Crawl (2019) Sinhala Subtitle

August 13, 2019 Expert Subtitler
Subtitle by Thamod Godakanda

 

ආයුබෝවන් Subz LK රසික රසිකාවියන් සියල්ලන්ටම.ඔන්න එහෙනම් අද තවත් චිත්‍රපටයක උපසිරැසි අරගෙන මන් ඔයාලා වෙත ආවේ.ඉතින් වැඩි කතාවක් නොකර චිත්‍රපටිය මොකක්ද, කින්ද මන්ද හොයල බලමු.

Crawl, සිංහලෙන් කිව්වොත් නම් බඩගානවා කියන තේරුම.මේ චිත්‍රපටය ගැන මන් මුලින්ම දැනගත්තේ Great Movies We Watched කියන FB Group එකෙන්.ගොඩක් හොඳ විවේචන ලැබිලා තියෙන හින්දම කතාව අරන් බැලුවා.කතාව හිතට ඇල්ලුවා කියලනම් අනිවා කියන්නම ඕන.ඉතින් දැන් පොඩ්ඩක් කතාව විස්තර කරන්නම්.

විනාඩි 87ක පමණ කාලයක් තුළ දිගහැරෙන මෙම චිත්‍රපටය මෙම වර්ෂයේ ජුලි 10වන දින ඉන්දුනිසියාවේ ප්‍රථම වරට නිකුත් කරන ලදී.එමෙන්ම දැනට IMDb මීටරේ 6.6 අගයකට කරකවාගන්න මේ චිත්‍රපට සමත් වෙලා තියෙනවා.එමෙන්ම Rotten Tomatoes වල 83% අගයක් සහ Metacritic වල 61%අගයක් ලබාගැනීමට සමත්ව ඇති අතර ගූගල් පරිශීලකයින්ගෙන් 78%ක ප්‍රසාදය දිනාගැනීමට මෙම චිත්‍රපටය සමව තිබෙනවා.චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Alexandre Aja වන අතර දැනට Box Office හි ඩොලර් මිලියන 58.6 මුදලක් ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත්ව ඇත.Kaya Scodelario(හේලී), Barry Pepper(කෙලර්) ප්‍රධාන චරිත වන අතර සෙසු චරිත ලෙස Anson Boon, Morfydd Clark, Ami Metcalf වැනි සහය දක්වා ඇත.

කතාව පටන්ගන්නේ හේලී කියන ගැහැණු චරිතයෙන්. ඇය ෆ්ලෝරිඩා විශ්ව විද්‍යාලයක පිහිණුම් කණ්ඩායමක පිහිණුම් කාරියක්.කතාව ආරම්භයේදි හේලී එදා පැවැත්වෙන තරගයෙන් පරාජය වන සිදුවීමක් තියෙන්නේ.ඉතින් එයා පරාද වුණාම එයාට එයාගේ අතීතේ මතක් වෙන්න ගත්තා.ඒ කිව්වේ එයාගේ තාත්තා එයාට පුහුණු කරපු විදිය සහ එයාට දීපු අවවාද වගේ ඒවා.ඉතින් ඔය අස්සේ හේලීගේ සහෝදරිය, බෙත් කෝල් එකක් අරන් අහනවා තාත්තා ගැන, මොකද බෙත් තාත්තට කෝල් කරාට එයා ආන්සර් කරන්නේ නෑ කියලා තාත්තා ගැන මොනවහරි දන්නවද කියලා.ඉතින් ඒ වෙලාවෙදි ෆ්ලෝරිඩා වල අධික සුළි කුණාටුවක් පැතිරෙනවා.ඉතින් කාළගුණ අංශ පවා ඒ ස්ථාන වල ඉන්න අයට කියනවා ඒ ස්ථාන වලින් ඉවත් වෙන්න කියලා.ඉතින් හේලීගේ තාත්තගේ ගේ තියෙන්නෙත් ඔය කුණාටුව තියෙන අස්සේ.ඉතින් හේලී තාත්තා කොහොමද බලන්න ඒ පැත්තට යනෝ.පොලිසියෙන් චෙක්පොයින්ට් පවා දාලා ඒ පැත්තට යන්න දෙන එක නවත්තලා තිබ්බේ.හැබැයි ඒවෙලාවේ පොලිසියෙ වැඩ බාරව හිටියේ හේලිගේ යාලුවෙක්.ඉතින් එයා හේලිට යන්න ඉඩ දෙනවා.ඉතින් හේලී තාත්තගේ ගෙදට්ට යද්දී ගෙදර බල්ලා විතරයි ඉන්නේ.ඉතින් පස්සේ හේලී තාත්තගේ පරණ ගෙදට්ට යනෝ මේ කුණාටුව අස්සේ.ඉතින් ඒ ගෙදර තාත්තගේ ෆෝන් එක තියෙනෝ තාත්තා නෑ.නමුත් ඒ එලාවෙදි හේලීගේ බල්ලා ගෙදර යටමහලට ඇතුළ් වෙන්න තියෙන දොරටුව ගාව ඉද්ගෙන බුරන්න ගන්නවා.ඉතින් පස්සේ හේලී යට මහළට ගිහින් බලන කොට තාත්තා බිම වැටිලා සිහිය නැතුව ඇගත් තුවාල කරන් ඉන්නේ.පස්සේ එයාව ගේ ඇතුළට අරන් යන්න ඕන නිසා හේලි එයාව ඇදගෙන යනෝ, ඔය වෙලාවෙදි යටමහලට මහා තඩි කිඹුලෙක් එනෝ.ඉතින් එතනින් කතාව ගැන කියන එක නවත්තනවා.මොකද එතනින් එහා කතාව කිව්වොත් කතාව බලලා ගන්න පුළුවන් රසවින්දනය නැති වෙන්න පුළුවන්.ඉතින් ඉතිරි ටික දැනගන්න එක මන් ඔයාලට බාර කරනවා.

ඒවගේම කියන්න ඕන දැනට මේ චිත්‍රපටයේ කැමරා කොපියක් ඇවිත් තියෙන්නෙ.පිටපත ටිකක් ගුණාත්මක මට්ටමකින් තියෙන නිසාම සබ් එක කළේ.හොඳවෙලාවට මේකේ ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයේ නිකුත් කරලා තිබුණත් ඒ උපසිරැසියේ අඩුපාඩු ගොඩක් තිබ්බා.මන් පුළුවන් ආකාරයෙන් ඒවා නිවැරදි කළා.

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ Bluray සහ WEB යන පිටපත් දෙවර්ගයේම උපසිරැසි ඇතුළත් කොට ඇත.නැරඹීමේදී අඳාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.

Available Torrents
720p bluray 778.58 MB
1080p bluray 1.37 GB
2160p bluray 3.93 GB
720p web 775.73 MB
1080p web 1.37 GB
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (9)
  • Vishwa Unregistered
    Android 5.1 UC Browser 12.11

    1st comment mamai.yeab
    Thanks bro supiri ekak mama hituwe na damma dei kiyala. Meke enakam bala gana hitapu weak. Godak pin meke camcopy ekata ikmanata dipu ekata.cam copy eke damma download karala sinhala sub ekka balanawa heta poya niwadu dawase

    Plzzzzz puluwanam mekatath subtitles denna

    *The peanut butter falcon 2019

    Meketh thama awith tiyenne 1xbet camera copy eka. Camera copy ekata Hari sub Denna ehenam
    Thnx jaya wewa

  • Kantha_DLA Unregistered
    Windows 10 Chrome 76

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  • rajitha Unregistered
    Windows 7 Chrome 76

    Thanks jayawewa…..!

  • kashmika Unregistered
    Windows 7 Chrome 76

    thank you!

  • Tharaka Unregistered
    Windows 10 Chrome 76

    Direct link eke trojen virus eka enava

  • krishan kavinda Unregistered
    Android 9 Chrome 75

    Primeval 2007 link ekk dapn mchn

    • Thamod Godakanda Expert Subtitler
      Windows 7 Firefox 69
  • Kavishka Unregistered
    Android 9 Chrome 78

    ගොඩාක් හොදයි දිගටම කරමු

  • Pasindu Unregistered
    Android 5 Chrome 46

    Superrrrrr bokkaa

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search