Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E16] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E15] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E14] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E13] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E12] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E09] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E10] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E11] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle
  • Genres
  • Action
  • Ant-Man and the Wasp (2018)…

Ant-Man and the Wasp (2018) Sinhala Subtitle

October 14, 2018 Junior Admin

ආයුබෝවන් අදත් Subz LK හිතවතුන් හැමදෙනෙක්ටම. අද මම මේ අරගෙන එන්නෙ අපි මගබලාගෙන හිටපු තවත් මාවල් චිත්‍රපටයක උපසිරැසිය අරගෙනයි. ඒ තමයි Ant Man and Wasp (2018). ඉතින් මේ චිත්‍රපටයේ උපසිරැසිය කිරීමට මාහට බාරදුන් කවීෂ සහෝදරයටත් ස්තූති කරන ගමන්ම දැන් අපි යමු චිත්‍රපටය පැත්තට. අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට එකකට එකක් සම්බන්ධයි. ඒ නිසාම මුල් චිත්‍රපට නරඹා තිබීම අතිශය වැදගත් මේ චිත්‍රපටයත් නිවැරදිව වටහා ගන්නට. විශේෂයෙන්ම Ant Man (2015) සහ Captain America :Civil War (2016) චිත්‍රපට ද්විත්වය. මේ චිත්‍රපට ද්විත්වයේ සිදුවීම් කෙටියෙන් විස්තර කරලම මම පටන්ගන්නම්. මෙය නරඹන ඔබට පහසුවක් වෙන්න. ඒ චිත්‍රපට ද්විත්වය නරඹා නැති අයට මෙතනින් ඉදිරියට ලිපිය කියවීම රසවින්දයට බාධාවක් විය හැකියි. මුලින්ම පටන් ගමු අපි ඈන්ට් මෑන් හැදුණ විදියෙන්ම…

ANT MAN (2015) RECAP

කතාව ආරම්භ වෙන්නෙ කොමික්ස් රසිකයන් හැමෝම අඳුනන S.H.I.E.L.D  ත්‍රස්ත මර්ධන විශේෂ ඒකකයෙන්. 1989 වර්ෂයේදි තමන් විසින් නිර්මාණය කල ඈන්ට් මෑන් හැකිලුම් තාක්ෂණය අනවසරයෙන් පිටපත් කරන්නට ගත් උත්සාහයක් නිසා විද්‍යාඥ හෑන්ක් පිම් S.H.I.E.L.D ත්‍රස්ත මර්ධන එකකයෙන් ඉල්ලා අස්වෙනවා. තම තාක්ෂණය අනතුරුදායක එකක් බවට විශ්වාස කරන ඔහු ශපථ කරනවා එය සදහටම ලොවෙන් සඟවා තබන බවට. ඉන් වසර ගණනාවකට පසුව හෝප් වැන් ඩයෑන් එහෙමත් නැත්නම් හෑන්ක් පිම්ගේ (මවගේ මරණය සිදුවූ ආකාරයක් තමන්ට නොපැවසීම නිසා ඔහු හා අමනාපව සිටින) දියණියගේ උදවුවෙන් ඩැරන් ක්‍රොස් නැමැත්තා පිම්ව ඉවත්කොට ඔහුට හිමි පිම් ටෙක්නොලොජීස් ආයතනය තමන් භාරයට ගෙන එය ක්‍රොස් ටෙක්නොලොජීස් නමින් නම් කරනවා. එහි තාක්ෂණය භාවිත කරමින් ඩැන් ක්‍රොස් විසින් පිම්ගේ ඈන්ට් මෑන් ඇඳුමට සමාන ඇඳුමක් නිර්මාණය කරගෙන යනවා. ඒ තමයි “යෙලෝ ජැකට්”. මෙය දකින පිම් දැඩි ලෙස බියට පත්වෙනවා.

