Trending

Cold Eyes (2013) Sinhala Subtitle

31 Views

උකුසු ඇසට නොදෙවෙනි ඇස්

     අද ඔයාලට අරගෙන ආවෙ 7.1/10 ක IMDb අගයක් ලබාගැනීමට සමත්වූ සුපිරි කොරියන් ත්‍රිලර් ෆිල්ම් එකක්. ඒ තමයි 2013 ජුලි 03 දින දකුණු කොරියාවෙදි නිකුත්වුනු Cold Eyes. ඔරිජිනල් නම Gamsijadeul. පැය 1 විනාඩි 58 ක ධාවන කාලයකින් යුතු Action / Crime / Thriller / Drama නිර්මාණයක්. ඒ වගේම මේක 2007 හොංකොං ෆිලුමක් වුනු Eye in the Sky චිත්‍රපටයේ රිමේක් එකක්. “කෝල්ඩ් අයිස්” එය නිකුත්වූ පළමු සතිය තුලදීම ඇ.ඩො.මි. 2.17 උපයාගත් අතර, දින 17 කට පසු එය මිලියන 4 සීමාවද, දින 24 කට පසු මිලියන 5 සීමාවද පසු කරමින් ඇ.ඩො.මි. 37.8 ක සමස්ත බොක්ස් ඔෆීස් ආදායමක් උපයා ගැනීමට සමත් වුනා. රංගනයෙන් එකතුවෙනවා Han Hyo-joo (හා යූන්-ජූ / පිනිමුවා ), Sul Kyung-gu (හ්වැන්ග් / උකුස්සා ), Jung Woo-sung ( ජේම්ස් / ෂැඩෝ ) සහ Jin Kyung ( ප්‍රධානී ලී ). 2013 Buil Film Awards සහ 2013 Blue Dragon Film Awards යන සම්මාන උළෙලවල් දෙකේදීම හොඳම නිළියට සම්මානය තමන් සතු කරගන්නටත්, ප්‍රධාන කාන්තා චරිතයට පණ පෙවූ Han Hyo-joo සමත්වුනා. ඒ විතරක් නොව විවිධ සම්මාන උළෙලවල් වලදී සම්මාන ලැබ, විශාල ලෙස නිර්දේශිත නම් අතරට එක්වුනා. ඒ පහත ආකාරයෙන්.
Awards and nominations
2013 Buil Film Awards
Best Actress – Han Hyo-joo
Nominated – Best Supporting Actress – Jin Kyung
Nominated – Best New Actor – Lee Jun-ho
Nominated – Best Screenplay – Cho Ui-seok
Nominated – Best Cinematography – Kim Byeong-seo
2013 Korean Association of Film Critics Awards
Nominated – Best Actress – Han Hyo-joo
2013 Grand Bell Awards
Nominated – Best Costume Design – Jo Sang-gyeong
2013 Blue Dragon Film Awards
Best Actress – Han Hyo-joo
Nominated – Best Supporting Actor – Jung Woo-sung
Nominated – Best Cinematography – Kim Byeong-seo, Yeo Kyung-bo
Nominated – Best Lighting – Kim Seung-gyu
Nominated – Best Music – Dalparan, Jang Young-gyu
Nominated – Technical Award – Shin Min-kyung
2013 Asia Pacific Film Festival
Nominated – Best Editing – Shin Min-kyung
2014 Asian Film Awards
Best Editor – Shin Min-kyung
Nominated – Best Actress – Han Hyo-joo
Nominated – Best Supporting Actor – Jung Woo-sung
Nominated – Best Cinematography – Kim Byeong-seo, Yeo Kyung-bo
2014 Baeksang Arts Awards
Best Supporting Actress – Jin Kyung
Nominated – Best Director – Cho Ui-seok, Kim Byeong-seo
Nominated – Best Actor – Jung Woo-sung
Nominated – Most Popular Actor (Film) – Jung Woo-sung
Nominated – Most Popular Actress (Film) – Han Hyo-joo
       කොරියානු පොලිස් හමුදා විශේෂ අපරාධ දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ අපරාධකරුවන් පිළිබඳ නිරීක්ෂණ කටයුතු සඳහා විශේෂිත වූ ඒකකයක නවතම සාමාජිකාව බවට පත්වෙන්නේ හා යූන්-ජු. පැහැදිලි මතකයක්, තියුණු නිරීක්ෂණයක් සහ උපරිම අවධානය යොමු කිරීමේ කුසලතාවක් ඇති ඇය පත්වූ දිනම නගරයේ බැංකු මංකොල්ලයක් සිද්ධවෙනවා. එය හැම අතින්ම පරිපූර්ණ සැලැස්මක්. කිසිම හෝඩුවාවක් හෝ සාක්ෂියක් කොල්ලකරුවන් ඉතුරු කරන්නෙ නෑ. ඒකෙ සම්පූර්ණ ගෞරවය යන්න ඕනෙ කල්ලියේ නායකයා, මහමොළකාරයා වන අති සූක්ෂම මනසක් ඇති, අනුකම්පා විරහිත මිනීමරුවෙක් වන ජේම්ස්ට. අනිත් වුන් නම් පාපිසි. පොලිස් බලකායෙ ඉන්නෙත් එසේ මෙසේ අය නෙවෙයි. ඔත්තු බැලීම්, ලුහුබැඳීම් සඳහා ඔවුන් පාවිච්චි කරන්නෙත් අති නවීනතම තාක්ෂණය. නමුත් ජේම්ස් තම අසමසම බුද්ධිය සහ උපාය මාර්ග භාවිතා කරමින්, සෑම අවස්ථාවකම පොලීසියට වඩා ඉස්සරහින් ඉන්නවා. ඔහු දෙවන කොල්ලයකුත් කරන අතර කවුරුත් නොසිතන ආකාරයේ තුන්වන සැලැස්මකුත් ඔහුට තියෙනවා. ඉතින් පටන් ගත්තු වෙලාවෙ ඉඳන්, ඇහිපිය නොගහා බලන්න පුලුවන් මේ හොරා පොලිස් සෙල්ලමේ, පොලීසිය දිනයිද? හොරා දිනයිද? ත්‍රිලර් ෆිල්ම් බලන්න කැමති අයට සුපිරි භාණ්ඩයක් බවට සටහන් කරමින් නවතින්නම්.
      ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න. කිසිම අසභ්‍ය දර්ශනයක් නැති බව නම් විශේෂයෙන්ම කියන්න ඕනි.
ජය වේවා.

Quality / 480p – 450mb / 720p – 1gb / 1080p – 3gb

♣♣ BRRip / 480p / 720p / 1080p ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
184 Movies
0 TV Series
184 Total
ලබා දී ඇති උපසිරැසිය
පිටපත් සඳහා ගැලපේ

Cold Eyes (2013) Sinhala Subtitle + Video

කිසිදු MP4 වීඩියෝවක් හමුනොවුනි.
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
2 FILES
720p bluray 1.07 GB x264
▲8 · ▼2
Magnet GET
1080p bluray 2.19 GB x264
▲23 · ▼1
Magnet GET
Discussion (0)

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search