Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Avengers: Endgame (2019) Sinhala Subtitle

Avengers: Endgame (2019) Sinhala Subtitle

Avengers: Endgame (2019) Sinhala Subtitle
Watch Now
Sinhala Subtitles

Avengers: Endgame (2019) Sinhala Subtitle

HD
3
Avengers: Endgame (2019) Sinhala Subtitle
HD
3 views
HD Quality
Sinhala Sub
Close
May 08, 2019 Hasitha Prasad | Junior Admin
IMDB RATING N/A
GENRES
ActionAdventureEnglish MoviesfantasyGenresMoviesSci-Fi
CAST

Brie Larson, Robert Downey Jr., Karen Gillan, Tessa Thompson

 

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ මේ වසරේදී මාවල් රසිකයන් මගබලාගෙන හිටපු දෙවන චිත්‍රපටය , එහෙමත් නැත්නම් Avengers : Endgame (2019)හි සිංහල උපසිරැසිය ඔබ වෙත අරගෙනයි. මුලින්ම කියන්න ඕනෙ තවමත් මේ චිත්‍රපටයෙ නිකුත්වී තිබෙන්නෙ කැමරා පිටපත් පමණයි. එයිනුත් මෑතකදී නිකුත්වුණ චීන හාඩ්කෝඩඩ් උපසිරැසියක් සහිත කැමරා ටෙලිසිනෙ පිටපතකට තමයි මේ උපසිරැසිය නිර්මාණය කලේ. අන්තර්ජාලයේ තිබෙන කැමරා පිටපත් විවිධාකාර නිසා මේ ලබාදී ඇති පිටපතට අමතරව වෙනත් පිටපත්වලට උපසිරැසිය ගැලපේයැයි සහතික වෙන්න හැකියාවක් නෑ. ඒ නිසා කරුණාකර ලබාදී ඇති පිටපත ලබාගන්න කියල ඉල්ලීමක් කරන්න කැමතියි ඒ වගේම එම පිටපතට උපසිරැසිය 100%ක් ගැලපෙන බවත් මතක් කරන්න කැමතියි. එසේම සුපුරුදු පරිදි පිලිගතහැකි අඩවිවලින් පිටපත් නිකුත්වෙන පිළිවෙලට, අදාල යාවත්කාලීන කිරීම් කිරීමට බලාපොරොත්තුවන බවද මතක් කර සිටිමි. එසේම ඔබ Captain Marvel සහ Avengers: Infinity War යන චිත්‍රපට මෙතෙක් නරඹා නැත්නම්, ලිපියේ ඉදිරියට එන කරුණුවලින් ඔබේ රසවින්දනයට බාධා විය හැකියි. එසේම මෙය නිවැරදිව වටහාගන්නටනම් මාවල් සිනමා විශ්වයේ පෙර චිත්‍රපටද නරඹා තිබීම අත්‍යවශ්‍ය බවත් මතක් කරන්නට කැමතියි. එසේ නැතිවුණොත් ඔබ දකින්නෙ අගක් මුලක් නැති කතාවක් වෙන්න හොඳටම ඉඩ තියනවා. එහෙනම් දැන් අපි යමු චිත්‍රපටය පැත්තට..