ඔය අතරෙ තමයි අලුත් කෙනෙක් කරලියට එන්නෙ. ඔහු ස්කොට් ලැන්ග් නම් මෑතකදී සිරෙන් නිදහස ලැබූ දක්ෂ සොරෙක්. ඔහු කෙලින්ම ඇවිත් නවාතැන් ගන්නෙ සිරභාරයේ සිටියදී තමන් හා මිතුරු වූ ලුවිස් නැමැත්තෙකුගේ නිවසේ. ස්කොට් කියන්නෙ විවාහක එක්දරු පියෙක්, බිරිඳ මැගී, දියණිය කැසී. කෙසේවෙතත් ඔහු සිරභාරයේ සිටියදී බිරිඳ ඔහුගෙන් දික්කසාද වෙනවා. එසේවුවත් තම දියණිය දැකගන්නට ආශාවෙන් පසුවන ස්කොට් තමන්ගේ පෙර නිවසට ගියත් ඔහුට සිදුවන්නේ මැගීගෙ සහ ඇයගේ නව සැමියා වන පැක්ස්ටන් නම් පොලිස් පරීක්ෂකවරයාගේ දෝෂාරෝපණයට ලක්වන්නට. ඒ දරුවාට නඩත්තු මුදල් නොදීම නිසා. රැකියාවක් සොයාගන්න දැඩි වෙහෙසක් දැරුවත් පෙර වැරදිකරුවෙකු වීම නිසාම එයත් සාර්ථක නොවන තැන ස්කොට් ලුවිස් සහ ඔහුගේ සොර නඩයට එකතුවෙනවා සොරකමක් කිරීමට. විශාල නිවසකට (පිම්ගේ) ඇතුල්වෙන ස්කොට්ට එහි සේප්පුව තුල තිබී හමුවෙන්නෙ මෝට බයිසිකල් ජැකටයක් වැනි ඇඳුමක් පමණයි. ඒ තමයි පිම්ගේ ඈන්ට් මෑන් සූට් එක. ගේන්නට දෙයත් නැති තැන ඔහු එයත් රැගෙන නිවසින් පිටවෙනවා. නිවසට පැමිණ එය ඇඳ බලන්නට යාමේදී තමයි ඔහු දැනගන්නෙ මෙය ශරීර ප්‍රමාණය කුඩා කරගන්නට සැකසූ එකක් බව. මේ අද්භූත අත්දැකීමෙන් බියපත්වෙන ඔහු නැතත් පිම්ගේ නිවසට යනවා එය ආපසු බාරදෙන්නට. නමුත් එතනින් පිටතට එද්දි ඔහු නැවතත් අත්අඩංගුවට පත්වෙනවා. තම නිවසට ඇතුල්වූ මේ සොරාව බැලීමට සිරමැදිරියට යන පිම් ඔහුට ඈන්ට් මෑන් ඇඳුම සොරෙන් ලබාදෙනවා සිරෙන් පිටතට පැනගැනීම සඳහා. සැබෑවටම මේ සොරකම ලුවිස් ලවා පිම් විසින්ම සැලසුම් කල එකක්. ඒ ඈන්ට්මෑන් භූමිකාවේ අනුප්‍රාප්තිකයා ලෙස මේ ස්කොට් ලැන්ග්ව තෝරාගෙන ඔහු ලවා ඩැරන්  ක්‍රොස්ගේ “යෙලෝජැකටය” සොරාගැනීමට. තම සගයා ඩැරන් ක්‍රොස්ගේ යටි අරමුණ සොයාගන්නා හෝප් පිම් සමගින් එකතුව ස්කොට්ට අවශ්‍ය පුහුණුව සහ කුහුඹුවන් හැසිරවීමේ දැනුම ලබාදෙනවා. කෙමෙන් දළුලා වැඩෙන හෝප් සහ පිම්ගේ බැඳීමත් එක්කම හෝප් පිම්ගෙන් ප්‍රශ්ණ කරනවා තම මව එනම් ජැනට් වැන් ඩයෑන්ගේ මරණය ගැන. එහිදී ඔහු හෝප්ට එලිදරව් කරනවා තමන් (ඈන්ට් මෑන්) සහ ඇය (වොස්ප්) රුසියානු මිසයිලක් නැවැත්වීමට කල උත්සාහයකදී ක්වොන්ටම් ලෝකය නම් වෙනත් විශ්වයකට ඇදී ගිය බව. ඈන්ට් මෑන් ඇඳුමේ ඇති රෙගියුලේටරය ක්‍රියාවිරහිත කලහොත් ඔහුද ඒ ඉරණමට ගොදුරුවීමට සිදුවිය හැකි බව පිම් ස්කොට්ට අනතුරු අඟවනවා. යෙලෝ ජැකට් මෙහෙයුමට අවශ්‍ය යම් උපකරණයක් සොරකම් කිරීමට ඔවුන් ඔහුව යවනවා ඇවෙන්ජර්ස් මූලස්ථානයට. එහිදී ඔහු හා ෆැල්කන් (සෑම් විල්සන්) අතර පොඩි සටනකුත් සිදුවෙනවා. ඔය අතර යෙලෝ ජැකට්හි නිර්මාණ කටයුතු අවසන් කරන ඩැරන් ක්‍රොස් එය ප්‍රසිද්ධ කරන්නට උත්සවයක් සංවිධානය කරනවා පිම් ටෙක්නොලොජීස් මූලස්ථානයේ. උත්සවය අතරතුර එයට ඇතුල්වන ලැන්ග්, ඔහුගේ කණ්ඩායම ඇතුළු කුහුඹුවන් එහි සර්වරයන් ක්‍රියාවිරහිත කර පුපුරණ ද්‍රව්‍ය සවි කරන්නට සමත් වෙනවා. එහිදී ඔවුන් දැනගන්නවා ක්‍රොස්ගේ අරමුණ යෙලෝජැකටය හයිඩ්‍රා ත්‍රස්ත සංවිධානයට විකිණීම බව. කෙසේ හෝ අවසානයේ යෙලෝ ජැකටය පැලඳි ක්‍රොස් හා සටන් කරන ස්කොට් ඊලඟට පැක්ස්ටන්ගේ අත්අඩංගුවට පත්වෙනවා. ක්‍රොස් ස්කොට්ගේ සියණිය කැසීව පැහැරගන්නවා ස්කොට්ව තමන් ලඟට ගෙන්වාගැනීමට. අවසානයේ පිම් විසින් නොකරන ලෙස අනතුරු ඇඟවූ උප පරමාණුක තත්වයට පත්වී යෙලෝජැකටය හරහා ගොස් එහි රෙගියුලේටරය විනාශ කර ක්‍රොස්ව මරාදමන්නට ස්කොට් සමත් වෙනවා. නමුත් මේ නිසාම ස්කොට් අවසානයේ නතර වෙන්නෙ හෝප්ගේ මව එනම් ජැනට් වැන් ඩයෑන් ඇදීගිය ක්වොන්ටම් ලෝකයේමයි. කෙසේ නමුත් ඔහු සමත් වෙනවා ආපහු සැබෑ ලෝකයට එන්නට. ලැන්ග්ගේ නිර්භීත බවට ගරු කරන පැක්ස්ටන් ඔහුව නීතියේ රැහැනට හසුවීමට නොදී බේරාගන්නවා. ස්කොට් ක්වොන්ටම් ලෝකයේ සිට නැවත පැමිණි බව දැනගන්නා පිම් ඔහුගෙන් විමසනවා. තම බිරිඳ වන ජැනට් එහි සිටියාදැයි. ඉන්පසු මිඩ් ක්‍රෙඩිට් දර්ශනයේදී අප දකිනවා හෑන්ක් පිම් විසින් හෝප්ට නව වොස්ප් ඇඳුමක් ලබාදෙනවා. අන්තර්ජාලය ඇසුරිණි.

Captain America :Civil War (2016) නැරඹූ ඔබට මතකනම් මෙහිදී පිම්ගේ අනුදැනුමක් නැතිව ස්කොට් ලැන්ග් කැප්ටන් ඇමරිකාගෙ ආරාධනයෙන් ඈන්ට් මෑන් ඇඳුමත් අරගෙනම යනවා ඔහුගේ සොකෝවියා සම්මුතිය ගැන තිබූ මත ගැටුම මත කල සුපිරිවීර සටනට සහය වීමට ජර්මනියට. එයින් වෙන්නෙ සුපිරිවීර ක්‍රියාකාරකම් පාලනය කිරීමට සකස් කල සොකෝවියා සම්මුතිය උල්ලංඝණය කල අයෙක් බවට අපේ ස්කොට් ලැන්ග් නොහොත් ඈන්ට් මෑන් නොදැනීම  පත්වීමයි. මේ කලබගෑනි නිසා ඔහුටත් වැඩියෙන් කරදරයට ලක්වෙන්නෙ හෑන්ක් පිම් සහ හෝප් වැන් ඩයෑන්. ඒ සියල්ල නිසාම හෑන්ක් ඉන්නෙ ස්කොට් එක්ක පුදුමාකාර කේන්තියකින්. ඒ සිදුවීමෙන් පස්සෙ ඔවුන්ට වුණ දේවල් ඔබට Ant Man and Wasp තුලින් නරඹන්න පුළුවන් නිසා මම ඒ ගැන මින් එහාට මුකුත් නොකියා ඉන්නම්. Avengers:Infinity War (2018) බලද්දි ඈන්ට් මෑන්ට මොකද වුණේ කියල ප්‍රශ්ණයක් හිතේ ඇතිවුණානම්, මේ චිත්‍රපටයෙ තියනව ඒකට උත්තරය. මතකනෙ Infinity war එකේදි බ්ලැක් විඩෝ කිව්වා ඈන්ට් මෑන් සහ හෝක්අයි රජය සමග එකඟතාවකට ආ බව? මොකද්ද අන්න ඒ එකඟතාව කියල බලාගන්න පුළුවන් මේ චිත්‍රපටය තුලින්. ඇති නේද දැන් ලිපියත් සෑහෙන දික්වෙලා  දැනටම. IMDB අගය 7.3කුත්, Rotten Tomatos වෙතින් 88%ක අගයකුත් ලබා සිටින Ant Man and the Wasp හි අධ්‍යක්ෂණ කර්තව්‍යය පේටන් රීඩ්ගෙන්. රංගන තරු විදියට සුපුරුදු පරිදි පෝල් රඩ් (ස්කොට් ලැන්ග්/ඈන්ට් ඇන්), එවැන්ජලින් ලිලී (හෝප් වැන් ඩයෑන්/වොස්ප්), මයිකල් පෙන්යා (ලුවිස්), වෝල්ටන් ගොගින්ස් (සොනී බර්ච්), බොබී කැනවෙල් (පැක්ස්ටන්), ජූඩි ග්‍රියර් (මැගී), ඇබී රයිඩර් ෆෝට්සන් (කැසී), රැන්ඩල් පාක් (ජිමී වූ), මයිකල් ඩග්ලස් (ආචාර්ය. හෑන්ක් පිම්) වගේ රංගන ශිල්පි ශිල්පිනියන් පිරිසක්. චිත්‍රපටයෙ කතාව විස්තර කරන්න යන්නෙ නෑ මම වෙනද වගේම. මොකද කිව්වොත් මුල ඉඳන්ම කුතුහලයෙන් බලන්න තියන නිර්මාණයක රස වින්දනයට බාධා කරන්න අදහසක් නැති නිසා. එහෙනම් මම ගිහින් එන්නම්. හමුවෙමු අපි ලඟදීම තවත් උපසිරැසියකින්!

  • උපසිරැසි ගොණුව තුල WEB-DL සහ BluRay පිටපත් ද්විත්වයටම උපසිරැසි ඇතුලත්ය. ඩවුන්ලෝඩ් ලින්ක්වල ඉහලින් ඇති ලින්ක් එක WEB-DL සඳහා වන අතර ඊට පහලින් ඇති ලින්ක් එක BluRay සඳහා වේ.
  • සුපුරුදු පරිදි මේ චිත්‍රපටයටත් ක්‍රෙඩිට් දර්ශන ද්විත්වයක් ඇතුලත්.

විශේෂ :-

  • චිත්‍රපටය මුල් භාගයේ ස්කොට් නරඹමින් ඉන්න චිත්‍රපටය Animal House (1978).
  • ලුවිස් වෑන් එකේ ඉඳන් මතක් කරන “‍Wassap” වෙලඳ දැන්වීම තමයි මේ.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
22231 වාරයක්
Available Torrents
3D bluray 1.89 GB
GET
720p bluray 1009.21 MB
GET
1080p bluray 1.89 GB
GET
2160p bluray 5.6 GB
GET
720p web 1005.06 MB
GET
1080p web 1.89 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (17)
← Older
  • Pasindu Wickramasinghe User
    Android 5.1 UC Browser 11
    2018-10-17

    ලස්සනට ලිපිය ලියලා තියනවා සහෝ.. උපසිරසියට ගොඩක් ස්තූතියි. ජය වේවා..

    Reply
  • Randika adikaram Unregistered
    Android 7 Chrome 55
    2019-01-22

    Bohoma sthuthi sub ekata 👌

    Reply
  • supun wickramage Unregistered
    Windows 7 Chrome 71
    2019-01-27

    thnks a lot

    Reply
  • දිල්ෂාන් Unregistered
    Android 8 Chrome 73
    2019-03-21

    මම වැඩිය මොකුත් කියන්නෙ නෑ. මම මෑතකදී තමා ෆිල්ම් බලන්න පුරුදු වුනේ. ඇත්තටම වැල් වටාරම් නැතුව රස විඳින්න පුලුවන් විදිහට සබ්ටයිට්ල් දෙනවා. සුපිරියි

    Reply
  • Nirmal Unregistered
    Windows 7 Chrome 77
    2019-10-17

    pattama wedak.

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 164
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved