පසුගිය 2023 ඔක්තෝබර් 11 දින ප්‍රයිම් වීඩියෝ හරහා නිකුත්වුනු ස්පාඤ්ඤ නිර්මාණයක් තමයි Awareness. භාෂාව ස්පාඤ්ඤ. Science-fiction, Action, Thriller, Mistery වර්ගයේ චිත්‍රපටයක් වන මෙය ස්පාඤ්ඤ / ඇමරිකා හවුල් නිෂ්පාදනයක්. Carlos Scholz (ඉයන්) සමග රංගනයෙන් එකතු වෙනවා María Pedraza (එස්තර්), Pedro Alonso (විසන්ට්), Lela Loren (ඇඩ්‍රියානා) සහ Óscar Jaenada (පර්සීවර්)
පියෙක් සහ පුතෙක් වන විසන්ට් සහ ඉයන් සමාජයෙන් තරමක් ඈත්වෙලා රහසිගතව වගේ ජීවත් වෙන්නෙ. ඉයන් කැරලිකාර තරුණයෙක්. අධිමානසික හැකියාවක් තියෙනවා. දෘශ්‍ය මායාවන් මවන්න පුලුවන්. ඒකෙන් පොඩි පොඩි හොර වැඩත් කරනවා. හැබැයි එයාලගෙ රහස රැකගෙන. නමුත් එක් අවස්ථාවක ඉයන් පාලනයෙන් තොරවීම නිසා මෙයාලා ලෝකයට නිරාවරණය වෙනවා. ඒජන්සිය සහ අවේනස් කියන බලවත් ප්‍රතිවාදි කණ්ඩායම් දෙකක් මෙයාල පස්සෙ පන්නන්න ගන්නවා. ඒ දෙගොල්ලටම ඕනෙ ඉයන්ගෙ අසාමාන්‍ය හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. මේ අතර, ප්‍රක්ෂේපන මැවීමේ හැකියාව ඇත්තේ තමන්ට පමණයි කියල හිතන් ඉන්න ඉයන්, ඒ හැකියාවම ඇති තවත් පුද්ගලයෙක් දැකීමෙන් පුදුමයට පත් වෙනවා. ඒ පුද්ගලයා කවුද? ඉයන්ලා හැංගිලා ජීවත් වෙන්නෙ කාට බයෙන්ද? විසන්ට් තමාගේ තාත්තා නොවන බව හදිසියේ දැනගන්නා ඉයන් ඉදිරියේ තව ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙනම් ඇත්තටම තමන් කවුද? සටන් ගැටුම්, කුතුහලය සමග එක හුස්මට බලන්න පුලුවන් ක්‍රියාදාම නිර්මාණයක්. ධාවන කාලය විනාඩි 114 යි. තප්පර බාගෙක සුලු නිරුවත් දර්ශනයක් ඇරුනම කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ.
ජය වේවා.
QUALITY // 720p – 1 gb// 1080p – 1.9 gb
SUB FORMAT // SRT // IDXTV
♣♣ WEBRip / 720p / 1080p ♣♣
Thanks jayawewa….!
Thanx, bro.
Thankz broo uba aluthin dana film patta 😍
Thanx for appreciating, bro.
dragon fist (1979) sub denna puluwanda
ok, ok. karamu.
puluwannam mewata sub denna.
Black Eagle 1988
Double Team 1997
Legionnaire 1998
Inferno 1999
thank you