මාවල් සිනමා විශ්වයේ ලොකු වෙනසක් කල රූසෝ සහෝදරයන්ගේ ( ඇන්තනි සහ ජෝ රුසෝ) අධ්‍යක්ෂණයෙන් ඔබ හමුවට එන මේ Avengers:Endgame(2019) මේ වනවිට ආදායම් වාර්තා එකින් එක බිඳහෙලමින් අති සාර්ථකව තිරගත වෙනවා. එසේම Imdb අගය 8.9ක් ලබාගෙන එහි හොඳම චිත්‍රපට 250 අතරේ 12 වෙනි තැන හොබවන අතරෙම Rotten Tomatoes වෙතින් 95%ක දැවැන්ත අගයක්ද ලබාගන්නට මෙය සමත්ව තිබෙනවා මේ වනවිට. මාවල් රසිකයන් මෙය නරඹන්නට කොතරම් උනන්දුවෙන් බලාසිටියේද යත් තමන්ට පසුවාරයේ චිත්‍රපටය නරඹන්නට පැමිණ සිටි නරඹන්නන්හට චිත්‍රපටය ස්පොයිල් කරන්නට තරම් නිර්භීතවූ හොංකොං ජාතිකයෙකුට බඩකට පුරා සලකන්නටත් එම නරඹන්නන් කටයුතු කර තිබුණ බවට අන්තර්ජාලයේ සඳහන්. ඔහු එය කරන්නේ චිත්‍රපටය නරඹන්නට සිටින පිරිසගේ රසවින්දනයට බාධාවන කිසිවක් සංසරණය නොකරන ලෙස රුසෝ සහෝදරයන් විසින් ප්‍රේක්ෂකයන්ගෙන් නිල කාරුණික ඉල්ලීමක්ද කර තිබියදීයි.

එම ඉල්ලීම 

Captain Marvel නරඹපු ඔබට මතක ඇති එහිදී අපි දැක්කෙ ඇවෙන්ජර්ස් කණ්ඩායම බිහිවන්නට පෙර කාලය. චිත්‍රපටයෙදි ඔබ දකින්න ඇති කැරොල් ඩෙන්වර්ස් නොහොත් කැප්ටන් මාවල් තමයි නික් ෆියුරිට මුලින්ම මුණ ගැහෙන අධි මනුෂ්‍ය බලයක් ඇති චරිතය. එහි අවසන් භාගයේදී ඔහුම කියනවා ලෝකයට පිටසක්වලකින් තර්ජණයක් ඒවියැයි තමන් කිසිදාක නොසිතූ බව. එතනින් තමයි ඔහු ලොව පුරා සිටින සුපිරි වීරයන් සොයා කණ්ඩායමක් හදන්නත් එයට “ඇවෙන්ජර්ස්” යන නම යොදාගන්නත් තීරණය කරන්නෙ. ඇවෙන්ජර්ස් නම ඔහුගෙ හිතට ආවෙ කොහෙන්ද කියලත් ඔබට මතක ඇති කැප්ටන් මාවල් නැරඹුවානම්.

කැරොල්ගේ ගුවන්යානයේ බඳේ “ඇවෙන්ජර්” ලෙස සටහන්ව තිබූ ආකාරය

දැනට ඇති කැමරා පිටපත්වල නැතත්, Captain Marvel හි මිඩ්-ක්‍රෙඩිට් දර්ශනයේ තිබෙනවා Avengers: Infinity War චිත්‍රපටයේ එන තානෝස්ගෙ ස්නැප් එකෙන් දුහුවිලිව යන්නට මොහොතකට පෙර නික් ෆියුරි යවන පණිවිඩය කැප්ටන් මාවල්ට ලැබුණ බවට සාක්ෂි. ඇය පණිවිඩය ලැබුණ සැනින් ඇවෙන්ජර්ස් කණ්ඩායම හොයාගෙන එනවා “නික් ෆියුරි කෝ?” කියා අසමින් ( වීඩියෝ)

Infinity War බලපු අය දන්නවා තානෝස්ගෙ ස්නැප් එකෙන් විශ්ව ජනගහණයෙන් හරි අඩක් දුහුවිලිව යනවා. අපේ සුපිරිවීරයන්ටත් ඔවුන් හා සම්බන්ධ අයටත් එයින් ගැලවීමක් නෑ. ඔවුන්ගෙනුත් පිරිසක් දුහුවිලිව යනවා එයට හසුව. එසේම කීපදෙනෙක්ට ජීවිතයත් අහිමිවුණා Infinity War තුලදි. කවුද ඒ කියල මතක් කරගමු අපි. ඒක ඉතාම පැහැදිලිව මාවල් ස්ටුඩියෝස්වලින්ම ඡායාරූපයක් ලෙස නිකුත් කලා.

