ආයුබෝවන් අදත් සබ්ස්එල්කේ හිතවතුන්ට. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ තවත් හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. බොහෝවිට අපි උප ප්‍රධාන චරිතවලින් පමණක් දකින හොලිවුඩ් සටන් නළු ෆ්රෑන්ක් ග්රිලෝ ප්‍රධාන චරිතයට පණ පොවන, වැරදි අතරින් ඉගෙනගෙන වීඩියෝ ක්‍රීඩාවක ඉදිරියටම යාම සිහිගන්වන Boss Level (2021) නම් මේ චිත්‍රපටය ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ හා අභිරහස් යන තුන් වර්ගයට අයත් වනවා. සංකීර්ණ කතාවක් නැතත්, ඉතාම හොඳින් රසවිඳිය හැකි ලෙස චිත්‍රපටය නිමවා තිබෙන බවත් කියන්නට අවශ්‍යයි. මේ වනවිට (2021.3.29) IMDb වෙතින් 6.9ක අගයක්ද, Rotten Tomatoes වෙතින් 72%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 56%ක අගයක්ද ලබා ඇති මෙය ජෝ කැනහන්ගේ අධ්‍යක්ෂණයක්. රංගනයෙන් දායක වන්නේ ෆ්රෑන්ක් ග්රිලෝ (රෝයි පල්වර්), මෙල් ගිබ්සන්(කර්නල් ක්ලයිව් වෙන්ටර්),නයෝමි වොට්ස් (ජෙමා වෙල්ස්), විල් සාසෝ) (බ්‍රෙට්), ෂිඕන් මැකිනෙයි (ඩේව්), සෙලීනා ලෝ (ගුවාන්-යින්), මිෂෙල් යෙඕ (ඩයි-ෆෙන්ග්), මෙඩෝ විලියම්ස් (පැම්), රියෝ ග්රිලෝ (ජෝ) ඇතුළු පිරිසක්. මෙතනින් රියෝ ග්රිලෝ යනු ෆ්රෑන්ක් ග්රිලෝගේම පුතා.
ජෝ කැනහන් මෙම චිත්‍රපටය සාදන්නට වසර ගණනාවක සිට උත්සාහ කර තිබෙනවා.2012 වසරේදී මෙය 20th Century Fox වෙනුවෙන් මෙය අධ්‍යක්ෂණය කරන බව ඔහු නිවේදනය කලත්, ප්‍රධාන චරිතයට ෆ්රෑන්ක් ග්රිලෝව තෝරාගැනීම ගැන විරෝධය ප්‍රකාශ කරමින් 20th Century Fox චිත්‍රපටය අත්හැර දමනු ලබනවා. කෙසේ වෙතත් ප්‍රධාන චරිතයට නිවැරදිම තෝරාගැනීම තමන් බව ඔප්පු කරන්නට ෆ්රෑන්ක් ග්රිලෝ සමත්ව තිබෙන බව ඔබට මෙය නැරඹූ පසු පෙනෙනු ඇති. දැන් අපි කතාව පැත්තට යමු
රෝයි පල්වර් කියන්නෙ විශ්‍රාමලත් විශේෂ බළකා නිලධාරියෙක්, ඔහු තමන්ගේ මරණය සිදුවන දිනයේ සිරවනවා නිමක් නැතිව, එනම් ටයිම් ලූප් එකක සිරවෙනවා. එපමණක් නොවෙයි ඔහු පසුපස කුලී ඝාතකයන් විශාල පිරිසක් එලවනවා ඔහුව මරාදමන්නට. මෙයින් ගැලවීම පහසු නොවන්නේ සෑම අවස්ථාවකදීම ඔහු එකම වේලාවට ඔවුන් අතින් මියයාම නිසයි. මේ ගැටලු අතරින් ඔහු තමන් කාල සිරවීමක සිරවන්නට හේතුව සොයා යාමයි චිත්‍රපටය පුරාවටම දකින්නට ලැබෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්, හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණි

Year :
2021
Genre :
Action,mystery,sci-fi,thriller
Actors :
Frank Grillo,Mel Gibson,Naomi Watts,Michelle Yeoh
Writer : N/A
Director :
Joe Carnahan
Plot : Directed By Joe Carnahan. With Frank Grillo, Mel Gibson, Naomi Watts, Michelle Yeoh. A Retired Special Forces Officer Is Trapped In A Never-ending Time Loop On The Day Of His Death.

සිංහල උපසිරැස Download කරගන්න 1421 times
බොහොම ස්තූතියි හසිත.❤
බොහොම ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Bohoma sthuthi.. Jaya wewa!