American Assassin (2017) Sinhala Subtitle
ආයුබෝවන් වේවා Subz LK වාසී හැමකෙනෙක්ටම.Sky hunter චිත්‍රපටයෙ උපසිරැසිය දීපු ගමන්ම වගේ තවත් චිත්‍රපටයකට උපසිරැසි ගේන්න පුළුවන් වුණා මේකෙත් ස්තූතිය යන්න ඕනෙ අපේ කවීෂ සහෝදරයටයි.එයා තමයි මේ ෆිල්ම් එකත් හොයල දුන්නෙ.චිත්‍රපටයෙ නම තමයි American assassin (2017).ක්‍රියාදාම, ත්‍රාසජනක (Action, Thriller) ඝණයට අයත් මේ චිත්‍රපටයට හිමි IMDB අගය 6.3ක්, ගූගල් පරිශීලකයන් 79%කගෙ ප්‍රසාදය දිනාගන්නත් මේ චිත්‍රපටය සමත්වෙලා තියනවා.ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ඩිලන් ඕ’බ්‍රයන් ( මිච්), චාලට් වේගා (කත්‍රීනා), සානා ලතාන් (අයිරින් කෙනඩි), මයිකල් කීටන් ( ස්ටෑන් හර්ලි) වගේ නළු නිළියන් පිරිසක්.මේ අතරින් මයිකල් කීටන් සහ ඩිලන් ඕ’බ්‍රයන් ඕගොල්ලන්ට ගොඩක් මතක නළුවො දෙන්නෙක්නෙ.Maze runner එහෙම බලපු අයට මතකයිනෙ ඩිලන් ඕබ්‍රයන්ව.මේ චිත්‍රපටයෙදි ඩිලන් ඕ’බ්‍රයන්ගෙ චරිතය දිහා හොඳ අවධානයෙන් බලන්න.බලන්න ඔහුගේ කොණ්ඩා විලාසිතාව සියුම්ව ක්‍රමක්‍රමයෙන් වෙනස් කරනවා චිත්‍රපටය තුලදි.ඊලඟට චිත්‍රපටයෙ අවසාන රූපරාමුවෙ ඉන්න ඩිලන්ව දැක්කම ඔයගොල්ලන්ට කාවද මතක් වෙන්නෙ කියල බලන්න.ඔයගොල්ලො හොඳින්ම දන්න ආදරය කල සිනමාතරුවකගෙ රූපයට, හැසිරීම්වලට අතිශයින්ම සමානයි ඩිලන් ඕ’බ්‍රයන්.ඒක ඒ සිනමාතරුවව මතක්වෙන්න හිතාමතාම කලදෙයක් වෙන්න ඇති කියලයි මටනං හිතෙන්නෙ.බලන්න ඕගොල්ලන්ටත් ඒකම හිතෙනවද කියල.හැබැයි ඒක එහෙමනං පස්සෙ ආව අදහසක් වෙන්න ඕනෙ මොකද මුලින්ම මේ චරිතයට තෝරගෙන තියෙන්නෙ ක්‍රිස් හෙම්ස්වර්ත්ව.නමුත් දින ප්‍රශ්ණයක් නිසා ඔහු චරිතය ප්‍රතික්ෂේප කරල තියනවා.අනාගතේදි දැවැන්ත චරිතතුලින් ඩිලන් ඕ’බ්‍රයන්ව දැකගන්න පුළුවන් වෙයි කියල හිතෙනව.මේකෙ ඔහුගෙ රඟපෑම්, සටන් ජවනිකා දැක්කම.ඒ කතා ඇතිනෙ දැන් අපි යමු චිත්‍රපටය පැත්තට…
කතාව මෙහෙමයි…මිච් කියන්නෙ උපාධියක් හදාරන තරුණ කෙළිලොල් තරුණයෙක්.ඔහුගෙ පෙම්වතිය කත්‍රීනා එයාට විවාහ යෝජනාවක් කරන්න තමයි මිච්ගෙ සූදානම.ඒ වෙනුවෙන් ඔහු තෝරාගන්නෙ සුන්දර වෙරළක්.නමුත් ඒ සුන්දර වෙරළේදීම මිච්ගෙ ඒ අහිංසක ආසාව විනාසවෙලා යනවා.එතනින් මිච්ගේ මුළු ජීවිතයම වෙනස් වෙනවා.දැන් ඔහුට තියෙන්නෙ එකම එක අරමුණක් විතරයි ඒ ඔහුගෙ ආසාව විනාශ කලවුන් සොයායාමයි.ඒ වෙනුවෙන් ඔහු දැවැන්ත කැපකිරීමක් කරනවා.හැබැයි මේ සේරම බලාඉන්නවා CIA සංවිධානය.එතනින් එහාට එහෙනම් ඕගොල්ලන්ට බාරයි…තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු!!!
විශේෂයි :- මේකෙ අවසන් භාගයේ තියනව “කවුන්ට මෙෂ(ර්) වොෂ් ඩවුන්” කියල වචනයක්.ඒක නාවික හමුදා හා සම්බන්ධ ක්‍රියාකාරකමක්.මෙන්න මේ වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් විස්තර ඇතුව කෙටියෙන්.හැබැයි ෆිල්ම් එක බලල ඉවරවෙලා බලන්න.නැත්තං ස්පොයිල් වෙන්න ඉඩ තියනවා.මෙන්න වීඩියෝ එක.මේ ෆිල්ම් එකේ හාඩ්කෝඩ් සබ්ටයිටල් වගයකුත් තියනව.උපසිරැසි ෆයිල් එකේ ඒවට උපසිරැසි තිබුණෙ නෑ.මම ඒවටත් උපසිරැසි හදල තියෙන්නෙ.බලද්දි බාධාවක් නොවෙන්න ඒ ටික කලර් කරල තියෙන්නෙ.
Spoiler Warning : When Cold War veteran Stan Hurley takes CIA black ops recruit Mitch Rapp under his wing, they receive an assignment to investigate a wave of random attacks on both military and civilian targets. After discovering a pattern of violence, Hurley and Rapp join forces with a lethal Turkish agent to stop a mysterious operative who wants to start a global war…
ස්තුති හසිත සහො (6)
thanks bro
Machan thank you so much saho! Patta wadak. Please digatama karagena yanna. Sup eka denava ekenma
Thanks machn
Thanks saho
Good work. Thank you subz.lk🙂
torrent eka ganna den nene.(7tor.download) ad ekak enwa eka skip krnna den nette ai.plz help
ඒ සයිට් එක ෂට්ඩවුන් කලා කාලෙකට කලින්, ඒකයි ඒ. දැන් හරි. අලුතෙන් ලින්ක් අප්ඩේට් කරල තියෙන්නෙ. දැන් ටොරන්ට් එක ගන්න පුළුවන්.