Login


Not a member? Register or sign up with

Facebook Page

Online Watch List

Black Mirror (2011) [S04 : E01] Sinhala Subtitle

/
USS කැලිස්ටර් යානය
කොහොමද සබ්ස් එල් කේ හිතවතුනි. මන් හිතන්නේ සෑහෙන්න කාලයකට පස්සේ තමා මන් මේ කතා මාලාවෙන් එපිසෝඩ් එකක් ගේන්නේ. ඇත්තටම මේක කාලයක් නොගෙන ආව හේතුව මේකයි. මන් 4 වෙනි සීසන් එකට සම්පූර්ණයෙන් උපසිරැසි ටික හදලා තියෙද්දී අවසනාවකට වගේ මගේ හාඩ් එක ගහලා ගියා. ඒ කරපු සබ් ටිකත් නැති වෙලාම ගියා. ආයේත් එකම කතාවට සබ් එකක් කරනවා කියන්නේ එපාම වෙන වැඩක්නේ. ඒ නිසා ටිකක් කල් වැඩේ අතෑරලා හිටියේ. අනික මේකට ලොකු ප්‍රතිචාරයක් තිබ්බෙත් නෑ ඒ කාලේ. පස්සේ මේ වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක් කතාව බලන්නත් අරන් වගේම මේක ගැන ටික ටික තැන් තැන් වල කතා වෙනවත් මන් දැක්කා. මුහුණුපොතේ එහෙම. ඉතින් ඇත්තටම මට සතුටකුත් හිතුනා මේ උපසිරැසි නිසාදෝ කට්ටිය මේක බලන්න යොමු වෙලා කියලා. ඒ හින්ද ඉතිරි ටිකත් මන් පුලු පුලුවන් විදියට වෙලාව හම්බවෙන විදියට කරලා දෙන්නම්. හරි අද කතාවේදී වෙන්නේ මෙහෙම සීන් එකක්. ඉන්ෆිනිටි කියලා වීඩියෝ ගේම කම්පැනියක් තියෙනවා. ඒකේ ලොක්කෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වෝල්ටන්. ඒ චරිතයට රඟපාන කෙනාව දන්නවා ඔයාලා වෙස්ට්වර්ල්ඩ් බලලා තියෙනවා නම්. මු කට තියෙන වැඩ බැරි ටාසන් කෙනෙක්. ඒ නිසා කම්පැනියේ හැමදෙයක්ම රන් කරන්නේ මේකා. අනික් කෙනා ඩේලී. බ්‍රේකින් බෑඩ් එකේ අන්තිම හරියේ එන්නේ අර මැර කල්ලියේ කොල්ලා. අන්න ඌ තමා රඟපාන්නේ. මූ වැඩ පුලුවන් සද්ද නැති එකෙක්. ඒ නිසා ම ලොක්කෙක් උනත් පොඩ්ඩක් කොන් වෙලා ඉන්නේ ඔෆිස් එකේ ඇතුලේ. මේකා ඉන්ෆිනිටි එක ඇතුලෙම ගේම් එකක් හදනවා. මිනිහගෙම වර්ෂන් එකක්. අභ්‍යවකාශ යානා ගැන ගේම් එකක්. ඒකේ අනික් ප්ලේයර්ස්ලා තමා ඔෆිස් එකේ ඉන්න ඉතිරි සේවකයෝ ටික. හැබැයි ඒ අයව බලෙන් තමා ඒ ගේම් අස්සට දාලා තියෙන්නේ. ඒ කොහොමද ඒ? මොකද්ද ඒ කිව්ව හරුපේ? අරන් ම බලන්නකෝ සීන් එක මොකද්ද කියලා තේරෙයි. අනික මේ එපිසෝඩ් එකට විතරක් සෑහෙන්න සම්මාන ප්‍රමාණයකුත් හම්බෙලා තියෙනවා. මේ කතාවටත් උපසිරැසිත් දීලා නොබලනවා කියන්නේ ඇත්ත්ටටම පව් ඉතින් උන්. කතාව, නිෂ්පාදන කොලිටිය, රඟපාන උන් ටික, හැමදෙයක්ම ඉහළ මට්ටමේ ඒවා. මේක ඇන්තොලොජියක්නේ. ඒ කියන්නේ කතාංග එකිනෙකට සම්බන්ධ නෑ. දවසේ කතා. කෙනෙක්ට මෙතන ඉඳන් උනත් බලන්න පටන් ගන්න පුලුවන්. ඔය හැම කතාංගයකම ඉන්න ප්‍රධාන නළුවා හෝ නිළිය බොහෝ දුරට අපි දන්න ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නේ. ඒ තරම් වියදම් කරලා ගහලා තියෙනවා මේ කතා ටික.
8.8
IMDB

Year : 2011

Actors : Daniel Lapaine,Hannah John-Kamen,Michaela Coel,Beatrice Robertson-Jones

Created by Charlie Brooker. With Daniel Lapaine, Hannah John-Kamen, Michaela Coel, Beatrice Robertson-Jones. An anthology series exploring a twisted, high-tech multiverse where humanity's greatest innovations and darkest instincts collide.


2022-12-26 06:05 am

Movies

4

Tv Episodes

187

SubzLK වෙනුවෙන් K.A Raveen කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 1176
  • File Size : 30.023KB
  • romesh kusal Expert Subtitler
    Windows 10Chrome 125

    black mirror season 4 ,5,6 tikema ona thawa season 3nk tiyenava

    2024-05-28 at 6:46 am
  • chamod weerasekara Expert Subtitler
    Windows 10Chrome 134

    ane ithuru season thikath dannko

    2025-03-18 at 3:20 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More