Subz.lk
  • Home
  • Movies
    • View All
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Raaz (2002) Sinhala Subtitle Action Anaconda (2025) Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E08] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E07] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E06] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E05] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E04] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E03] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E02] Sinhala Subtitle Action Spider-Noir (2026–) [S01 : E01] Sinhala Subtitle Genres Raaz (2002) Sinhala Subtitle Action Anaconda (2025) Sinhala Subtitle
  1. Movies
  2. Drama
  3. Ballon (2018) Sinhala Subtitle

Ballon (2018) Sinhala Subtitle

January 16, 2020 Hasitha Prasad | Junior Admin
IMDB RATING 7.6
GENRES
DramaGenresGerman MoviesHistoryMoviesThriller
CAST

Friedrich Mücke, Karoline Schuch, David Kross, Alicia von Rittberg

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් සියලුම දෙනාට. කාලෙකට පස්සෙ හොලිවුඩ්වලින් පිට චිත්‍රපටයකට උපසිරැසි කරන්න හිතුණා. තෝරගත්තෙ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ ජර්මානු චිත්‍රපටයක්. ජර්මන් බසින් චිත්‍රපටයේ නම තමයි Ballon(2018), ඉංග්‍රීසියෙන්නම් Balloon.නාට්‍යමය, ඉතිහාස, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් මෙහි අධ්‍යක්ෂණය Michael Bully Herbig ගෙන්. ලබා ඇති Imdb අගය 7.6ක් වන අතර Rotten Tomatoes අගය 64%ක. ඊට අමතරව ගූගල් පරිශීලක ප්‍රසාදය 92%කුත් ලබා තිබෙන අතර සම්මාන 4කට නිර්දේශව එයින් දෙකක්ද ජයගෙන තිබෙනවා. මම කලින් සඳහන් කලානෙ මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ එකක් බව. ඒ නිසා මෙම කතාවේ පසුබිම අපි ටිකක් දැනගෙන ඉමු. කාලයක් පවුරකින් වෙන්කල රටවල් දෙකක් වෙත යන්නට වෙනවා අපිට ඒකට. බර්ලින් තාප්පය කිව්වොත් ඔබ දැනටම දන්නවා රටවල් දෙක. ඒ තමයි නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය.

මෙම රූපයේ රතු පැහැයෙන් දැක්වෙන්නේ නැගෙනහිර ජර්මනිය වන අතර නිල් පැහැයෙන් දක්වා ඇත්තේ බටහිර ජර්මනියයි.

• ඇයි මෙහෙම වුණේ?

දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් ප්‍රමුඛ ජර්මනියට අත්වන පරාජයෙන් පසු, ඔහුව පරාජය කිරීමට දායක වූ මිත්‍ර පාර්ශවයන්, එනම්: බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ සෝවියට් රුසියාව ජර්මනිය බෙදාගන්නවා කොටස් 4කට. මෙහිදී ජර්මනියේ අගනුවර වන බර්ලිනයත් දෙකට බෙදී යනවා, එක් කොටසක් අයත්වන්නේ සෝවියට් රුසියා පාලනය යටතේ ඇති කලාපයට.

ඉහත රූපයෙන් ඔබට පෙනෙන ආකාරයට සෝවියට් පාලනය යටතේ තිබුණ කලාපය තමයි නැගෙනහිර බර්ලිනය. මිත්‍රපාර්ශවයන් ලෙස ලෝක යුද්ධයේදී සටන් වැදුණත් ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් රුසියාවත් අතර තිබූ සීතල යුද්ධය හේතුකොටගෙන, එයින් පසු එන වසර 12 තුල නැගෙනහිර ජර්මනිය එනම් නැගෙනහිර බර්ලිනය වෙනම රාජ්‍යයක් මට්ටමට පත්වෙනවා. කෙසේ වෙතත් සෝවියට් රුසියාවේ දරදඬු කොමියුනිස්ට් පාලනය තිත්තවන නැගෙනහිර ජර්මානු ජනතාව වඩා යහපත් හා නිදහස් ජීවිතයක් පතා බටහිර ජර්මනිය වෙත සංක්‍රමණය වෙන්නට පටන්ගන්නවා. මේ සංක්‍රමණය වීමේ අවසානයක් නැති තැන 1961 වසරේදී නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් නායක වෝල්ටර් උල්බ්‍රිච් එවක සෝවියට් රුසියා රාජ්‍ය නායක (Premier)වූ නිකිතා කෘෂෙව්ගේ අවසරය මත නැගෙහිර සහ බටහිර බර්ලිනය අතර සියලු ගමනාගමනය නවතාදමනවා.

මුලදී හැතැප්ම සිය ගණනක් දිග කටු කම්බි මගින් වෙන්කිරීමක් වන මෙය වැඩි කල් නොගොස්ම අඩි හයක්- සැතපුම් 96ක් දිග කොන්ක්‍රීට් තාප්පයක් බවට පරිවර්තනය කෙරෙන අතර Volkspolizei ලෙස හැඳින්වුනු නැගෙනහිර ජර්මානු භටයන් දිවා රාත්‍රී දෙකේම මේ මුර කුළුණු, සර්ච් ලයිට් ආදී සියල්ලද සහිත තාප්පය, එහෙමත් නැත්නම් බර්ලින් තාප්පය රැකවල් කරන්නට වගබලා ගන්නවා. මෙයින් සිදුවන්නේ නැගෙනහිර සහ බටහිර සිටි ජර්මානුවන් නොසිතූ ලෙස දෙපසට වෙන්වීමයි, පවුල් හිතමිත්‍රාදීන් දෙපසට වෙන්වයනවා තමන් නොසිතූ ලෙස. බටහිර ජර්මානුවන් තම නගරාධිපතිවන විලී බ්‍රැන්ඩ්ට් හා එක්ව මේ වෙන්කිරීමට එරෙහිව උද්ඝෝෂණ කරන අතර ඔහු ප්‍රධාන වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට චෝදනා කරනවා මෙයට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව. බිඳ දැමෙන තෙක්ම ඉදිකිරීම් අවසන් නොකර තිබූ බර්ලින තාප්පයේ උස 1970 දශකය වනවිට අඩි 10ක් දක්වා වැඩිකෙරෙනවා, ඒ තාප්පයෙන් පැන බටහිර ජර්මනියට යාමට තැත් කරන්නන් වැළැක්වීමේ අරමුණින්. 1961 සහ 1989 කාලය තුල 5000ක් පමණ නැගෙනහිර ජර්මානු වැසියන් සාර්ථකව තාප්පයෙන් පැන බටහිර ජර්මනියට ගොස් තිබෙන අතර තවත් බොහෝ දෙනෙක් දේශසීමාව අසලදීම මරු වැළඳගන්නවා නැගෙනහිර ජර්මානු දේශසීමාරක්ෂක සෙබළුන්ගේ වෙඩි පහරවලින්. යාබද පෝලන්තයේ හා හංගේරියාවේ ඇතිවූ විප්ලව දාමයක අතුරු ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර හා බටහිර ජර්මානු වැසියන් විසින් කරනු ලබන විරෝධතා ව්‍යාපාරයක බලපෑමෙන් මෙල්ල වන නැගෙනහිර ජර්මානු සමූහාණ්ඩුව එනම් නැගෙනහිර ජර්මනි රජය 1989 නොවැම්බර් 9 වන දින නිවේදනය කරනවා තම වැසියන්ට බටහිර ජර්මනියට යාමට සහ ඒමට අවසර ලැබෙන බවට. 1990 වසරේ ජූනි 13 වන දින නිල වශයෙන්බර්ලින් තාප්පය කඩාබිඳ දැමීම ඇරඹෙන අතර 1991 නොවැම්බර් මසදී එම කාර්යය අවසන් කෙරෙනවා. ඔන්න ඔය විදියයි මෙම චිත්‍රපටයේ පසුබිම් කතාව ඉතාම කෙටියෙන්. මේ සම්බන්ධව කරුණු සොයද්දි සිංහල භාෂාවෙන් ලියවුනු ඉතාම පැහැදිලි හා අපූරූ ලිපියක් මට හමුවුනා Roar වෙබ් අඩවියෙන්. මෙතනින් ගිහින් එය කියවන්න පුළුවන් කැමති අයට. දැන් අපි යමු කතාව පැත්තට…

වර්ෂය 1979….ස්ට්‍රේසික් පවුල.. ඔවුන් ජීවත්වන්නේ නැගෙනහිර ජර්මනියේ. බටහිර ජර්මනියට යාමේ දැඩි වුවමනාවකින් පසුවන ඔවුන් අදහාගත නොහැකි ආකාරයේ සැලැස්මක් ක්‍රියාවට නගනවා ඒ සඳහා. ඒ තමයි තමන් විසින්ම නිර්මාණය කරගත් උණුසුම් වායු බැලූනයක නැගී බටහිර ජර්මනිය වෙත ගුවනින් යාම…පියාත් මවත් දරුවන් දෙදෙනෙකුගෙනුත් සමන්විත මේ පවුලට මේ කාර්යයට උදව්වට සිටිනවා ඉතාම හිතවත් මිතුරෙක් සහ මිතුරියක්. අවි අමෝරා සිටින දේශසීමාරක්ෂක භටයන්ගේ උකුසු දෑසට හසුනොවී ඔවුන්ට තම අරමුණ සාර්ථක කරගත හැකිවේද? එය දැනගන්නට නම් මේ චිත්‍රපටය නරඹන්නටම වෙනවා ඔබට. මෙහි සත්‍ය සිදුවීමට අදාල ඡායාරූප විශාල ප්‍රමාණයක් ඔබට දැකගතහැකියි චිත්‍රපටය අවසානයේ… ඒ සියල්ලත් මගනොහැරගෙන නරඹන්න කියලත් මතක් කරමින් මම නවතින්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

උපසිරැසිය BLURAY පිටපත් හා ගැලපේ.

 

 

# BRRip
Hasitha Prasad
Hasitha Prasad Translator
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
3587 වාරයක්
Download Links
BRRip 720P
1.1 GB TOR
BRRip 480P
500 MB DIR
BRRip 480P
500 MB DIR
BRRip 720P
1.1 GB DIR
BRRip 720P
1.1 GB DIR
BRRip 1080P
2.3 GB DIR
Available Torrents
720p bluray 1.12 GB
GET
1080p bluray 2.31 GB
GET
Discussion (12)
  • Rajitha Unregistered
    Android 9 Chrome 79
    2020-01-17

    Thanks jayawewa…….!

    Reply
  • Arawinda Sunmal Unregistered
    Windows 7 Chrome 79
    2020-01-17

    thanks hasitha prasad sub ekata movie eka download karala tikak kal sub dunnane dan aayeth baluwahaki ……..jayawewa…………

    Reply
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 79
    2020-01-17

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Reply
    • Kantha_DLA Unregistered
      Windows 10 Chrome 79
      2020-01-18

      Request :
      1917 (2019)
      Motherless Brooklyn (2019)
      Jay and Silent Bob Reboot (2019)
      Acceleration (2019

      psarips

    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-01-19

      1917 (2019) ලඟදීම..

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4
    2020-01-17

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍

    Reply
  • හිරාන් ශාරංග Unregistered
    Android 7 Samsung Browser 10.1
    2020-01-19

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    නිදුක් නිරෝගී වේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply
  • Madusha Unregistered
    Windows 10 Opera 65
    2020-01-19

    ස්තූතියි සබ් එකට සහෝ

    Reply
  • mithun Unregistered
    Android 8 Chrome 79
    2020-01-22

    පට්ට කතාවක් බැලුවේ .කියන්න තියෙන්නේ එක දෙයයි.ඔය වගේ සබ් දාන කෙනෙක් නැති නම් මෙවගෙ ෆිල්ම් එකක් මලාට බලන්න බැරි වෙයි. අවංකවම ෆිල්ම් පොස්ටර් එක දැක්කම නොගන්න හිතුන ,
    ඒත් ඉතින් ලිපිය හින්දත් ,හසිත හොහොමත් වෙනස්ම ආකාරයෙන් චිත්‍රපට තොරල ගෙන හින්දත් ෆිල්ම් එක ඔගොල්ලොගෙම ලින්ක් එකෙන් අරගත්තෙ. සුපිරි මෙක නම්. ඇත්තටම සහෝ එකම දෙ කියන්න ඔන නෑ හැමදාම.. ඔයා දෙන මුවී නම් පට්ට . මුල් හරියේ බැලුම කඩම් වැටෙන හරිය යද්දීම ඉදම් උන්නු පුටුවත් ආපහු හරිගස්සගත්ත .. තවම සබ් එක අරම් තියෙන්නේ කීයද.. මෙවගෙ ෆිල්ම් එකක් නොබැලුවත් අපරාදෙ .!!
    ගොඩක් ස්තුතියි සහෝ !!!!💎
    🌟🌟🌟🌟🌟
    ❤❤❤❤❤

    Reply
    • Hasitha Prasad Junior Admin
      Windows 7 Firefox 72
      2020-01-22

      පොඩිම පොඩි කතාවකින් පැය දෙකක ෆිල්ම් එකක් හදල, ඒ ෆිල්ම් එක ඉවරවෙනකම්ම ප්‍රේක්ෂකයා කම්මැලිකමක් නැතුව තිරය ඉස්සරහ වාඩිකරවල තියාගන්න තරම් ප්‍රබල කතාවක් හදනව කියන්නෙ ඉතිං….හිතාගන්නවත් බෑ ඇත්තටම. ඇත්තටම නිකං දැකපු වෙලාවක මම මේක ඩවුන්ලෝඩ් කරල තියාගත්තෙ, බැලුවෙ මාසයක් විතර ගිහිල්ලා. ඔයා කිව්වා වගේම මටත් බලන්න හිතුණෙම නෑ.පස්සෙ දවසක ඔන්න ඔහේ බලනව කියල හිතාගෙන බැලුවම තමයි තේරුණේ තව ටිකෙන් මගෑරගන්නෙ වටින ෆිල්ම් එකක් නේද කියල. ඩවුන්ලෝඩ් අඩුවෙන්න හේතුව හොලිවුඩ් නොවෙන ෆිල්ම් දිහා ගොඩක් අය බලන්නෙ අවතක්සේරුවෙන්, ඒත් ඇත්තටම බැලුවොත් හොලිවුඩ් පරද්දල යන ෆිල්ම් තියනව වෙන රටවල.

    • mithun Unregistered
      Android 8 Chrome 79
      2020-01-22

      පුදුම උස්සහයක් නෙ.. 😊 මන් කිව්වෙ ෆිල්ම් එකේ.. කියන්න වචන නැ මුවී එක ගැන නම්. එක දෙයක් නම් සුවර් කාලෙකට අමතක වෙන් නැති මුවී එකක් .. මගේ අදහස නම් මන් හොලිවුඩ් ෆිල්ම් මේ විදියට දැනෙන බලලා තියෙන්නේ බොහොම අතලොස්සයි. ( මෙන්න එ තරින් මට තවමත් මේකේ වැදුන ෆිලින් එකම තියෙන ෆිල්ම් එකක් තාමත් මතක Argo
      2012)

  • නිරංජන් Unregistered
    Android 5 Chrome 78
    2020-01-26

    බලපු හොඳම චිත්‍රපටියක්

    Reply

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
දමිත් ප්‍රියංකර 424
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 178
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved