Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E15] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E14] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E13] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E12] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E11] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E10] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E09] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E08] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E07] Sinhala Subtitle Drama The Vampire Diaries (2009) [S08 : E06] Sinhala Subtitle
  • Movies
  • English Movies
  • Blade Runner (1982) Sinhala Subtitle

Blade Runner (1982) Sinhala Subtitle

August 29, 2018 Junior Admin

ආයුබෝවන් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ එන්නෙ අපේ කවීෂ සහෝදරයගෙ ඉල්ලීමකට අනුව කල උපසිරැසියක් අරගෙනයි. ඇත්තටම ඔහු මට බාරදුන්නෙ Blade Runner (1982) චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය ලෙස ඊට වසර 35කට පසු නිර්මාණය වුණ  Blade Runner:2049(2017) චිත්‍රපටයේ උපසිරැසියයි. Blade Runner(1982) චිත්‍රපටයෙන් පසුව එහි දිගුවක් ලෙස හැදුණ ප්‍රධාන චිත්‍රපටය Blade Runner: 2049 චිත්‍රපටය වුණත්, මේ දෙක අතරට තවත් කෙටි චිත්‍රපට තුනක් ඇතුලත්. ඒ තමයි ….

Blade Runner-Blackout: 2022 (2017)

Blade Runner-2036: Nexus Dawn (2017)

Blade Runner-2048:Nowhere To Run (2017)

මේ කෙටි චිත්‍රපට තුන නැරඹුවොත් තමයි Blade Runner :2049 චිත්‍රපටයට නිවැරදිව
ප්‍රවිශ්ට වෙන්න පුළුවන්. මොකද කිව්වොත් 1982 වසරේ නිකුත්වුණ පළමු චිත්‍රපටයේ තියන්නෙ 2019 වසරේ සිදුවීමක්. ඊලඟට 2017 වසරෙ නිකුත්වුණ Blade Runner: 2049 චිත්‍රපටයෙ දිගහැරෙන්නෙ 2049 වසරේ සිදුවීමක්, ඒ කියන්නෙ වසර 30ක කාල පරතරයක් තියනවා ප්‍රධාන චිත්‍රපට දෙක අතර. ඉතින් චිත්‍රපටයේ කතා වස්තුව තුල ඇති විශ්වයේ මේ කාලපරතරය ඇතුලත සිදුවූ විශේෂ සිදුවීම් නරඹන්නාට දැන්වීමට සහ Blade Runner: 2049 චිත්‍රපටයට නරඹන්නා සූදානම් කිරීමක් ලෙසයි මම ඉහලින් සඳහන් කල චිත්‍රපට ත්‍රිත්වය නිර්මාණය කර ඇත්තේ. එහෙනම් මේ චිත්‍රපට පෙළ නරඹා නැති අය , Blade Runner (1982) සහ Blade Runner: 2049 (2017) චිත්‍රපට දෙක පමණක් නරඹා ඇති අය , චිත්‍රපට පහම නරඹා ආයිත් වතාවක් මේ චිත්‍රපට පෙල නරඹන්න කැමති අය , ප්‍රධාන චිත්‍රපට දෙක පමණක් නරඹා කතාව පටලවාගත් අය ආදී සියලුම දෙනා වෙනුවෙන් මම තීරණය කලා Blade Runner:2049 ට පමණක්ම උපසිරැසි නොදී මුළු චිත්‍රපට මාලාවටම එකවර උපසිරැසි දෙන්න. එතකොට බලන අයටත් පහසුයි උපසිරැසි සහ වීඩියෝ පිටපත් සියල්ලම එකම අඩවියකින් බාගත කරගන්නට හැකිවන නිසා. එහෙනම් අපි දැන් යමු චිත්‍රපටය පැත්තට.. මේ සඳහා මට උනන්දුව ඇතිකල කවීෂ සහෝදරයාටත් ස්තූතියි කියන්න කැමතියි Subzlk සියලු දෙනා වෙනුවෙන්.

මම ආයිත් මතක් කරන්නම් චිත්‍රපට පෙල නරඹන්න ඕනෙ හරි අනුපිලිවෙල. ඒ තමයි…

* Blade Runner (1982)
මම උපසිරැසි දීල තියෙන්නෙ 2007 වසරේ නිකුත් වුණ මෙහි Final Cut එකට.

*Blade Runner-Blackout: 2022 (2017)

*Blade Runner-2036: Nexus Dawn (2017)

*Blade Runner-2048:Nowhere To Run (2017)

*Blade Runner:2049 (2017) විදියට.

හරි දැන් යමු 1982 Blade Runner චිත්‍රපටය පැත්තට, මොකද මේ වෙබ්පිටුවෙ තියෙන්නෙ ඒ චිත්‍රපටයේ උපසිරැසිය නිසා…

          ඇමරිකානු ලේඛක ෆිලිප් K ඩික් විසින් 1968 වසරේදී ප්‍රකාශයට පත්කල Do Androids Dream of Electric Sheep? විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරින් , හැම්ප්ටන් ෆැන්චර්, ඩේවිඩ් වෙබ් පීපල්ස් දෙදෙනාගේ තිර රචනයෙන්, බ්‍රිතාන්‍ය ජාතික සිනමාකරු රිඩ්ලි ස්කොට්ගේ අධ්‍යක්ෂණයෙන් 1982 වසරේදී එලිදැක්වුණු මේ Blade Runner චිත්‍රපටය අදටත් Imdb සිනමා දර්ශකයේ හොඳම චිත්‍රපට 250 අතරේ 152 වන ස්ථානයේ රැඳී සිටිනවා, ඒ එහිම 8.2 දැවැන්ත අගයකට හිමිකම් කියමිනුයි. ඊට අමතරව Rotten Tomatos වෙතින් 90% ක අගයකුත් ලබා ඇති මෙය 1983 වසරේ ඔස්කා සම්මාන උළෙලේ හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහ හොඳම කලා අධ්‍යක්ෂණ යන සම්මාන දෙකටද නිර්දේශ වූවක්. රංගනයෙන් දායක වෙන්නෙ හැරිසන් ෆෝඩ් (රික් ඩෙකර්ඩ්), සීන් යන්ග් (රේචල්), එඩ්වඩ් ජේම්ස් ඔල්ම්ස් ( ගැෆ්), M.එමට් වොල්ෂ් ( බ්‍රයින්ට්) , විලියම් සැන්ඩර්සන් ( J.F සෙබස්තියන්), බ්‍රියොන් ජෙම්ස් ( ලියොන් කොවාල්ස්කි), ජෝ ටර්කෙල් ( ආචාර්ය. එල්ඩන් ටයිරෙල්) ,ජේම්ස් හොන් ( හැනිබල් චිව්), ජොඈනා කැසිඩි ( සොහෝරා) , රුට්ගර් හවර් ( රෝයි බැටී) , ඩැරිල් හැනා (ප්‍රිස්) ඇතුළු නළු නිලි පිරිසක්. මීට අමතරව චිත්‍රපටය ගැන කියන්න කරුණු තියනවා ඒ ටික මම පහලින්ම වෙනම දාන්නම්. දැන් අපි යමු චිත්‍රපටයේ කතාව පැත්තට.

21වන ශතවර්ෂයේ මුල් භාගයේදී ආචාර්ය එල්ඩන් ටයිරෙල් නැමැත්තෙකුට හිමි ටයිරෙල් සමාගම රොබෝ තාක්ෂණය නව මානයකට ගෙන යනවා, නෙක්සස් නමින් නවතම රොබෝවරුන් මාලාවක් නිෂ්පාදනය කරමින්. කෘතිමානවයන් (Replicants) ලෙස පොදුවේ හැඳින්වුන මොවුන් මනුෂ්‍යයාට අතිශයින්ම සමානයි, ඒ වගේම ඔවුන්ව නිර්මාණය කල නිර්මාණකරුවන් තරමටම බුද්ධියක්ද ඔවුන් සතුයි. කෙසේහෝ මිනිසා මේවනවිට පෘතුවියෙන් දුර ඈත ග්‍රහලෝකවල ජනපද ඇතිකිරීමට තරම් දියුණුයි. ඉතින් නව ග්‍රහලෝක සොයායෑම, වෙන නොයෙකුත් අනතුරුදායක කටයුතු කිරීමට මිනිසා විසින් යොදාගන්නෙ මේ කෘතිමානවයන්ව, ඔවුන් සතු බුද්ධිය සහ ශාරීරික ශක්තිය තමයි ඊට ප්‍රධාන හේතුව. මිනිසා මේ කෘතිමානවයන්ව සලකන්නෙ වහලුන් විදියටයි. කොහොමහරි ඔය අතරෙදි යුධ කටයුතු වෙනුවෙන් නිර්මාණය කල නෙක්සස්-6 කෘතිමානවයන් පිරිසක් මේ ජනපදයකදී කල කැරැල්ලක් හේතුවෙන් පෘතුවිය තුල කෘතිමානවයන්ව තහනම් කරලයි තියෙන්නෙ මේ වෙනකොට, ඒ කියන්නෙ 2019 වසර වෙනකොට. වැරදිලාවත් කෘතිමානවයෙක් පෘතුවියට පැමිණියොත් දඬුවම මරණය. කෘතිමානවයන් පෘතුවියට ඒම වළක්වන්න බ්ලේඩ් රනර් නම් පොලිස් විශේෂ බලකායක් ඉන්නවා පෘතුවියේ. ඔවුන්ගේ කාර්යය තමයි පෘතුවිය තුල සිටින කෘතිමානවයන් සොය සොයා මරාදැමීම, කෘතිමානවයෙක් දුටු තැන වෙඩි තබා මරා දමන්නත් මේ බ්ලේඩ්රනර්වරුන්ට නීතියෙන් අවසර තිබෙනවා. හැබැයි මේකට මරා දැමීම කියල කියන්නෙ නෑ, කියන්නෙ “විශ්‍රාම ගැන්වීම” කියල. කෘතිමානවයන්ට (Skin-job)බෙලෙක්කයන් නමින් සරදම් නමකුත් පටබැඳලයි තියෙන්නෙ මිනිසා විසින්. හරි, කලින් මම කිව්වනෙ මේ කෘතිමානවයන් මිනිසාට අතිශයින්ම සමානයි සහ බුද්ධියත් ඒ වගේම බව. එතකොට කොහොමද මේ කෘතිමානවයන්ව මිනිසාගෙන් වෙන් කර හඳුනාගන්නෙ? ඒකට තියනවා වොයිට්- කාම්ෆ් (Voight-Kampff) නම් යන්ත්‍රයක්. ඔයගොල්ලො නූතන හොලිවුඩ් චිත්‍රපටවල දැකල ඇතිනෙ මිනිසා ප්‍රකාශ කරන බොරු හඳුනාගත හැකි පොලිග්‍රාෆ් යන්ත්‍රය. මේ වොයිට්-කාම්ෆ් යන්ත්‍රය ඒ වගේම එකක් නමුත් ක්‍රියාවලිය වෙනස්. කොතරම් මිනිසාට සමාන වුණත් කෘතිමානවයන්ට තියන එක් අඩුවක් තමයි මෙහිදී ප්‍රයෝජනයට ගැනෙන්නෙ ඒ තමයි හැඟීම් ප්‍රකාශනයේ ඇති අඩුපාඩු. යම්කිසි සංවේදී ප්‍රශ්ණ කීපයක් විමසලා එයට ඔවුන් දක්වන හැඟීම් ප්‍රකාශණ සහ පිලිතුරු දීමේ වේගය ආදිය සසඳල තමයි කෘතිමානවයන්ව අල්ලගන්නෙ. ඊට පස්සෙ ඒ අහුවෙන අයට වෙන දේ මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේ වගේ වටපිටාවකින් තමයි කතාව පටන්ගන්නෙ, ඉන් එහාට නරඹන අයට ඉතුරු කරමින් එහෙනම් මම ගිහින් එන්නම්. මම මේ එක්කම අනිත් චිත්‍රපට ටිකත් පළ කරනවා.

* වීඩියෝ පිටපත
ලබාදී ඇති උපසිරැසිය ගැලපෙන්නෙ මේ චිත්‍රපටයේ 2007 වසරේ නිකුත්වූ Final Cut
පිටපතට පමණයි. ඒ නිසා ලබාදී ඇති පිටපතම ලබාගන්න. වෙන පිටපතක් ලබාගන්නේනම් බාගත කර ගැනීමට පෙර එහි Final Cut යැයි සඳහන්ව ඇත්දැයි බලන්න.
ලබාදී ඇති පිටපතේ 1997යැයි සඳහන් වෙන්නෙ ටොරන්ට් එක සකස් කල අයගෙ අතපසුවීමකින්. බය නැතුව ගන්න මේ 2007 Final Cut එකමයි.

විශේෂ :-

* සිනමා ඉතිහාසයේ විශේෂ තැනක් ගත්තට මේ චිත්‍රපටයෙ නිර්මාණ කාර්යයනම් ඒ තරම් සුන්දර එකක් වෙලා නෑ. අධ්‍යක්ෂකවරයා වන බ්‍රිතාන්‍ය ජාතික රිඩ්ලි ස්කොට්ගේ පලමු ඇමරිකානු චිත්‍රපටය වූ මෙහි රූගත කිරීම්වලට තබ බ්‍රිතාන්‍ය කාර්ය මණ්ඩලය රැගෙන ඒමට ඔහුට අවසර ලැබී නෑ, ඇමරිකානු සේවක නීති අනුව. සිතූ සිතූ වෙලාවට රූගත කිරීම් කටයුතු, තිර පිටපත් වෙනස් කරමින් වැඩ කරන මේ බ්‍රිතාන්‍යයා ඇමරිකානු කාර්ය මණ්ඩලයට මහා වදයක් වෙලා. කොටින්ම කිව්වොත් ඔවුන් මේ චිත්‍රපටය හඳුන්වා තිබෙන්නේ බ්ලේඩ් රනර් ලෙස නොව බ්ලඩ් රනර් ලෙසයි. ඒ එක්කම වියදම ඇස්තමේන්තු- ගත කර තිබූ ප්‍රමාණය පැන බොහෝදුරක් යාමට පටන්ගත් නිසා විධායක නිෂ්පාදකවරුන් විසින් අවසානයේ රිඩ්ලි ස්කොට්ව චිත්‍රපටයේ කටයුතුවලින් ඉවත්කර දමා තිබෙනවා. කෙසේහෝ පසුව ඒ ගැටලුව සමථයකට පත්කරගෙන නැවතත් ඔහුව චිත්‍රපටයට සම්බන්ධ කරගෙන තිබෙනවා.

* රික් ඩෙකර්ඩ්ට පණ පොවන හැරිසන් ෆෝඩ්ට පවා චිත්‍රපටයේ රූගතකිරීම් කෙරෙන ආකාරය ගැන ඒතරම් සතුටක් තිබී නෑ. එය ඔහු සෑහෙන කලකට පසු මාධ්‍ය ඉදිරියේ පවසා තිබෙනවා.

* චිත්‍රපටයට පාදක නවකතාවේ රචක ෆිලිප් K ඩික් තම නවකතාවෙන් ගොඩනැගුනු මේ චිත්‍රපටය නරඹන්න තරම් වාසනාවන්ත වෙන්නෙ නෑ, ඔහු මිය යනවා චිත්‍රපටයේ වැඩ අවසන් වීමට පෙර.

*නවකතාව තුල කෘතිමානවයන් හැඳින්වෙන්නෙ Replicants ලෙස නොව Androids
ලෙසින්ලු.

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2418 වාරයක්
Available Torrents
720p bluray 702.41 MB
GET
1080p bluray 1.91 GB
GET
2160p bluray 5.6 GB
GET
Hasitha Prasad
273 Movies
226 TV Series
499 Total
SubzLK වෙනුවෙන් Hasitha Prasad කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (3)
  • Madusha Unregistered
    Windows 10 Opera 55
    2018-09-01

    නියමයි.බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

    Reply
  • Sajith Anthony Unregistered
    Windows 8.1 Chrome 65
    2018-09-01

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ, ජයෙන් ජයම වේවා…!!

    Reply
  • CrZy Shan User
    Windows 7 Chrome 68
    2018-09-07

    නියමයි

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
දමිත් ප්‍රියංකර 179
#4
Rasika Samanjith 176
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved