Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • German Movies
  • Ballon (2018) Sinhala Subtitle
Ballon (2018) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2020-01-17 / 04:47 AM

ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් සියලුම දෙනාට. කාලෙකට පස්සෙ හොලිවුඩ්වලින් පිට චිත්‍රපටයකට උපසිරැසි කරන්න හිතුණා. තෝරගත්තෙ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ ජර්මානු චිත්‍රපටයක්. ජර්මන් බසින් චිත්‍රපටයේ නම තමයි Ballon(2018), ඉංග්‍රීසියෙන්නම් Balloon.නාට්‍යමය, ඉතිහාස, ත්‍රාසජනක යන තෙවර්ගයට අයත් මෙහි අධ්‍යක්ෂණය Michael Bully Herbig ගෙන්. ලබා ඇති Imdb අගය 7.6ක් වන අතර Rotten Tomatoes අගය 64%ක. ඊට අමතරව ගූගල් පරිශීලක ප්‍රසාදය 92%කුත් ලබා තිබෙන අතර සම්මාන 4කට නිර්දේශව එයින් දෙකක්ද ජයගෙන තිබෙනවා. මම කලින් සඳහන් කලානෙ මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ එකක් බව. ඒ නිසා මෙම කතාවේ පසුබිම අපි ටිකක් දැනගෙන ඉමු. කාලයක් පවුරකින් වෙන්කල රටවල් දෙකක් වෙත යන්නට වෙනවා අපිට ඒකට. බර්ලින් තාප්පය කිව්වොත් ඔබ දැනටම දන්නවා රටවල් දෙක. ඒ තමයි නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය.

මෙම රූපයේ රතු පැහැයෙන් දැක්වෙන්නේ නැගෙනහිර ජර්මනිය වන අතර නිල් පැහැයෙන් දක්වා ඇත්තේ බටහිර ජර්මනියයි.

• ඇයි මෙහෙම වුණේ?

දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් ප්‍රමුඛ ජර්මනියට අත්වන පරාජයෙන් පසු, ඔහුව පරාජය කිරීමට දායක වූ මිත්‍ර පාර්ශවයන්, එනම්: බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය සහ සෝවියට් රුසියාව ජර්මනිය බෙදාගන්නවා කොටස් 4කට. මෙහිදී ජර්මනියේ අගනුවර වන බර්ලිනයත් දෙකට බෙදී යනවා, එක් කොටසක් අයත්වන්නේ සෝවියට් රුසියා පාලනය යටතේ ඇති කලාපයට.

ඉහත රූපයෙන් ඔබට පෙනෙන ආකාරයට සෝවියට් පාලනය යටතේ තිබුණ කලාපය තමයි නැගෙනහිර බර්ලිනය. මිත්‍රපාර්ශවයන් ලෙස ලෝක යුද්ධයේදී සටන් වැදුණත් ප්‍රධාන වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් රුසියාවත් අතර තිබූ සීතල යුද්ධය හේතුකොටගෙන, එයින් පසු එන වසර 12 තුල නැගෙනහිර ජර්මනිය එනම් නැගෙනහිර බර්ලිනය වෙනම රාජ්‍යයක් මට්ටමට පත්වෙනවා. කෙසේ වෙතත් සෝවියට් රුසියාවේ දරදඬු කොමියුනිස්ට් පාලනය තිත්තවන නැගෙනහිර ජර්මානු ජනතාව වඩා යහපත් හා නිදහස් ජීවිතයක් පතා බටහිර ජර්මනිය වෙත සංක්‍රමණය වෙන්නට පටන්ගන්නවා. මේ සංක්‍රමණය වීමේ අවසානයක් නැති තැන 1961 වසරේදී නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් නායක වෝල්ටර් උල්බ්‍රිච් එවක සෝවියට් රුසියා රාජ්‍ය නායක (Premier)වූ නිකිතා කෘෂෙව්ගේ අවසරය මත නැගෙහිර සහ බටහිර බර්ලිනය අතර සියලු ගමනාගමනය නවතාදමනවා.

මුලදී හැතැප්ම සිය ගණනක් දිග කටු කම්බි මගින් වෙන්කිරීමක් වන මෙය වැඩි කල් නොගොස්ම අඩි හයක්- සැතපුම් 96ක් දිග කොන්ක්‍රීට් තාප්පයක් බවට පරිවර්තනය කෙරෙන අතර Volkspolizei ලෙස හැඳින්වුනු නැගෙනහිර ජර්මානු භටයන් දිවා රාත්‍රී දෙකේම මේ මුර කුළුණු, සර්ච් ලයිට් ආදී සියල්ලද සහිත තාප්පය, එහෙමත් නැත්නම් බර්ලින් තාප්පය රැකවල් කරන්නට වගබලා ගන්නවා. මෙයින් සිදුවන්නේ නැගෙනහිර සහ බටහිර සිටි ජර්මානුවන් නොසිතූ ලෙස දෙපසට වෙන්වීමයි, පවුල් හිතමිත්‍රාදීන් දෙපසට වෙන්වයනවා තමන් නොසිතූ ලෙස. බටහිර ජර්මානුවන් තම නගරාධිපතිවන විලී බ්‍රැන්ඩ්ට් හා එක්ව මේ වෙන්කිරීමට එරෙහිව උද්ඝෝෂණ කරන අතර ඔහු ප්‍රධාන වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට චෝදනා කරනවා මෙයට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව. බිඳ දැමෙන තෙක්ම ඉදිකිරීම් අවසන් නොකර තිබූ බර්ලින තාප්පයේ උස 1970 දශකය වනවිට අඩි 10ක් දක්වා වැඩිකෙරෙනවා, ඒ තාප්පයෙන් පැන බටහිර ජර්මනියට යාමට තැත් කරන්නන් වැළැක්වීමේ අරමුණින්. 1961 සහ 1989 කාලය තුල 5000ක් පමණ නැගෙනහිර ජර්මානු වැසියන් සාර්ථකව තාප්පයෙන් පැන බටහිර ජර්මනියට ගොස් තිබෙන අතර තවත් බොහෝ දෙනෙක් දේශසීමාව අසලදීම මරු වැළඳගන්නවා නැගෙනහිර ජර්මානු දේශසීමාරක්ෂක සෙබළුන්ගේ වෙඩි පහරවලින්. යාබද පෝලන්තයේ හා හංගේරියාවේ ඇතිවූ විප්ලව දාමයක අතුරු ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර හා බටහිර ජර්මානු වැසියන් විසින් කරනු ලබන විරෝධතා ව්‍යාපාරයක බලපෑමෙන් මෙල්ල වන නැගෙනහිර ජර්මානු සමූහාණ්ඩුව එනම් නැගෙනහිර ජර්මනි රජය 1989 නොවැම්බර් 9 වන දින නිවේදනය කරනවා තම වැසියන්ට බටහිර ජර්මනියට යාමට සහ ඒමට අවසර ලැබෙන බවට. 1990 වසරේ ජූනි 13 වන දින නිල වශයෙන්බර්ලින් තාප්පය කඩාබිඳ දැමීම ඇරඹෙන අතර 1991 නොවැම්බර් මසදී එම කාර්යය අවසන් කෙරෙනවා. ඔන්න ඔය විදියයි මෙම චිත්‍රපටයේ පසුබිම් කතාව ඉතාම කෙටියෙන්. මේ සම්බන්ධව කරුණු සොයද්දි සිංහල භාෂාවෙන් ලියවුනු ඉතාම පැහැදිලි හා අපූරූ ලිපියක් මට හමුවුනා Roar වෙබ් අඩවියෙන්. මෙතනින් ගිහින් එය කියවන්න පුළුවන් කැමති අයට. දැන් අපි යමු කතාව පැත්තට…

වර්ෂය 1979….ස්ට්‍රේසික් පවුල.. ඔවුන් ජීවත්වන්නේ නැගෙනහිර ජර්මනියේ. බටහිර ජර්මනියට යාමේ දැඩි වුවමනාවකින් පසුවන ඔවුන් අදහාගත නොහැකි ආකාරයේ සැලැස්මක් ක්‍රියාවට නගනවා ඒ සඳහා. ඒ තමයි තමන් විසින්ම නිර්මාණය කරගත් උණුසුම් වායු බැලූනයක නැගී බටහිර ජර්මනිය වෙත ගුවනින් යාම…පියාත් මවත් දරුවන් දෙදෙනෙකුගෙනුත් සමන්විත මේ පවුලට මේ කාර්යයට උදව්වට සිටිනවා ඉතාම හිතවත් මිතුරෙක් සහ මිතුරියක්. අවි අමෝරා සිටින දේශසීමාරක්ෂක භටයන්ගේ උකුසු දෑසට හසුනොවී ඔවුන්ට තම අරමුණ සාර්ථක කරගත හැකිවේද? එය දැනගන්නට නම් මේ චිත්‍රපටය නරඹන්නටම වෙනවා ඔබට. මෙහි සත්‍ය සිදුවීමට අදාල ඡායාරූප විශාල ප්‍රමාණයක් ඔබට දැකගතහැකියි චිත්‍රපටය අවසානයේ… ඒ සියල්ලත් මගනොහැරගෙන නරඹන්න කියලත් මතක් කරමින් මම නවතින්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.

උපසිරැසිය BLURAY පිටපත් හා ගැලපේ.

 

 

Information

Year : 2018


Genre : Drama, History, Thriller

Actors : Friedrich Mücke, Karoline Schuch, David Kross, Alicia Von Rittberg

Writer : N/A

Director : Michael Herbig

Plot : Balloon Is A German Thriller That Deals With The Crossing Of The Inner German Border Of The Families Strelzyk And Wetzel From The GDR To West Germany With A Homemade Hot-air Balloon.

Youtube Trailer

සිංහල උපසිරැස Download කරගන්න 1481 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
7.6
70%
53%
  1. Rajitha Unregistered User January 17, 2020 at 6:55 am

    Thanks jayawewa…….!


    Reply
  2. Arawinda Sunmal Unregistered User January 17, 2020 at 11:14 am

    thanks hasitha prasad sub ekata movie eka download karala tikak kal sub dunnane dan aayeth baluwahaki ……..jayawewa…………


    Reply
  3. Kantha_DLA Unregistered User January 17, 2020 at 11:18 am

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……


    Reply
    • Kantha_DLA Unregistered User January 18, 2020 at 11:28 am

      Request :
      1917 (2019)
      Motherless Brooklyn (2019)
      Jay and Silent Bob Reboot (2019)
      Acceleration (2019

      psarips


    • Hasitha Prasad Co - admin January 19, 2020 at 4:37 pm

      1917 (2019) ලඟදීම..


  4. Hashan M. Priyadarshana Unregistered User January 17, 2020 at 1:19 pm

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍


    Reply
  5. හිරාන් ශාරංග Unregistered User January 19, 2020 at 7:02 am

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
    නිදුක් නිරෝගී වේවා…!
    තෙරුවන් සරණයි…!


    Reply
  6. Madusha Unregistered User January 19, 2020 at 8:42 pm

    ස්තූතියි සබ් එකට සහෝ


    Reply
  7. mithun Unregistered User January 22, 2020 at 9:27 pm

    පට්ට කතාවක් බැලුවේ .කියන්න තියෙන්නේ එක දෙයයි.ඔය වගේ සබ් දාන කෙනෙක් නැති නම් මෙවගෙ ෆිල්ම් එකක් මලාට බලන්න බැරි වෙයි. අවංකවම ෆිල්ම් පොස්ටර් එක දැක්කම නොගන්න හිතුන ,
    ඒත් ඉතින් ලිපිය හින්දත් ,හසිත හොහොමත් වෙනස්ම ආකාරයෙන් චිත්‍රපට තොරල ගෙන හින්දත් ෆිල්ම් එක ඔගොල්ලොගෙම ලින්ක් එකෙන් අරගත්තෙ. සුපිරි මෙක නම්. ඇත්තටම සහෝ එකම දෙ කියන්න ඔන නෑ හැමදාම.. ඔයා දෙන මුවී නම් පට්ට . මුල් හරියේ බැලුම කඩම් වැටෙන හරිය යද්දීම ඉදම් උන්නු පුටුවත් ආපහු හරිගස්සගත්ත .. තවම සබ් එක අරම් තියෙන්නේ කීයද.. මෙවගෙ ෆිල්ම් එකක් නොබැලුවත් අපරාදෙ .!!
    ගොඩක් ස්තුතියි සහෝ !!!!💎
    🌟🌟🌟🌟🌟
    ❤❤❤❤❤


    Reply
    • Hasitha Prasad Co - admin January 22, 2020 at 10:00 pm

      පොඩිම පොඩි කතාවකින් පැය දෙකක ෆිල්ම් එකක් හදල, ඒ ෆිල්ම් එක ඉවරවෙනකම්ම ප්‍රේක්ෂකයා කම්මැලිකමක් නැතුව තිරය ඉස්සරහ වාඩිකරවල තියාගන්න තරම් ප්‍රබල කතාවක් හදනව කියන්නෙ ඉතිං….හිතාගන්නවත් බෑ ඇත්තටම. ඇත්තටම නිකං දැකපු වෙලාවක මම මේක ඩවුන්ලෝඩ් කරල තියාගත්තෙ, බැලුවෙ මාසයක් විතර ගිහිල්ලා. ඔයා කිව්වා වගේම මටත් බලන්න හිතුණෙම නෑ.පස්සෙ දවසක ඔන්න ඔහේ බලනව කියල හිතාගෙන බැලුවම තමයි තේරුණේ තව ටිකෙන් මගෑරගන්නෙ වටින ෆිල්ම් එකක් නේද කියල. ඩවුන්ලෝඩ් අඩුවෙන්න හේතුව හොලිවුඩ් නොවෙන ෆිල්ම් දිහා ගොඩක් අය බලන්නෙ අවතක්සේරුවෙන්, ඒත් ඇත්තටම බැලුවොත් හොලිවුඩ් පරද්දල යන ෆිල්ම් තියනව වෙන රටවල.


    • mithun Unregistered User January 22, 2020 at 11:25 pm

      පුදුම උස්සහයක් නෙ.. 😊 මන් කිව්වෙ ෆිල්ම් එකේ.. කියන්න වචන නැ මුවී එක ගැන නම්. එක දෙයක් නම් සුවර් කාලෙකට අමතක වෙන් නැති මුවී එකක් .. මගේ අදහස නම් මන් හොලිවුඩ් ෆිල්ම් මේ විදියට දැනෙන බලලා තියෙන්නේ බොහොම අතලොස්සයි. ( මෙන්න එ තරින් මට තවමත් මේකේ වැදුන ෆිලින් එකම තියෙන ෆිල්ම් එකක් තාමත් මතක Argo
      2012)


  8. නිරංජන් Unregistered User January 26, 2020 at 11:22 am

    බලපු හොඳම චිත්‍රපටියක්


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Ballon (2018) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK