Big Trouble in Little China (1986) Sinhala Subtitle

April 27, 2020 Admin
Subtitle by Rasika Samanjith

 

          ලැබුවා වූ නව වසර සියලු දෙනාටම වාසනාවන්ත වසරක් වේවා! කියල පටන්ගන්නම්. ඇඳිරි නීතියට පින්සිද්ධ වෙන්න තවත් උපසිරැසියක්  ඉක්මනට  ගේන්න පුලුවන් උනා. බටහිර චිත්‍රපට  ලෝලීන් කවුරුත්  දන්න ජනප්‍රියම  නලුවෙක් වන කර්ට් රසල්ගේ  ජනප්‍රියවූ  පැරණි  සිනමා පටයක්. ඒ තමා 1986 ජුලි 02 දින ප්‍රදර්ශනය ඇරැඹි “*Big trouble in Little China*”. ඇමරිකන් ෆිලුමක්.  Action,Adventure, Fantasy, Martial Arts, Comedy ගණයට තමයි වැටෙන්නේ. IMDb අගය7.3/10 කටද,  Rotten Tomatoes අගය 77% කටද  කරකවන්න සමත්වූ මේ සිනමා පටයට Google පරිශීලකයන්  94% කගේ  කැමැත්ත ලැබිල  තියෙනවා. අධ්‍යක්ෂනය  John Carpenter ( Halloween [1978],  Escape from New York [1981], The Thing [1982] ). නිෂ්පාදනය සහ බෙදාහැරීම 20th Century Fox සමාගම. රඟපෑමෙන් දායක උනා *Kurt Russell* ( Tango & Cash[1989 – with Sylwester Stallone], Escape From L.A.[1996], Soldier[1998], Poseidon[2006] ), එසේම *Kim Kattrall* ( Midnight Crossing [1998],  Police Academy [1984],  Sex and the City [ 2008, 2010 ])  සහ *Dennis Dun*   ( Year of the Dragon [1985],  Last Emperor [1987] ).

      මෙහි  දෙවෙනි ප්‍රධාන චරිතය වන වැන්ග් චීගේ චරිතය සඳහා අධ්‍යක්ෂක ජෝන්කාපෙන්ටර් ජැකී චෑන් යොදා ගැනීමට තීරණය කර ඇති අතර, ඒ වනවිට  Police Story හී වැඩ කටයුතු සම්බන්ධයෙන් ඔහු හොංකොං වල  කාර්යබහුලවී  සිටි  බැවින් එය නොහැකිවී ඇත.  තව විශේෂ දෙයක්.  පවුලේ සැමට එකට සිට බලන්න පුලුවන් ෆිලුමක්. 18+ සීන් නෑ.

 ජැක් බර්ටන් ට්‍රක් රථ රියදුරෙක්. ඔහු දිනක් ඔහුගේ යාලුවෙක් වන චීන ජාතික වැන්ග් සමඟ, වැන්ග් කසාද බඳින්න ඉන්න කෙල්ලව [ මියාඕ යින් ] එක්කන් එන්න එයාර්පෝට් එකට යනවා. එහිදී මියාඕ යින්ව යම් කිසි පිරිසක් විසින් පැහැර ගන්නවා. ඇයව අරන් යන්නේ චයිනා ටවුන් පාතාල ලෝකයේ රජු, ඩේවිඩ් ලෝ පෑන් විසින්. මේ ලෝ පෑන් මිනිස් රූපයක් මවාගෙන ඉන්න අමනුස්සයෙක්. අවුරුදු 2000කට ඉහතදී චීන අධිරාජ්‍යයයෙක් කල සාපයක් නිසා තමයි එහෙම  වෙලා  තියෙන්නේ. කොළ  පාට  ඇස්  තියෙන  කෙල්ලෙක්  කසාද බැඳලා එයාව බිලි දුන්නොත්  තමයි  ලෝ පෑන්ට තරුණ  කමත් එක්ක  මිනිස්  ශරීරය නැවත ලැබෙන්නේ. ඒකට තමයි  මියාඕ යින්  පැහැරගන්නේ. ලෝ පෑන්ව මරන්න බෑ. ගුප්ත මායා බලයන්ගෙන්  චයිනා ටවුන් වල බලය පතුරුවාගෙන ඉන්නවා. ජැක් සහ වැන්ග් කෙල්ලව බේරගන්න එහෙට ගියත්, ලෝ පෑන්ගේ මැජික් හා පිරිවර හමුවේ  බොහොම අමාරුවෙන් පණ බේරන්  එන්න වෙන්නෙ, ජැක්ගේ ට්‍රක්  එකත් එහේ  අතහැරල  දාලා.  ඒකෙන් ජැක්ට තවත්  මල පනිනවා.  ඊට පස්සෙ කෙල්ලයි, ට්‍රක් එකයි දෙකම අරන් එන්න ආයෙත් එයාල ලෝ පෑන්ගේ රාජ්ජයට පය තියනවා. මේ පාර  නිකන්ම නෙවේ.  හොඳ  සූදානමක්  ඇතිව. තනියමත් නෙවේ.  තව  කීප දෙනෙකුත් එකතුවෙනවා. නීතිඥවරියක් වන සුරූපී ග්‍රේසි ලෝ, තරමක ගුප්ත මායා බලයක් ඇති එග් ෂෙන් ඒ අතර  වෙනවා. තාම කතාවෙ  භාගයයි කිව්වේ.

ඉන්ද්‍රජාල, චීන ගුප්ත මායා බලයන්, මාර්ෂල් ආර්ට්ස් සටන් සහ කොමඩිත්  සමඟ ත්‍රාසජනක විනාඩි 99ක්  ගත කරන්න  ආරාධනා  කරමින් නවතින්නම්.  ජීවිතයේ ලද හොඳම තෑග්ග,  ෂෙහානි ශ්‍යාමින්දි  දියණියට  සෙනෙහසින්  මෙම   උපසිරැසිය පිරිනමමි. ඔබ සැමට ජය!

BRRip / 720p / 1080p

Available Torrents
720p bluray 917.07 MB
1080p bluray 1.84 GB
Rasika Samanjith
176 Movies
0 TV Series
176 Total
Discussion (3)
  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 81

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තූතියි සබ් එකට 😊👍.
    ජය වේවා.! 👊👊👊

  • Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තූතියි සබ් එකට 😊👍..
    ජය වේවා.! 👊👊👊

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search