Aggressive Retsuko
කොහොමද ඉතින් යාලුවනේ .ඔන්න අද ගෙනාවේ තවත් මාරම ඇනිමි එකක්. මේක අයිතිවෙන්නේ animation , comedy , musical කාන්ඩෙට තමා. ඔතන ‘musical’ කිවුවට එහෙම ලස්සනට සින්දු නෑ මේකතාවේ අනිමේශන් එක ටිකක් අමුතුයි , ඒත් මාරම කොමඩියක් තමා.තව දෙයක් මේකෙ ඔක්කොම ඉන්නේ සත්තු තමා
එහෙනම් කතාවගැන පොඩි හැදින්වීමක් කරන්නම් . රෙට්සුකෝ( Retsuko ) කියන්නේ රස්සාවක් කරන්න ගොඩක් ආසාවෙන් හිටපු කෙනෙක් . ඉතින් හා හා පුරා කියලා රස්සාවකුත් හම්බවෙනවා.ඒක වෙලඳසමාගමක්. රෙට්සුකෝ ගොඩක් ආසාවෙන් තමා ඉන්නේ මේ රස්සාවට යන්නේ. ඉතින් අවුරුදු පහක්ම ඔය රස්සාවට යනවා. ඒත් අර කලින් තිබ්බ ආසාව දැන් නෑ. මෙයා වැඩකරන්නේ සමාගමේ ගිනුම් අන්ශයේ ඒකෙ ලොක්කා තමා අද්‍යක්ශක ටොන් .මිනිහා මහා අමාරු කාරයා .ඔෆිස් එකේ කිසි වැඩක් කරන්නේ නෑ . ඔෆිස් එක ගෝල්ෆ් පිට්ටනියක් කියලා හිතාගෙන ගෝල්ෆ් ගහඑක තමා කරන්නේ. තියෙන හැමවැඩක් ම රෙට්සුකෝට පටවනවා. රෙට්සුකෝටත් එපාවෙලා තමා තියෙන්නේ.ඒවගේම රෙට්සුකෝට යාලුවෝ දෙන්නෙක් එන්නවා Fenneko යි Haida යි කියලා.
අද කතාව ගැන කියනවනම් රෙට්සුකෝ ඔෆිස් එකට යනවා. ඒත් යන්නේ සෙරෙප්පු දෙක දාගෙන. ඔෆිස් එකකට යනකොට සෙරෙප්පු දාගෙන යන්න බෑනේ ඉතින් හැන්ගි හැන්ගි තමා යන්නේ කොහොම හරි ඔෆිස් එකට පැනගන්නවා. කතාව ගැන කිව්වා ඇතිනේ. තව දෙයක් රෙට්සුකෝට පොඩි රහසක් තියෙනයා. ඒකත් අද දැනගන්න පුලුවන් වේවි.
Retsuko:-

Fenneko:-

Haida:-

Director Ton:-
තෑන්ක්ස් සබ් එකට සහෝ