thanks bro sub ekata..me wage parana ewata tawa sub denna:heart_eyes:

    2021-10-31 at 3:46 pm
    Reply
    • Rasika Samanjith

      aniwaren, saho. parana film thamai patta.

      2021-10-31 at 3:54 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip