Alita: Battle Angel (2019) Sinhala Subtitle
ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ හෙඩ් ඇඩ්මින් දමිත් සහෝදරයගෙ ඉල්ලීමක් අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඉතින් මුලින්ම ස්තූතිය යන්න ඕනෙ ඔහුටයි. මේ තමයි ජපන් ජාතික යුකිටෝ කිෂිරෝ විසින් නිර්මාණය කල, 1990 දශකයේ පළවූ, Gunnm ජපන් මැන්ගා චිත්‍රකථා පෙල (මෙයම ඉංග්‍රීසි බසින් Battle Angel Alita නමින් පළවිය ) ඇසුරින් නිර්මාණය කල Alita: Battle Angel (2019) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. චිත්‍රපටය පැත්තට යන්න කලින් මුලින්ම කියන්න ඕනෙ මෙම චිත්‍රපටයේ තවමත් නිකුත්වී තිබෙන්නේ කැමරා පිටපත් පමණයි, නමුත් මීට දින කීපයකට පෙර විදේශ භාෂා හාඩ්කෝඩඩ් උපසිරැසියක් සහිත හොඳ මට්ටමේ කැමරා පිටපතක් නිකුත්වුණා. Tele-sync පිටපතක් නිසා ශබ්ද තත්වය ඉතාම හොඳ තත්වයේ තිබෙන අතර, කීප තැනකදී ඇතිවන ෆ්‍රේම්රේට් ඩ්‍රොප් වීමක් ඇරුණුවිට වීඩියෝවත් හොඳ තත්වයක තිබෙනවා. ලබාදී ඇති Openload ඩිරෙක්ට් ලින්ක් එකෙන් නැරඹීමේ හැකියාවද ඇති නිසා, බලලම ඩවුන්ලෝඩ් කරගන්න. හරි එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..
Gunnm චිත්‍රකථාමාලාව මුලින්ම පළවෙන්නෙ ජපන් භාෂාවෙන්, ඒ වර්ෂ 1990 සිට 1995 දක්වා. ඒත් සමගම එය ඉංග්‍රීසි බසට පරිවර්තනය වනවා Battle Angel Alita නමින්, මෙහි වෙළුම් ගණන 9ක්. ඉන්පසුව වර්ෂ 2000 සිට 2014 දක්වා මෙහි තවත් කථාමාලවක් පළවනවා Battle Angel Alita: Last Order නමින්, එහි සම්පූර්ණ වෙළුම් ගණන 19ක්. 2014 සිට Gunnm: Mars Chronicle නමින් තවත් කථාමාලාවක් ලෙස මෙය අදටත් පළවනවා.

Battle Angel Alita හි පලමු වෙළුමේ මුල් කවරයක්

Battle Angel Alita : The Last Order
![]()
Battle Angel Alita : Mars Chronicleහි පලමු වෙළුමේ මුල් කවරය
මේ කතාමාලාව ඇසුරින් 1993 වසරේදී සජීවීකරණ චිත්‍රපටයක් නිර්මාණය වනවා Gunnm නමින්ම.

