Responsive image
subz.lk
  • Tv Shows
    • Arabic TV Shows
    • English TV shows
    • German Tv shows
    • Hindi Tv Shows
    • Japanese TV Shows
    • Korean TV shows
  • Movies
    • Bengali movies
    • Canadian Movies
    • Chinese Movies
    • Denmark Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Iran Movies
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Norwegian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telagu Movies
    • Thai Movies
    • Ukrainian Movies
  • චිත්‍රපට ප්‍රභේද
    • Horror Movies
    • Action Movies
    • fantasy Movies
    • Drama Movies
    • Thriller Movies
    • Adventure Movies
    • Sci-Fi Movies
    • Mystery Movies
    • Crime Movies
    • Comedy Movies
    • Animation Movies
    • Family Movies
    • Romance Movies
    • War Movies
    • History Movies
    • Biography Movies
    • Musical Movies
    • Documentary Movies
  • ටෙලිකතා ප්‍රභේද
    • Horror Tv shows
    • Action Tv shows
    • fantasy Tv shows
    • Drama Tv shows
    • Thriller Tv shows
    • Adventure Tv shows
    • Sci-Fi Tv shows
    • Mystery Tv shows
    • Crime Tv shows
    • Comedy Tv shows
    • Animation Tv shows
    • Family Tv shows
    • Romance Tv shows
    • War Tv shows
    • History Tv shows
    • Biography Tv shows
    • Musical Tv shows
    • Documentary Tv shows
  • විශේෂීකරණය
    • වැඩි පුරම Download කර උපසිරැසි
    • IMDB Ratings අනුව
  • උදව්
  • ඔබේ උපසිරැසි අපට දෙන්න
Profile
අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී ඇත්නම් login වෙන්න


Login Login with facebook
Login Login with google
Lost your password?
    අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැත්නම් අදම Register වෙන්න
FB Group
Subz.LK
Today Top 10
Sniper. The White Raven (2022) Sinhala Subtitle

Prey (2022) Sinhala Subtitle

AVP: Alien vs. Predator (2004) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle

Cannibal Holocaust (1980) Sinhala Subtitle

Harry Potter and the Deathly Hallows: Part 1 (2010) Sinhala Subtitle

Harry Potter and the Half-Blood Prince (2009) Sinhala Subtitle

John Wick: Chapter 2 (2017) Sinhala Subtitle

AVP2: Aliens vs. Predator 2 – Requiem (2008) Sinhala Subtitle

Beast (2022) Sinhala Subtitle

ads
  • Home
  • Movies
  • English Movies
  • Blade Runner (1982) Sinhala Subtitle
Blade Runner (1982) Sinhala Subtitle
MOVIE

Hasitha Prasad 2018-08-30 / 01:12 AM

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමකට අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඇත්තටම ඔහු මට බාරදුන්නෙ Blade Runner (1982) චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය ලෙස ඊට වසර 35කට පසු නිර්මාණය වුණ  Blade Runner:2049(2017) චිත්‍රපටයේ උපසිරැසියයි. Blade Runner(1982) චිත්‍රපටයෙන් පසුව එහි දිගුවක් ලෙස හැදුණ ප්‍රධාන චිත්‍රපටය Blade Runner: 2049 චිත්‍රපටය වුණත්, මේ දෙක අතරට තවත් කෙටි චිත්‍රපට තුනක් ඇතුලත්. ඒ තමයි ….

Blade Runner-Blackout: 2022 (2017)

Blade Runner-2036: Nexus Dawn (2017)

Blade Runner-2048:Nowhere To Run (2017)

මේ කෙටි චිත්‍රපට තුන නැරඹුවොත් තමයි Blade Runner :2049 චිත්‍රපටයට නිවැරදිව
ප්‍රවිශ්ට වෙන්න පුළුවන්. මොකද කිව්වොත් 1982 වසරේ නිකුත්වුණ පළමු චිත්‍රපටයේ තියන්නෙ 2019 වසරේ සිදුවීමක්. ඊලඟට 2017 වසරෙ නිකුත්වුණ Blade Runner: 2049 චිත්‍රපටයෙ දිගහැරෙන්නෙ 2049 වසරේ සිදුවීමක්, ඒ කියන්නෙ වසර 30ක කාල පරතරයක් තියනවා ප්‍රධාන චිත්‍රපට දෙක අතර. ඉතින් චිත්‍රපටයේ කතා වස්තුව තුල ඇති විශ්වයේ මේ කාලපරතරය ඇතුලත සිදුවූ විශේෂ සිදුවීම් නරඹන්නාට දැන්වීමට සහ Blade Runner: 2049 චිත්‍රපටයට නරඹන්නා සූදානම් කිරීමක් ලෙසයි මම ඉහලින් සඳහන් කල චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය කර ඇත්තේ. එහෙනම් මේ චිත්‍රපට පෙළ නරඹා නැති අය , Blade Runner (1982) සහ Blade Runner: 2049 (2017) චිත්‍රපට දෙක පමණක් නරඹා ඇති අය , චිත්‍රපට පහම නරඹා ආයිත් වතාවක් මේ චිත්‍රපට පෙල නරඹන්න කැමති අය , ප්‍රධාන චිත්‍රපට දෙක පමණක් නරඹා කතාව පටලවාගත් අය ආදී සියලුම දෙනා වෙනුවෙන් මම තීරණය කලා Blade Runner:2049 ට පමණක්ම උපසිරැසි නොදී මුළු චිත්‍රපට මාලාවටම එකවර උපසිරැසි දෙන්න. එතකොට බලන අයටත් පහසුයි උපසිරැසි සහ වීඩියෝ පිටපත් සියල්ලම එකම අඩවියකින් බාගත කරගන්නට හැකිවන නිසා. එහෙනම් අපි දැන් යමු චිත්‍රපටය පැත්තට.. මේ සඳහා මට උනන්දුව ඇතිකල කවීෂ සහෝදරයාටත් ස්තූතියි කියන්න කැමතියි Subzlk සියලු දෙනා වෙනුවෙන්.

මම ආයිත් මතක් කරන්නම් චිත්‍රපට පෙල නරඹන්න ඕනෙ හරි අනුපිලිවෙල. ඒ තමයි…

* Blade Runner (1982)
මම උපසිරැසි දීල තියෙන්නෙ 2007 වසරේ නිකුත් වුණ මෙහි Final Cut එකට.

*Blade Runner-Blackout: 2022 (2017)

*Blade Runner-2036: Nexus Dawn (2017)

*Blade Runner-2048:Nowhere To Run (2017)

*Blade Runner:2049 (2017) විදියට.

හරි දැන් යමු 1982 Blade Runner චිත්‍රපටය පැත්තට, මොකද මේ වෙබ්පිටුවෙ තියෙන්නෙ ඒ චිත්‍රපටයේ උපසිරැසිය නිසා…

          ඇමරිකානු ලේඛක ෆිලිප් K ඩික් විසින් 1968 වසරේදී ප්‍රකාශයට පත්කල Do Androids Dream of Electric Sheep? විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් , හැම්ප්ටන් ෆැන්චර්, ඩේවිඩ් වෙබ් පීපල්ස් දෙදෙනාගේ තිර රචනයෙන්, බ්‍රිතාන්‍ය ජාතික සිනමාකරු රිඩ්ලි ස්කොට්ගේ අධ්‍යක්ෂණයෙන් 1982 වසරේදී එලිදැක්වුණු මේ Blade Runner චිත්‍රපටය අදටත් Imdb සිනමා දර්ශකයේ හොඳම චිත්‍රපට 250 අතරේ 152 වන ස්ථානයේ රැඳී සිටිනවා, ඒ එහිම 8.2 දැවැන්ත අගයකට හිමිකම් කියමිනුයි. ඊට අමතරව Rotten Tomatos වෙතින් 90% ක අගයකුත් ලබා ඇති මෙය 1983 වසරේ ඔස්කා සම්මාන උළෙලේ හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහ හොඳම කලා අධ්‍යක්ෂණ යන සම්මාන දෙකටද නිර්දේශ වූවක්. රංගනයෙන් දායක වෙන්නෙ හැරිසන් ෆෝඩ් (රික් ඩෙකර්ඩ්), සීන් යන්ග් (රේචල්), එඩ්වඩ් ජේම්ස් ඔල්ම්ස් ( ගැෆ්), M.එමට් වොල්ෂ් ( බ්‍රයින්ට්) , විලියම් සැන්ඩර්සන් ( J.F සෙබස්තියන්), බ්‍රියොන් ජෙම්ස් ( ලියොන් කොවාල්ස්කි), ජෝ ටර්කෙල් ( ආචාර්ය. එල්ඩන් ටයිරෙල්) ,ජේම්ස් හොන් ( හැනිබල් චිව්), ජොඈනා කැසිඩි ( සොහෝරා) , රුට්ගර් හවර් ( රෝයි බැටී) , ඩැරිල් හැනා (ප්‍රිස්) ඇතුළු නළු නිලි පිරිසක්. මීට අමතරව චිත්‍රපටය ගැන කියන්න කරුණු තියනවා ඒ ටික මම පහලින්ම වෙනම දාන්නම්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට.

21වන ශතවර්ෂයේ මුල් භාගයේදී ආචාර්ය එල්ඩන් ටයිරෙල් නැමැත්තෙකුට හිමි ටයිරෙල් සමාගම රොබෝ තාක්ෂණය නව මානයකට ගෙන යනවා, නෙක්සස් නමින් නවතම රොබෝවරුන් මාලාවක් නිෂ්පාදනය කරමින්. කෘතිමානවයන් (Replicants) ලෙස පොදුවේ හැඳින්වුන මොවුන් මනුෂ්‍යයාට අතිශයින්ම සමානයි, ඒ වගේම ඔවුන්ව නිර්මාණය කල නිර්මාණකරුවන් තරමටම බුද්ධියක්ද ඔවුන් සතුයි. කෙසේහෝ මිනිසා මේවනවිට පෘතුවියෙන් දුර ඈත ග්‍රහලෝකවල ජනපද ඇතිකිරීමට තරම් දියුණුයි. ඉතින් නව ග්‍රහලෝක සොයායෑම, වෙන නොයෙකුත් අනතුරුදායක කටයුතු කිරීමට මිනිසා විසින් යොදාගන්නෙ මේ කෘතිමානවයන්ව, ඔවුන් සතු බුද්ධිය සහ ශාරීරික ශක්තිය තමයි ඊට ප්‍රධාන හේතුව. මිනිසා මේ කෘතිමානවයන්ව සලකන්නෙ වහලුන් විදියටයි. කොහොමහරි ඔය අතරෙදි යුධ කටයුතු වෙනුවෙන් නිර්මාණය කල නෙක්සස්-6 කෘතිමානවයන් පිරිසක් මේ ජනපදයකදී කල කැරැල්ලක් හේතුවෙන් පෘතුවිය තුල කෘතිමානවයන්ව තහනම් කරලයි තියෙන්නෙ මේ වෙනකොට, ඒ කියන්නෙ 2019 වසර වෙනකොට. වැරදිලාවත් කෘතිමානවයෙක් පෘතුවියට පැමිණියොත් දඬුවම මරණය. කෘතිමානවයන් පෘතුවියට ඒම වළක්වන්න බ්ලේඩ් රනර් නම් පොලිස් විශේෂ බලකායක් ඉන්නවා පෘතුවියේ. ඔවුන්ගේ කාර්යය තමයි පෘතුවිය තුල සිටින කෘතිමානවයන් සොය සොයා මරාදැමීම, කෘතිමානවයෙක් දුටු තැන වෙඩි තබා මරා දමන්නත් මේ බ්ලේඩ්රනර්වරුන්ට නීතියෙන් අවසර තිබෙනවා. හැබැයි මේකට මරා දැමීම කියල කියන්නෙ නෑ, කියන්නෙ “විශ්‍රාම ගැන්වීම” කියල. කෘතිමානවයන්ට (Skin-job)බෙලෙක්කයන් නමින් සරදම් නමකුත් පටබැඳලයි තියෙන්නෙ මිනිසා විසින්. හරි, කලින් මම කිව්වනෙ මේ කෘතිමානවයන් මිනිසාට අතිශයින්ම සමානයි සහ බුද්ධියත් ඒ වගේම බව. එතකොට කොහොමද මේ කෘතිමානවයන්ව මිනිසාගෙන් වෙන් කර හඳුනාගන්නෙ? ඒකට තියනවා වොයිට්- කාම්ෆ් (Voight-Kampff) නම් යන්ත්‍රයක්. ඔයගොල්ලො නූතන හොලිවුඩ් චිත්‍රපටවල දැකල ඇතිනෙ මිනිසා ප්‍රකාශ කරන බොරු හඳුනාගත හැකි පොලිග්‍රාෆ් යන්ත්‍රය. මේ වොයිට්-කාම්ෆ් යන්ත්‍රය ඒ වගේම එකක් නමුත් ක්‍රියාවලිය වෙනස්. කොතරම් මිනිසාට සමාන වුණත් කෘතිමානවයන්ට තියන එක් අඩුවක් තමයි මෙහිදී ප්‍රයෝජනයට ගැනෙන්නෙ ඒ තමයි හැඟීම් ප්‍රකාශනයේ ඇති අඩුපාඩු. යම්කිසි සංවේදී ප්‍රශ්ණ කීපයක් විමසලා එයට ඔවුන් දක්වන හැඟීම් ප්‍රකාශණ සහ පිලිතුරු දීමේ වේගය ආදිය සසඳල තමයි කෘතිමානවයන්ව අල්ලගන්නෙ. ඊට පස්සෙ ඒ අහුවෙන අයට වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ වගේ වටපිටාවකින් තමයි කතාව පටන්ගන්නෙ, ඉන් එහාට නරඹන අයට ඉතුරු කරමින් එහෙනම් මම ගිහින් එන්නම්. මම මේ එක්කම අනිත් චිත්‍රපට ටිකත් පළ කරනවා.

* වීඩියෝ පිටපත
ලබාදී ඇති උපසිරැසිය ගැලපෙන්නෙ මේ චිත්‍රපටයේ 2007 වසරේ නිකුත්වූ Final Cut
පිටපතට පමණයි. ඒ නිසා ලබාදී ඇති පිටපතම ලබාගන්න. වෙන පිටපතක් ලබාගන්නේනම් බාගත කර ගැනීමට පෙර එහි Final Cut යැයි සඳහන්ව ඇත්දැයි බලන්න.
ලබාදී ඇති පිටපතේ 1997යැයි සඳහන් වෙන්නෙ ටොරන්ට් එක සකස් කල අයගෙ අතපසුවීමකින්. බය නැතුව ගන්න මේ 2007 Final Cut එකමයි.

විශේෂ :-

* සිනමා ඉතිහාසයේ විශේෂ තැනක් ගත්තට මේ චිත්‍රපටයෙ නිර්මාණ කාර්යයනම් ඒ තරම් සුන්දර එකක් වෙලා නෑ. අධ්‍යක්ෂකවරයා වන බ්‍රිතාන්‍ය ජාතික රිඩ්ලි ස්කොට්ගේ පලමු ඇමරිකානු චිත්‍රපටය වූ මෙහි රූගත කිරීම්වලට තබ බ්‍රිතාන්‍ය කාර්ය මණ්ඩලය රැගෙන ඒමට ඔහුට අවසර ලැබී නෑ, ඇමරිකානු සේවක නීති අනුව. සිතූ සිතූ වෙලාවට රූගත කිරීම් කටයුතු, තිර පිටපත් වෙනස් කරමින් වැඩ කරන මේ බ්‍රිතාන්‍යයා ඇමරිකානු කාර්ය මණ්ඩලයට මහා වදයක් වෙලා. කොටින්ම කිව්වොත් ඔවුන් මේ චිත්‍රපටය හඳුන්වා තිබෙන්නේ බ්ලේඩ් රනර් ලෙස නොව බ්ලඩ් රනර් ලෙසයි. ඒ එක්කම වියදම ඇස්තමේන්තු- ගත කර තිබූ ප්‍රමාණය පැන බොහෝදුරක් යාමට පටන්ගත් නිසා විධායක නිෂ්පාදකවරුන් විසින් අවසානයේ රිඩ්ලි ස්කොට්ව චිත්‍රපටයේ කටයුතුවලින් ඉවත්කර දමා තිබෙනවා. කෙසේහෝ පසුව ඒ ගැටලුව සමථයකට පත්කරගෙන නැවතත් ඔහුව චිත්‍රපටයට සම්බන්ධ කරගෙන තිබෙනවා.

