Caddo Lake (2024) Sinhala Subtitle November 02, 2024 Admin Subtitle by Rasika Samanjith කැඩෝ විලේ අභිරහස ඉතින් තවත් නවතම සුපිරි ගණයේ American, Drama, Mystery, Thriller ෆිල්ම් එකකට තමයි සබ් එකක් අරන් ආවෙ. අභිරහස් කතා වලට ප්‍රිය කරන රසිකයින්ට නම් අංක එකේ ෆිලුමක්. මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ. චිත්‍රපටය තමයි පසුගිය 2024 ඔක්තෝබර් 10 දින HBO Max හරහා නිකුත් වුනු Caddo Lake. අධ්‍යක්ෂනය සහ තිර රචනය Celine Held සහ Logan George යුවලගෙන්. රංගනයෙන් එකතු වෙනවා, අපේ “මේස් රනර්” කොලුවා, Dylan O’Brien (පැරිස්) සමග Eliza Scanlen (එලී), Caroline Falk (ඇනා), Lauren Ambrose (සෙලෙස්ටේ), සහ Eric Lange (ඩැනියෙල්). ධාවන කාලය විනාඩි 99 යි. ඇමෙරිකාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි කියනවා එයා විලේ වෘකයන් දැක්ක කියල. නමුත් ටීචර් කියනවා ඒක කීයටවත් වෙන්න බෑ, මොකද දැන් ඒ පළාතේ වෘකයෝ ජීවත් වෙන්නෙ නෑ කියලා. කතාවෙ ප්‍රධාන චරිතය වෙන එලීගේ මිතුරිය, ක්ලෙයාර් කියනවා එයාටත් වෙලාවකට විලෙන් අමුතු සද්ද ඇහෙනවා කියලා. එලීගේ නංගි ඇනා බෙකට් විලෙන් අහුලන් එනවා විශාල සලබයන් වගයක්. වැඩිහිටියො කියන්නෙ උන් දැන් නෑ, වඳ වෙලා ගිහින් කියලා. මේ අතරෙ තමයි විල අසබඩ ජීවත්වෙන අවුරුදු 8 ක් වයසැති ඇනා බෙනට් කැඩෝ විලේදි අතුරුදහන් වෙන්නෙ. එහෙම හිතන්නෙ ඒ සමගම ඔවුන්ගෙ ඩිංගි බෝට්ටුවත් නැතිවෙලා හින්දා. ඇය කලිනුත් එක පාරක් බෝට්ටුවෙන් විලට ගිහින් තියෙනවා. කොහොම වුනත් අක්කර 26810 ක විශාලත්වයකින් යුතු, අතු දිය පාරවල් සහ දූපත් රාශියකින් සමන්විත කැඩෝ විලේ ඇයව සෙවීම ලේසි පහසු වැඩක් නෙමේ. ඇත්තටම ඇයට මොකද වුනේ? මීට වඩා නම් කියන්න යන්නෑ රජෝ! කැඩෝ විලේ මම අතරමන් වුනා වගේ ඔයාලත් අතරමන් නොවුනොත් ෆිල්ම් එකෙන් වැඩක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ, ආවාට ගියාට නම් මේ චිත්‍රපටය බලන්න එපා. වෙන්නෙ මොකද ඔයාලට හිතාගන්න බැරිවෙයි. සියලු වැඩ අත්හැර බලන්න. නැත්නම් ඔට්ටුයි ඔයාලට රිවයින්ඩ් කරලා නැවත බලන්න වෙනවා. සිතුම් සහෝදරයා මට දාපු කමෙන්ට් එකක් නිසා තමයි මමත් මේක ඉක්මනට බැලුවෙ. බලපුවාම ෆිලුම පට්ට. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය දර්ශනයක්වත්, අසභ්‍ය වචනයක්වත් නෑ. පවුලේ සියලු දෙනාට එකට ඉඳන් බලන්න පුලුවන්. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. ජය වේවා. QUALITY // 480p – 450mb / 720p – 950mb / 1080p – 1.7gb ♣♣ WEBRip / 480p / 720p / 1080p ♣♣ # WEB-DL # WEBRip
The platform 2 (2024).mekata sub dennako
Sub eka dunnata thnx bro 🖤
balamu. Thanx bro.
thanks Macho
Thanx for feedback, ya.
Thank you ayye
gogak Thanx, Sithum.
Deadpool and Wolverine [2024] BluRay film ekt plwn Nam sub dennakoo
අපෝ ඒකට හැම සයිට් එකකම තරගෙට සබ් දීලා තිබ්බා. අරන් බලන්න, සන්ජීව.
ammoo pattaaa thankss.. ❤️🤩 Rebel Ridge (2024) ekatath sub denna puluwan nm..
Thanx for the comment, Bro.
Thanks bro sub 1ta🙏🙏🙏🙏❣️❣️❣️❣️
ඔයාලගෙ එක වචනයක් පවා අපිට ශක්තිය පොම්ප කරනවා. බර කාලෙකින් මට මේ කමෙන්ට් ටිකක් ලැබුනේ, ස්තූතියි මල්ලි.
Thanks brother
Thanx, Thanx, Bro.
ගොඩක් ස්තුතියි sub එකට ෆිල්ම් එක බලන්න බැරිව හිට්යෙ ✌️✌️ terminator 1.2.3.4 movies වලට සිංහල සබ් එක කරන්න පුළුවන් ද
ඔයා බඩල්ගම ද ?
yes
මම මාකඳුරේ
Thanks brother❤️🩹
Thanks, kavi.
අම්මෝ..මේකට සබ් දීලනේ මාසයක් විතර හැම සයිට් එකේම බැලුවා අහම්බෙන් මේ සයිට් එක දැක්කේ මේක පට්ටනේ තරඟෙට එකම ෆිල්ම් වල සබ් දෙනවට වඩා හැමෝම හොයන මේ වගේ ෆිල්ම් දෙනවට තෑන්ක්ස් මේක පට්ට ෆිලුමක්…!
අපෙන් උදව්වක් වුනා නම් සතුටුයි, සිස්. මම කොහොමත් හැමෝම හදන ෆිල්ම් වලට සබ් හදන්නෙ නෑ. මේ සිනමා විශ්වයේ හැංගුනු පට්ට ෆිල්ම් කොච්චර තියෙනවද? මේකත් ඒ වගේ සුපිරියක්. අහක බලන් නොගියට ගොඩක් ස්තුතියි.