මෙහි වර්ණ ඡායාරූපවල සිටින්නේ තවමත් ජීවතුන් අතර සිටින පිරිස වන අතර කළු සුදු ලෙස දක්වා ඇත්තේ තානෝස්ගේ ස්නැප් එක නිසා දුහුවිලිව ගිය සහ මියගිය නමුත් නැවත පැමිණීමට ඉඩකඩ ඇති අයයි. කොහොමත් මේ දුහුවිලිව ගිය අය මියගියායැයි අපිට කියන්න බෑ හරියටම. කොහොමහරි දැන් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති ඉතිරිව සිටින පිරිස.

• ටෝනි ස්ටාක් නොහොත් අයන් මෑන්

• ස්ටීව් රොජර්ස් නොහොත් කැප්ටන් ඇමරිකා

• නතාෂා රොමනොෆ් නොහොත් බ්ලැක් විඩෝ

• තෝර් ( ඔබට මතක ඇති ඇස්ගාඩය අහිමිවීමෙන් පසු තෝර් සහ ඇස්ගාඩවාසීන් දැන් සිටින්නේ නෝර්වේ රාජ්‍යයේ)

• බෲස් බැනර් නොහොත් හල්ක්

• ක්ලින්ට් බාටන් නොහොත් හෝක්-අයි ( අපි හෝක්-අයිව අන්තිමට දකින්නෙ Captain America: Civil War තුලින්. Ant Man and Wasp තුලින් අපි දැනගත්තා ඔහු සුපිරිවීර ක්‍රියාකාරකම්වලින් ඉවත්ව සිටින බව, ඒ නිසයි ඔහු Infinity Warවලට සම්බන්ධ නොවුණෙ )

• කැරොල් ඩෙන්වර්ස් නොහොත් කැප්ටන් මාවල්

• ස්කොට් ලැන්ග් නොහොත් ඈන්ට් මෑන් ( Ant-man and Wasp හීදී ඔහු ක්වොන්ටම් රාජධානියේ සිරවුණා, ඔහුව ආපසු ගෙන්වාගැනීමට සිටි හෝප් , හෑන්ක් පිම් සහ ජැනට් වැන් ඩයින් තිදෙනා තානෝස්ගේ ස්නැප් එකෙන් දුහුවිලිව යාම නිසා. ඇත්තටම ඒ නිසාමයි ස්කොට් ඒ ස්නැප් එකට ගොදුරු නොවෙන්නෙ)

• නෙබියුලා

• ඔකෝයේ සහ එම්බාකු ( වකන්ඩාහි)

• ජේම්ස් රෝඩ්ස් නොහොත් වෝ මැෂීන්

• රොකට් රැකූන්

• වැල්කරි

• වොන්ග් ( ඩොක්ට ස්ට්‍රේන්ජ්ගේ සහායක )

• හැපී හෝගන් ( ටෝනි ස්ටාක්ගේ සහායකයා )

• පෙපර් පොට්ස්

මීට අමතරව Infinity Warහීදී තව කීපදෙනෙක් සැබෑවටම මියගියා

ලෝකි : ඔබට මතක ඇති ඔහු අපි සිතා සිටි තරම්ම නරක අයෙක් නොවන බව ඔප්පු කලා තෝර්ව බේරාගන්නට තානෝස් අතට ටෙසරැක්ටය දීමෙන්. ඒත් ඒ එක්කම තානෝස්ව මරා දමන්නට තැත් කල ලෝකි මියයනවා තානෝස් අතින්. එතනදි තානෝස් කියනවා මේ වතාවෙ මරණින් නැගිටීමක් නැති බව. ( අමතක අයට මෙන්න එම අවස්ථාව )

හයිම්ඩෙල් : තානෝස් තෝර්ගේ යානය ආක්‍රමණය කල අවස්ථාවෙ ඔහුවත් මරා දැමෙනවා.
(මේ එම අවස්ථාව)

ගැමෝරා : ඔබට මතක ඇති තානෝස් ආත්ම පාෂාණය අත්කරගැණීම සඳහා වෝර්මීර් ග්‍රහලොව වෙත ගිය අවස්ථාව. ආත්ම පාෂාණය ලබාගන්නට නම් අදාල තැනැත්තා වඩාත්ම ආදරය කරනා කෙනාව අහිමි කරගන්නට වන බවත් ඔබ දන්නවා. එතනදී තානෝස් තම දියණිය වන ගැමෝරාව බිලිදීමෙනුයි ආත්ම පාෂාණය ලබාගන්නෙ. ( මේ එම අවස්ථාව)

