Anthropoid (2016) Sinhala Subtitle
IMDB හි 7.4 ක් සහ Rotten Tomatos හි 66%ක අගයන් ලබාගත් මෙම චෙකොස්ලෝවැකියානු සිනමාපටය සත්‍ය සිදුවීමක්ද වේ…
මෙම කතාවේ ආරම්භය වර්ෂ 1938 දක්වා ඈතට දිවයන්නකි. ඒ වනවිට ජර්මානු ඒකාධිපති හිට්ලර් තමන්ගේ ජර්මානු අධිරාජ්‍යය විශාල කරගැනීමේ අරමුණින් කටයුතු කල කාලයයි…ඔහුගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය අන් රටවලට මහත් හිසරදයක් වූ අතර එය සාමකාමීව විසඳා ගැනීම සඳහා ඉතාලි ආඥාදායක බෙනිටෝ මුසෝලිනි,ප්‍රංශ නායක එඩ්වඩ් දලාදීර් , බ්‍රිතාන්‍ය අගමැති නෙවිල් චැම්බලින් සහ හිට්ලර් අතර “මියුනිච් ගිවිසුම” නම් වූ ගිවිසුමක් අත්සන් කෙරිනි. ඇත්ත වශයෙන්ම එය සාමයේ නාමයෙන් චෙකොස්ලොවැකියාව හිට්ලර්ට බිලිදීමක් වූ අතර අවසානයේ එය සාමය ඇතිකරගැනීමට කල නිශ්ඵල වෑයමක් බවට පත්විය. හිට්ලර් විසින් එකදු උණ්ඩයක්වත් වැය නොකර චෙකොස්ලෝවැකියාව යටත් කරගත්තේය…
හිට්ලර්ට බාරදුන්නේ මුළු චෙකොස්ලෝවැකියාවම නොවන අතර එය මිලියන තුනක ජර්මන් ජාතිකයින් විසූ සුඩන්ටන්ලන්ඩ් නම් වූ කුඩා ප්‍රදේශයක් පමණකි. මේ ප්‍රදේශයේ තිබූ ගල්අඟුරු, යකඩ, සහ විදුලි බලය හිට්ලර්ගේ යුධ යාන්ත්‍රණයට මහත් ශක්තියක් වූ නමුත් ජර්මානු ආධිපත්‍යයට විරුද්ධවූ යම් කණ්ඩායම් එම ක්‍රියාවලියට මහත් බාධාවක් විය…
මෙම විරෝධය මැඩ පැවැත්වීම සඳහා හිට්ලර් විසින් ඔහුගේ ගෙස්ටාපෝ රහස් පොලිස් ප්‍රධානියා වූ රෙයින්හාඩ් හයිඩ්‍රිච්ව පිටත් කර හැරියේය. විරෝධතාවය මැඩ පැවැත්වීමට ඔහු ගත් අමානුෂිකක්‍රියා කලාපයන් හේතුවෙන් ඔහුට “ප්‍රාග්හි මස් මරන්නා ” යන අන්වර්ථ නාමයක් ලැබිණි. කතාව ආරම්භ වන්නේ එතැන් සිටය…
ඔහුව රහසිගතව ඝාතනය කිරීමට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ මිත්‍රපාක්ෂිකයන් සෙබළුන් කිහිප දෙනෙක්ව චෙකොස්ලෝවැකියාවට පැරචුට් මගින් ගොඩබස්වයි. ඔවුන් චෙකොස්ලෝවැකියානු විරුද්ධවාදීන් සමග එක්ව ඝාතනය සැලසුම් කරයි. එය සාර්ථක කරගැනීමට ඔවුන්ට හැකිවේද?
මෙම සිනමාපටයේ සිප ගැනීම් දර්ශන කිහිපයක් හැරුණ විට වෙනත් ඔබ අපහසුවට ලක්විය හැකි දර්ශණ අඩංගු නැත. පෙරවදනක් සහ පසුවදනක් ඇතුලත් බැවින් ෆෝවඩ් නොකර මුල සිටම චිත්‍රපටය නරඹන්න…
Spoiler Warning : n December 1941, two Czech soldiers (Jamie Dornan, Cillian Murphy) parachute into their occupied homeland to assassinate Nazi officer Reinhard Heydrich (Detlef Bothe)…
එල එල බ්‍රෝ
තවත් සබ් කරගෙන යන්න.
Gdluk.
Thanks brother. Good luck.
Thanks a lot….
ELA,THNKS
Patta mcn. Digatama sub dipan
Thanks saho
Ela bn, thanks
sub එක ලබාදුන්නට බොහොම ස්තුතියි!
subzlk෴ හොඳ වැඩක්
ස්තුතියි!
Man meka kalin balala thiyanawa supiri move eka