එහි පෝස්ටරය
ඔන්න ඔහොම ඇවිත් තමයි මේ කතාමාලාව චිත්‍රපටයක්ව අප හමුවට එන්නෙ මේ වසරේදී. බොහෝදුරට මෙය චිත්‍රපට මාලාවක් වෙන්නටත් ඉඩ තියන බව තමයි මේ Alita: Battle Angel (2019) චිත්‍රපටය අවසානය දැක්කම හිතෙන්නෙ. කොහොමනමුත් මෙය සිනමාවට නැගෙන්නෙ දැඩි බාධක මධ්‍යයේ. මෙය සිනමා නිර්මාණයක් කිරීමේ නිෂ්පාදන සහ තිරපිටපත් රචන කාර්යය බාරගන්නේ සුප්‍රසිද්ධ හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මහතා, ඒ අද ඊයෙ නෙමෙයි 2003 වසරෙදි. නමුත් පසුව Avatar (2009) චිත්‍රපටයේ නිර්මාණ කාර්යයත් එක්ක කාර්යබහුල වන ඔහු මේ කාර්යය කල් දමන අතර Avatar හි සාර්ථකත්වයෙන් පසුව දිගටම එහි තවත් සිනමා දිගු සෑදීමට අවධානය යොමු කරන නිසා මෙය දිගින් දිගටම කල් යනවා. අවසානයේ මෙය බාරවෙන්නෙ රොබට් රොඩ්‍රිගස් අධ්‍යක්වරයාට. ඒ වනවිටත් ජේම්ස් කැමරන් මහතා මෙහි තිරපිටපත යම් ප්‍රමාණයකට ලියා අවසන් කර තිබී ඇති අතර , ඔහු එය රොබට් රොඩ්‍රිගස්ට ලබාදී තිබෙනවා. එයට යම් යම් වෙනස්කම් එක්කර තමයි ඔහු චිත්‍රපටය අප හමුවට අරගෙන එන්නෙ. තමන්ගේ චිත්‍රපටවල නිර්මාණ කර්තව්‍යයෙන් වැඩි ප්‍රමාණයක් තනිවම කරන, “One man film crew” ලෙස හොලිවුඩය පුරා නමක් දිනා සිටින රොබට් රොඩ්‍රිගස් මෙහිදීනම් අධ්‍යක්ෂ කටයුත්තට පමණයි දායක වෙලා තියෙන්නෙ. ඇත්තම මේ චිත්‍රපටය ප්‍රේක්ෂක කැමැත්ත සහ අකමැත්ත යන දෙකම පොදුවේ දිනාගත්තා, ඊට හේතුව මෙහි ප්‍රධාන චරිතය වන අලීටාගේ ඇස් සාමාන්‍ය පමණට වඩා විශාලව නිර්මාණය කර තිබීම. ඒ ගැන විමසූ විට රොබට් රොඩ්‍රිගස් පවසා සිටියේ ජේම්ස් කැමරන්ට අවශ්‍යව තිබුනේ ජපන් මැන්ගාවලට ආවේනික විශාල ඇස් සහිත චරිතයම තිරයට ගෙන එන්නට බවත්, මුල් නිර්මාණයට ගරු කිරීමක් ලෙස තමන් එය එලෙසම කල බවයි. ඇති නේද ? දැන් තියෙන්නෙ චිත්‍රපටයේ කතාව පැත්තට යන්න වුණත්, මම වැඩි යමක් නොකියා මෙහෙම කියන්නම්..
මහා යුද්ධයකින් විනාශවගොස් ඇති, සාමාන්‍ය මිනිසුන්ද සයිබෝර්ග් නොහොත් අර්ධ යාන්ත්‍රික මිනිසුන්ද එකසේ වාසය කරන අයෝමය නගරය නම් නගරයක්…
අයෝමය නගරයට ඉහලින් ඇති, එක් ක්‍රමයකින් හැර ඇතුල්වීමටද අවසර නැති, සාලෙම් නම් ආකාශ නගරයක්…
එහි සිට අනෙකුන් පාලනය කරනා නෝවා නම් පාලකයෙක්…
සාලෙම් නගරයට ඇතුල්වීමට ඇති එකම ක්‍රමය වෙනුවෙන් තම ශරීර අවයව විනාශ කරගන්නා අයට පිහිට වන කාරුණික වෛද්‍යවරයෙක්..
තම රෝගීන් වෙනුවෙන් අවශ්‍යකරන යාන්ත්‍රික කොටස් සොයා සාලෙම් නගරයෙන් ඉවතදමන සුන්බුන් ගොඩක ඇවිදයන ඔහුට හමුවන සයිබෝර්ග් තරුණියකගේ හිස කොටසක්…
එයින් ඇරඹෙන අසාධාරණයට එරෙහි විප්ලවයක්…
එහෙනම් Imdb අගය 7.6ක්ද, Rotten tomatoes වෙතින් 60%ක්ද ලෙස අගයන් ලබා ඇති, රෝසා සලාසාර් (අලීටා), ක්‍රිස්ටොෆර් වොල්ට්ස් (වෛද්‍ය .අයිසන් ඊඩෝ), ජෙනිෆර් කොනලි (ෂිරෙන්), මහෙර්ෂලා අලී (වෙක්ටර්) , එඩ් ස්ක්‍රෙන් (සැපෑන්), ජැකී අර්ල් හේලි ( ගෘවිෂ්කා), කියාන් ජොන්සන් (හියුගෝ), ජොහෙ ලින්ඩබර්ග්.කණිෂ්ඨ (ටන්ජි), වැනි පිරිසකගේ රංගන දායකත්වයෙන්ද ඔබ වෙත එන මේ සිනමා නිර්මාණය නරඹන ලෙස ඔබට ආරාධනා කරමින් මම ගිහින් එන්නම් , තව අපේ රසික හිතවතුන්ගේ ඉල්ලීම් කීපයක්ම තියනව, ඒවටත් උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.
සැලකිය යුතුයි:-
BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත. පෙර නිකුත්වූ (iTunes/Amazon) WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන ලෙස සකස් කල උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත්ය.
ela niyamaiiiiiiii
එල නියමයි සහෝ,උපසිරසියට ස්තුතියි සහෝදරයා,දිගටමේ මේ වගේ කතා වලට උපසිරසි දෙන්න,ජය වේවා!
Pattaaaaaaaaaaaa
Download link eka open venne na
මම මේ දැනුත් චෙක් කලානෙ, ලින්ක් එක වැඩ. ආයිත් ට්‍රයි කරල බලන්න.
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Request :
Paskal 2018
Happy.Death.Day.2U.2019.720p.HC.HDRip.
A.I. Rising (2018)
The Mule (2018)
Wildlife (2018)
Paskal ලඟදිම එනවා.
Triple Threat (2019)
Dragged Across Concrete (2018)
Thanks…
නියමයි.බොහොම ස්තූතියි.සහෝ පුලුවන්නම් ඉදිරි කාලය තුළදී cowboy bebop anime series එකට සබ් දෙන්න බලන්න.මේක ගොඩක් ජනප්ප්‍රිය පැරණි ඇනිමේ සිරිස් එකක්.ජය වේවා!
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා…!
තෙරුවන් සරණයි…!
Mcn sinhala idx sub ekak srt karaganna kramayak thiyenawada?
ඉංග්ලිෂ්නං පුළුවන්, සිංහලනම් බෑ subtitle සොෆ්ට්වෙයාවල OCR engineවලට සිංහල ඉමේජ් රීඩ් කරන්න බැරි හින්ද. ඉංග්ලිෂ් වුණත් 100%ක් හරියට ගන්නෙ නෑ සමහර වචන අවුල්යනවා, ඒක පස්සෙ එඩිට් කරගන්න ඕනෙ, එතකොට හරි.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
බොහොම ස්තූතියි සහෝ,
Thnk u mcn me wadeta
ජය වේවා.මේ වගේ අලුත් චිත්‍රපට වලට සබ් දෙන්න දිගටම