විෂන් : විෂන්ගේ හිසේ ඇති අනන්ත පාෂාණය තානෝස් අතට පත්වීම වළක්වාගැනීම සඳහා ස්කාලට් විච් විසින් එය විනාශ කලත් තානෝස් කාලයෙන් ආපස්සට ගොස් විෂන්ගේ හිස පොඩිකර දමා එම අනන්ත පාෂාණය තමන් සතු කරගන්නවා. ( එම අවස්ථාව) 

ඔය තමයි මේ End game වනවිට මාවල් සිනමා විශ්වයේ වීරයන්ගෙ තත්වය. දැන් ඔය ඔක්කොම අතර අපිට කල්පනා වෙනව කෝ මේ තානෝස් කියල. ඒක අපි Infinity War තුලින්ම දැක්කා. විශ්ව ජනගහණයෙන් හරි අඩක් අවසන් කර විශ්වයට සමබරතාව ගෙන ඒමේ ඔහුගේ කල්පනාව සාර්ථක කරගෙන ඔහු තම යුධ සටන් අතැහර දමා ගොවිතැන් කරන බවකුයි අපි දැක්කෙ.

තානෝස් ගොවිපළක සිටින දර්ශනය

ඒත් ඒ කොහෙද කියල කිසිම සඳහනක් අපි දැක්කෙ නෑ. ඒක දැනගන්න තියෙන්නෙත් මේ Endgame තුලින්ම තමයි.කොහොමහරි මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට මුල සිට නරඹපු ඔබට එම චිත්‍රපට රැසක්ම මතක් කරල තියනව මේ චිත්‍රපටය තුල. මම හිතන්නෙ මේ චිත්‍රපටයෙ කතාව ගැන ඔබට කිසිම දෙයක් කියන්න අවශ්‍ය නෑ මේක හරියටම ගත්තොත් Infinity war හි දෙවන කොටස වගේ නිසා. එතන ඉඳන් බැලුව කියල හිතාගෙන බලන්නයි තියෙන්නෙ. මම එහෙනම් මෙතනින් නවතින්නම්. චිත්‍රපටයට අදාල විශේෂ කරුණු මම පහලින් වෙනම සඳහන් කරන්නම්.

BLURAY පිටපත් සඳහා උපසිරැසිය යාවත්කාලීන කර ඇත. WEB-DL පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට ගැලපෙන උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල ඇතුලත් කර ඇත. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න. වීඩියෝ පිටපත් සඳහා ලබාදී ඇති ලින්ක්වල ඇති වෙබ්පිටුවේම එම පිටපත්වලට අදාල ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ද ඇතුලත්ය.

විශේෂ :-
• Thor : The Dark World බලපු අයට මතක ඇති තෝර්ගේ පෙම්වතිය ජේන් ෆොස්ටර්. එම චරිතයට පණ පෙවූ නැතලි පෝට්මන් පවසා තිබුණා තමන් මින් ඉදිරියට මාවල් චිත්‍රපටවලට දායක නොවන බව. කෙසේ හෝ Endgame තුල ඔබට ඇයව දැකගන්න පුළුවන්. එය මුළුමුනින්ම Thor: The Dark World හි දර්ශන නැවත සකස්කිරීමෙන් සැකසුවක් බවයි කියවෙන්නේ. හැබැයි රුසෝ සහෝදරයන්ගේ ඉල්ලීම මත ඇය එම දර්ශනවල දෙබස්වලට තම හඬ දායකත්වය ලබාදුන් බවයි කියවෙන්නේ.

• මෙය හොලිවුඩය තුල මුළුමුනින්ම I-MAX කැමරා භාවිතයෙන් රූගත කල තෙවන චිත්‍රපටය.

• අධ්‍යක්ෂක ජෝ රුසෝගේ දියණියන් දෙදෙනා වන ඒවා සහ ලියා දෙදෙනාද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

• චිත්‍රපටයේ එක් තැනක ක්ලින්ට්ට ” ඊඩිත්ගේ පුත්‍රයා” ලෙස කතා කරනවා. මාවල් කොමික්ස්වලට අනුව ක්ලින්ට්ගේ ( හෝක්-අයි) සහ ඔහුගේ සහෝදර බානිගේ ( වින්ටර් සෝල්ජර්) මව තමයි ඊඩිත්. ඔවුන්ගේ පියා වන හැරල්ඩ්ට ඔවුන්ගේ කිසිදු කැමැත්තක් නොතිබුණ නිසා වෙන්නට ඇති මේ විදියට කතාකරන්නෙ.

• Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018) පසුව රුසෝ සහෝදරයන් විසින් අධ්‍යක්ෂණය කල සිව්වැනි චිත්‍රපටය මෙයයි.

Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.

Avengers: Endgame (2019) Sinhala Subtitle + Video

480p 480p 1.00 GB
Download
534p 534p 849.60 MB
Download
Avengers: Endgame (2019) Sinhala Subtitle 64392 Downloads
උපසිරැසිය සහ වීඩියෝව බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
64392 වාරයක්
Download Links
720P
TOR
1080P
TOR
Movie Trailer
HD · 2:31
මේ ෆයිල් එක (File) ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද කියලා දන්නේ නැද්ද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ටොරන්ට් ඇප් එකක් (uTorrent, qBittorrent නැත්නම් BitTorrent වගේ) ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ පල්ලෙහා තියෙන බටන් එක ක්ලික් කරන්න.
01 🔗 ටොරන්ට් ඇප් එක ගන්න
Available Torrents
3D bluray 2.84 GB
GET
720p bluray 1.43 GB
GET
1080p bluray 3.01 GB
GET
2160p bluray 5.26 GB
GET
720p web 1.43 GB
GET
1080p web 3 GB
GET
Discussion (63)
← Older
Newer →
  • Lochana Weerasinghe User
    Windows 10 Edge 13
    2019-05-22

    Hasitha Aiyyata ha Movie Eka Dunna Aiyyata Thank You!

    Reply
  • ඉසුරු Unregistered
    Android 8 Chrome 71
    2019-05-26

    මෙකෙ මගෙ ෆොන් එකට එක සබ් එකක් වත් සපොට් කරන්නැනි එ ඇයිද දන්නැ නෙ ???

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.5
      2019-05-26

      ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ්නම් MX Player ඉන්ස්ටෝල් කරගන්න. අනිත් ගොඩක් ප්ලේයර් සිංහල සපෝට් කරන්නෙ නෑ මම දන්න විදියට. එහෙමත් හරිගියෙ නැත්තං iskoola potha ෆොන්ට් එක ෆෝන් එකට දාගන්න. ඉන්ටනෙට් එකේ තියනවා කරන විදිය.

  • prasa Unregistered
    Windows 10 Chrome 74
    2019-05-30

    sub walata thank

    Reply
  • Vimu drems User
    Android 8 Chrome 74
    2019-06-14

    Ade file eka koheda bn thiyenne enne nane

    Reply
  • dimuthu supun Madhushanka User
    Android 4.4 Chrome 75
    2019-06-26

    Thnkzzz bro…ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා..!

    Reply
  • udayanga Unregistered
    Windows 7 Chrome 72
    2019-07-12

    thanks broo…nice work….