* රික් ඩෙකර්ඩ්ට පණ පොවන හැරිසන් ෆෝඩ්ට පවා චිත්‍රපටයේ රූගතකිරීම් කෙරෙන ආකාරය ගැන ඒතරම් සතුටක් තිබී නෑ. එය ඔහු සෑහෙන කලකට පසු මාධ්‍ය ඉදිරියේ පවසා තිබෙනවා.

* චිත්‍රපටයට පාදක නවකතාවේ රචක ෆිලිප් K ඩික් තම නවකතාවෙන් ගොඩනැගුනු මේ චිත්‍රපටය නරඹන්න තරම් වාසනාවන්ත වෙන්නෙ නෑ, ඔහු මිය යනවා චිත්‍රපටයේ වැඩ අවසන් වීමට පෙර.

*නවකතාව තුල කෘතිමානවයන් හැඳින්වෙන්නෙ Replicants ලෙස නොව Androids
ලෙසින්ලු.





Year : 1982

Rating :

Genre : Sci-Fi, Thriller

Actors : Harrison Ford, Rutger Hauer, Sean Young, Edward James Olmos

Writer : N/A

Director : Ridley Scott

Plot : A Blade Runner Must Pursue And Terminate Four Replicants Who Stole A Ship In Space, And Have Returned To Earth To Find Their Creator.



Youtube Trailer

( 720P )
Torrent පිටපත


සිංහල උපසිරැස Download කරගන්න 412 times


Subz.lk වෙනුවෙන් උපසිරැසි කරේ
Hasitha Prasad
CO - Admin
8.2
90%
84%
  1. Madusha Unregistered User September 1, 2018 at 9:24 am

    නියමයි.බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!


    Reply
  2. Sajith Anthony Unregistered User September 1, 2018 at 9:48 pm

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!


    Reply
  3. CrZy Shan Verified User September 7, 2018 at 11:27 pm

    නියමයි


    Reply

Leave a Reply Cancel reply

Social connect:
Login Login with facebook
Login Login with google

Your email address will not be published. Required fields are marked *

Up Dates
F9: The Fast Saga (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Jungle Cruise (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Black Widow (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Tides (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Peter Rabbit 2: The Runaway (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Ice Road (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Luca (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


The Conjuring: The Devil Made Me Do It (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Minamata (2020) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Wrath Of Man (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Those Who Wish Me Dead (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Great White (2021) චිත්‍රපටය BRRip පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත


Achievements
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 500 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 450 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Gayan Chandana ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Hasitha Prasad ගේ 400 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
Last Month Top 10

The Tracker (2019) Sinhala Subtitle

Terror on the Prairie (2022) Sinhala Subtitle

Only the Strong (1993) Sinhala Subtitle

Om Shanti Om (2007) Sinhala Subtitle

The Avatar Tribune – Issue 1 (2021) [S01 : E01] Sinhala Subtitle

ads


Insert/edit link

Enter the destination URL

Or link to existing content

    No search term specified. Showing recent items. Search or use up and down arrow keys to select an item.
      Blade Runner (1982) Sinhala Subtitle

      information

      • Software
      • අපි ගැන

      Security & privacy

      • Terms Of Use
      • Privacy Policy
      • DMCA

      introduction

      Subz lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට උපසිරැස ලබා දෙන වෙබ් අඩවියක් වේ.

      Copyright © 2015-2022 / Subz.LK