Cherry (2021) Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. අද මේ අරගෙන එන්නෙ මේ වසරේදී AppleTv + හරහා නිකුත්වූ Cherry (2021) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය. අපරාධ හා නාට්‍යමය යන දෙවර්ගයට අයත් මෙය සත්‍ය කතාවක් පදනම් කරගත් එකක් . නිකෝ වෝලර් ලේඛකයාගේ මෙනමින්ම යුත් නවකතාවක් ඇසුරින් ඇන්තනි රුසෝ හා ජෝ රුසෝ නොහොත් රුසෝ සහෝදරයන්ගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙයට ඇතුලත් වන්නේ ( ප්‍රබන්ධමය චරිතයක් හරහා) නිකෝ වෝකර්ගේ සැබෑ ජීවිත කතාව වන අතරම ඇමරිකානු සමාජයේ එක් අඳුරු පැතිකඩක්ද මෙයින් අපූරුවට පෙන්නුම් කරනවා.

නවකතාව

නිකෝ වෝකර්
සිනමාත්මක අතින් ගත්කල පැය දෙකකුත් මිනිත්තු 23ක ධාවන කාලයකින් යුත් මේ චිත්‍රපටය ප්‍රවීණ හොලිවුඩ් අධ්‍යක්ෂ ස්ටැන්ලි කුබ්‍රික්ගේ Full Metal Jacket (1987) චිත්‍රපටය සමානකම් දක්වනවා යම් දර්ශනවලින්. මෙයට රංගනයෙන් දායක වන්නේ ටොම් හොලන්ඩ් (චෙරි),සියාරා බ්‍රාවෝ (එමිලි), ජැක් රේනර් (කොකේන්-පෙත්තා), මයිකල් රිස්පොලි (ටොමී), ජෙෆ් වොල්බර්ග් (ඉමනෙස්), ෆොරෙස්ට් ගුඩ්ලක් (ජේම්ස් ලයිට්ෆුට්), මයිකල් ගැන්ඩොල්ෆිනි (ජෝ මස්සිනා), ඩැනියෙල් හිල්(බ්ලැක්), ඕලා ඔරෙබියි (ලෙසින්) ඇතුළු පිරිසක්. දැන් අපි යමු කතාව පැත්තට. මුලින්ම මතක තියාගන්න මෙහිදී ටොම් හොලන්ඩ්ගේ චරිතය “චෙරි” ලෙස ක්‍රෙඩිට්වල සඳහන් කර ඇතත්, චිත්‍රපටය තුල කිසිම තැනක ඔහුගේ සැබෑ නම සඳහන් වන්නේ නෑ.
චෙරි කියන්නෙ සුන්දර තරුණ වියක් ගෙවමින් තමන් හා අධ්‍යාපනය ලබන එමිලි නම් තරුණියක් හා ප්‍රමේයෙන් බැඳී සිටින අයෙක්. දිනෙන් දින මේ ප්‍රේමය දළු ලා වැඩුණත් දිනෙක එමිලි තමන්ට අධ්‍යාපනය ලැබීම සඳහා කැනඩාවට යාමට අවශ්‍යයැයි කියමින් ප්‍රේමයට තිත තබන අතර චෙරී එය විඳගන්නේ ඇමරිකා එක්සත් ජනපද හමුදා පරිපූරක වෛද්‍ය සෙබළෙක් නොහොත් මෙඩික් කෙනෙක් බවට පත්වීමෙන්. ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කල කාලයේ ඉරාකයේ යුධ සේවයට යැවෙන ඔහු ආපසු ගමරට එන්නේ පශ්චාත් යුධ කම්පන තත්වයෙන් පෙලෙන සහමුලින්ම වෙනස් පුද්ගලයෙක් ලෙසට. එයින් පසුව ඔහුගේ ජීවිතය ඇදෙන්නේ මහා අන්ධකාරයක් දෙසට, ඒ ඔහු බැංකු මංකොල්ලකරුවෙකු කරමින්. ජීවිතයට ගන්නට පාඩමකුත් තිබෙන මේ චිත්‍රපටය නරඹන්නට ඔබට ආරාධනා කරමින් මම සමුගන්නම්. හමුවෙමු තවත් උපසිරැසියකින්.
ලබාදී ඇති උපසිරැසිය අන්තර්ජාලයේ ඇති සියලුම APTV (AppleTv +) WEB, WEB-DL පිටපත් සඳහා ගැලපේ.
උපසිරැසියට ස්තූතියි හසිත.
ලංකාවටත් අදාළ මාතෘකාවක්…
පහුගිය දවස්වල වෙච්ච සිද්ධිය හින්ද, නේද?
ඔව්, අනික අවුරුදු 30ක් තිබුණ යුද්ධය. මට PTSD කියපු ගමන් මතක් වෙන්නෙ, Rambo- First Blood ෆිල්ම් එකයි, ජාතික රූපවාහිනියෙ ගියපු “වීරයා ගෙදර ඇවිත්” නාට්‍යයයි.
මොකක්ද ඒ ලගදි වුන දේ ?
අර පොලිස් SI සිද්ධිය.
අළුත්ම උපසිරැසියක් බස්සලා තියෙන්නේ. මේක ගැන ලොකුවට කතා උනා විචාරකයෝ එහෙම. අරන්ම බලන්න ඕනා. ස්තූතියි හසිත අයියේ.
මේක ටිකක් මික්සඩ් ෆීලින් ෆිල්ම් එකක්. PTSD තියන කෙනෙක්ට වුණොත් තමයි හොඳටම දැනෙන්නෙ.
ගොඩක් ස්තූතියි හසිත සබ් එකට :slight_smile:❤
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි සබ් එකට
Thanks …..good luck. …….