    Reply
    • Mithun Unregistered
      Android 8 Chrome 75
      2019-07-31

      බ්ලුරෙ එකත් ඇවිත්……….😁😁😎
      Y t s අය ඉක්මන් වෙලා මේ පාර😁
      අපි නම් WEB-DL තමා😍
      MkvCage එකටත් තව ටිකකින් වැටෙයි බ්ලුරෙ

    • Poson sandaru Unregistered
      Android 8.1 Chrome 75
      2019-07-31

      Anna yts eka kelala movie eken bagayai thiyenne godak un comment krla thiye
      Yts eka me para hadissi wela wadi wage 😂

  • Mithun Unregistered
    Android 8 Chrome 75
    2019-07-28

    ඔර්ජිනල් HDRIP එකක් ආව mkacage එකට සහෝ………

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-07-29

      අප්ඩේට් කලා, මිතුන් 😉 හැබැයි MKVCAGE ප්‍රින්ට් එක පැය දෙකයි විනාඩි 30 කින් පස්සෙ Stuck වෙනව කියල කියනවා. කොහොමද දන්නෑ ඒකෙ කමෙන්ට්වල දැක්කෙ. ඒක හින්ද කෝකටත් මම ලින්ක් එක දුන්නෙ නෑ ඒ වෙනුවට GalaxyRGලගෙ ලින්ක් දෙකක් තමයි දුන්නෙ. ඔයා MKVCAGE ප්‍රින්ට් එක ඩවුන්ලෝඩ් කරනවනං බයවෙන්න එපා සබ් එක ඒකටත් ගැලපෙනවා මේ ප්‍රින්ට් සේරම එකම Source එකකින් (EVO)අරගෙන එන්කෝඩ් කල ඒවා හින්දා.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-07-29

      By the way, මේ ප්‍රින්ට් ඔරිජිනල් HD නෙමෙයි. තව දවස් දෙක තුනක් ඉවසන්න, ඔරිජිනල් WEB-DL රිලීස් වෙයි ඒ වෙනකොට.

  • tharaka Unregistered
    Windows 7 Chrome 75
    2019-07-30

    ela bro thanks

    Reply
  • Mithun Unregistered
    Android 8 Chrome 75
    2019-07-30

    Waww😍😍😍😍😍😍😍 updated ekat karalane.ada nm mekama tama blanne tawa poddakin download karanawa bohoma sthuthii

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-07-31

      😉 බොහොම ස්තූතියි, මිතුන්. HDRip ඩවුන් කරපු කට්ටිය අපරාදෙ,නේද? පහුවදා බලද්දි WEB-DL ඇවිත්.

    • Mithun Unregistered
      Android 8 Chrome 75
      2019-07-31

      මම ඔයාට දැකල කිව්වට මම ගත්තෙත් ණැ හසිත Hdrip එක.. අම්මො ඊයේ රැ 10ට මුවි එක බලන්න අරගත්තෙ ඉවර වෙද්දී පාන්දර 1යි පැය තුනක් ගියද කියල වත් දනුන් නැ..😁😍😍😍 .සුපිරිම මුවි එක..මෙකට කලිම් ආව එකේ අවසානෙ ඔක්කොම අලුවෙලා යන දර්ශනය හින්දම එක සම්පුර්ණයෙන්ම මතක තිබ්බ අද ඊයේ බැලුව වගේ.. එ හින්ද මෙක සුපිරි එකට සෙට් උනා😍
      Avengers නම් තව ඉස්සරහටත් ආවොතින් හොදයි කියල හිතෙනව.

    • Hasitha Prasad Junior Admin
      Windows 10 Vivaldi 2.6
      2019-07-31

      ඔව්, ඒක ගොඩක් අය ගත්තා WEB-DL කියල හිතල. අපරාදෙ දවසක් ඉවසුවනං හරි.
      මම කොහොමත් ඩවුන්ලෝඩ් කරන්න කලින් WEBTORRENT සොෆ්ට්වෙයා එකට දාල බලනවා ප්‍රින්ට් එක. එහෙම චෙක් කරල ගන්න එතකොට කොලටි එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්.

  • Kanal Unregistered
    Android 8.1 Samsung Browser 7.2
    2019-07-30

    Thanx saho

    Reply
  • thilina Unregistered
    Android 5.1 Chrome 50
    2019-07-30

    Thank you..hamotama kalin sub eka update karata…sub eka hodata karala thiyanawa..thank you very much😍👍

    Reply
  • Kalpa Unregistered
    Android 5.1 Chrome 50
    2019-07-30

    නියමයි..තෑන්ක්ස්

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 520
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 179
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved