Crisis (2021) Sinhala Subtitle
ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් සියලු දෙනාට. අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත්වූ තවත් චිත්‍රපටයක සිංහල උපසිරැසියත් සමග. ඔපියොයිඩ් ඖෂධ අවභාවිතය හා ඖෂධ සමාගම් එම ඖෂධ නිෂ්පාදනයේදී නොසලකා හරින දෑ පිලිබඳව සැබෑ සිදුවීම් ඇසුරු කරගෙන නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය නමින් Crisis (2021). නිකලස් යරෙකිගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිමැවෙන මෙයට රංගනයෙන් දායක වෙන්නෙ ගැරී ඕල්ඩ්මන් ( ආචාර්ය ටයිරොන් බ්‍රවර්), එවැන්ජලින් ලිලී (ක්ලෙයා රයිමන්), ආමි හැමර් (ජේක් කෙලී), ග්‍රේග් කිනර් (ජෙෆ්),මිෂෙල් රොඩ්‍රිගස් (ගැරට්), ලූක් එවන්ස් (ආචාර්ය බිල් සිමන්ස්), ලිලී රෝස්-ඩෙප් (එමී කෙලී), ගයි නේඩන් (මදර්), වෙරෝනිකා ෆෙරෙස් (ආචාර්ය මෙග් හොම්ස්),කිඩ් කියුඩි (බෙන් වෝකර්), ඉන්දිරා වර්මා (මදීරා බ්‍රවර්), නිකලස් යරෙකි ( ස්ටැන්), මයිකල් අරොනො (මිනාස්),එරික් බෘනෝ (ගී බෘසාඩ්), එලෝරා ටොචියා (රීවා), ඇඩම් ෂෙක්මන් (ආමෙන්) ඇතුළු පිරිසක්. මෙය IMDb අගය 6.1ක්ද, Rotten Tomatoes වෙතින් 49%ක අගයක්ද, මෙටාක්‍රිටික් වෙතින් 40%ක අගයක්ද ලබා ඇති අතර මගේ පෞද්ගලික මතය වන්නේ මෙයට මීට වඩා අගයක් ලැබිය යුතු බවයි.
චිත්‍රපටයේ කතාවට ඇරඹුමක්…
• ඇමරිකා එක්සත් ජනපදයත් කැනඩාවත් අතර මත්ද්‍රව්‍ය කල්ලි කීපයක් එක්කරමින් ෆෙන්ටනිල් පෙති ජාවාරමක් සංවිධානය කරනා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්.
• එම ජාවාරම හා තම පුතාගේ ඇති සම්බන්ධය සොයන ඔක්සිකොඩොන් පෙතිවලට කලක් ඇබ්බැහිව සිට එයින් මිදෙමින් සිටින මවක්.
• ඇබ්බැහිවීමක් රහිත ඔසුවක් නිෂ්පාදනය කලේ යැයි කියමින්, එය අධ්‍යයනය කිරීම සඳහා විශ්ව විද්‍යාලයක රසායනාගාර බාර ආචාර්යවරයෙකුට කොන්ත්‍රාත්තුවක් බාර කරන බලවත් ඖෂධ සමාගමක්.
මේ ත්‍රිත්වයේ එකට ගැටුමයි චිත්‍රපටය තුලින් දැකගන්නට ලැබෙන්නේ. හමුවෙමු තවත් උපසිරැසියකින් ලඟදීම.
Blu-ray පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත. Web පිටපත් සතු සයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපතට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.
උපසිරැසියට ස්තූතියි සහෝ.
Coming 2 America – 2021 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද කවුරුහරි.
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබ් එක දෙනවා කියල දැක්කගමන් ඩවුන්ලෝඩ් කරලා තියාගත්තා.
බොහොම ස්තූතියි.
coming to america 2021 දෙන්න බලන්න සහෝ :fire:❤
බොහොම ස්තූතියි හසිත :slight_smile:❤