Aşk Sadece Bir An (2025) Sinhala Subtitle
පසුගිය වැලන්ටයින් දිනයේ, එනම් 2025 පෙබරවාරි 14 දින නිකුත්වුනු Romance / Drama වර්ගයේ ලස්සන තුර්කි සිනමා සලරුවකට තමයි අද උපසිරැසියක් අරන් ආවෙ. චිත්‍රපටය Ask Sadece Bin An. ධාවන කාලය විනාඩි 112 යි. මේක සංවේදී ආදර කතාවක් සහිත ෆිලුමක්. රුස්ගාර් බාර් එකක වැඩ කරන, අඳුරු අතීතයක් සහිත, අනාථ තරුණයෙක්. තමන්ගෙ තාත්තව මරන්න හොයමින් ඉන්න කෙනෙක්. ගොඩක් දඩබ්බරයි. ඔහු අහම්බෙන් මුණගැහුනු තරුණියක් සමග ආදරයෙන් බැඳෙනවා. ඇය නමින් හයාල්. හොඳ පවුල් පසුබිමක් සහිත, නීති විද්‍යාල සිසුවියක්. ඇගේ පියාත් නීතිඥයෙක්. මේ දෙන්නගෙ පවුල් පසුබිම සහ සංස්කෘතිය අහසයි පොළොවයි වගේ. රුස්ගාර් අත නොහැර, ඔහු පස්සෙන්ම එන ඔහුගේ අඳුරු අතීතයත් එකතුවුනාම මෙයාලගෙ ආදරයට දැඩි බලපෑම් එල්ලවෙනවා. මෙයාලගෙ ආදරය ජය ගනීවිද? නැතිනම් ඛේදවාචකයකින් අවසන් වේවිද? රුස්ගාර්ගෙ අතීතයේ මොනවද වුනේ? ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එකතුවෙනවා Emirhan Çakal (රුස්ගාර්), Nilsu Berfin Aktaş (හයාල්), Tuana Naz Tiryaki (ඒස්), Recep Usta (ෆාති) සහ Nazlı Yağcı (හිලාල්).
අසභ්‍ය දර්ශන මොකුත් නෑ. මේක ආදර කතාවක් වුනාට සිපගැනීමේ දර්ශනයක්වත් නෑ. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.
ජය වේවා.
Quality // 720p – 1gb // 1080p x265 – 1.8gb
මං vampire diaries කතාමාලාවේ සිංහල උපසිරස බ්ලුරේ පිටපතට හැදුවා ඒක කොහොමද ඔය්ල්ගේ අඩවියට දාන්නේ .
සයිට් එකට ලොග් වෙලා upload ටැබ් එකෙන් අප්ලෝඩ් කරන්න. අපි බලලා පල කරන්නම්.
මං කලෙ උපසිරැසිය යාවත්කාලීන කරපු එක විතරයි ඒක කලින් අයගේ තිබ්බ ඒවාට දාන්න බැරිද
එහෙමනම් එයාලගෙ එකට update කරන්න පුලුවන්. අපේ ඊමේල් එකට එවන්න. හැබැයි ඔයාගෙ නම සඳහන් වෙන්නෙ නෑ. ඔයා කැමතිනම් කවුරුවත් නොකල සීරීස් එකකට සබ් හදලා ( ගූගල් ට්‍රාන්ස්ලේට් නැතුව ) අපිට එකතුවෙන්න.