Cyborg (1989) Sinhala Subtitle

June 02, 2020 Admin
Subtitle by Rasika Samanjith

 

“මුලින්ම, ශිෂ්ටාචාරයේ ඇදවැටීමක් තිබුණා:
අරාජිකත්වය…ජන සංහාරය…සාගින්න.
පස්සෙ, ඊටත් වඩා වෙන්න නරක දෙයක් නෑ කියලා පෙනී යනකොට…
අපිට ලැබුනා වසංගතයක්. ජීවත්වන මරණයක්…
එහි හස්තයෙන් මුලු ලෝකයම වසාගත්තා ඉතා වේගයෙන්.
එතකොට අපිට කටකතා අහන්නට ලැබුණා…
ඉතිරිවී සිටි අවසන් විද්‍යාඥයින්, ප්‍රතිකාරයක් සොයමින් සිටින බව….
මේ වසංගතය අවසන් කර ලෝකය නැවත නඟාසිටුවීම සඳහා.
එය නැවත නඟාසිටුවන්න?
ඇයි?
මන් ආසයි මරණයට.
මන් ආසයි මේ කාලකන්නිකමට.
මන් ආසයි මේ ලෝකයට.”
මෙහෙම තමයි ස්ටෝරිය පටන්ගන්නේ. මේක අනාගත විද්‍යා ප්‍රබන්ධයක්. ජෝර්ජියාවේ ඇට්ලන්ටා වල ඉතිරිවී සිටින වෛද්‍යවරු කණ්ඩායමක් වසංගතයට ප්‍රතිකාරයක් සොයාගැනීමට වෙහෙසෙනවා.ඊට අවශ්‍ය වන දත්ත වගයක් නිව් යෝර්ක් වල පරිගනක පද්ධතියක තියෙනවා. ඒ වෙනකොට නිව් යෝර්ක් නගරය ගරා වැටිලා. තනිකර කුණු ගොඩක්. මිනිසත්කම පිරිහිලා ගිහින්. ඉතිරිවෙලා ඉන්න මිනිස්සු සත්තු වගේ. කොහොමහරි ඒ දත්ත ලබාගැනීමට පර්ල් ප්‍රොපෙට් (Dayle Haddon) නමැති කාන්තාවක්, ඇත්තටම සයිබෝර්ග් කෙනෙක්, ආරක්ෂකයෙකුත් එක්ක යවනවා. ඔවුන් එම දත්ත ලබාගත් පසු ඒ ගැන දැනගන්නා ෆෙන්ඩර් ට්‍රෙමෝලෝ (Vincent Klyn) නමැති මංකොල්ලකාර නායකයෙක් එයාගෙ කල්ලියත් එක්ක පර්ල් පසුපස පන්නනවා. ඇගේ සහායකයත් මරාදානවා. ඔහුට ඕනෙ ඒ ඖෂධය අයිතිකරගෙන සර්වබලධාරී දෙවියෙක් වගේ තත්ත්වයට පත්වෙන්න. මෙහිදී ගිබ්සන් රිකෙන්බැකර් (Van Damme) නමැති ආයුධ සන්නද්ධ “ස්ලින්ගර්” කෙනෙක් ( අවශ්‍ය අයව, කුලියට, එම පව්කාර නගරයෙන් ආරක්ෂිතව පිටතට ගෙන යන කෙනෙක්) ඇයව බේරාගන්නවා. ඇය ඔහුගෙන් ඉල්ලීමක් කරනවා ඇයව ඇට්ලන්ටාවට යන්න උදව් කරන්න කියලා. නමුත් ෆෙන්ඩර්, ගිබ්සන්ට පහරදී නැවතත් ඇයව අල්ලාගෙන, මුහුදු මාර්ගයෙන් ඇට්ලන්ටාවට යන්න පිටත්වෙනවා. දිවිගලවා ගන්නා ගිබ්සන්, ෆෙන්ඩර් හඹායනවා. ඒ අතරදී ඔහුට හමුවෙනවා නේඩි සිමන්ස් (Deborah Richter) නමැති සුරූපි තරුණියක්. ඇයගේ පවුලේ අයත් නෑදෑයනුත් සියලුදෙනාම වසංගතයෙන් මිය ගිහිල්ලා. ඖෂධය අරන් යන කාන්තාව බේරාගැනීමට ඇයත් ගිබ්සන්ට එකතු වෙනවා. ඒ යන ගමනේදී එයාලට නා නා ප්‍රකාර මිලේච්ඡ මිනිස්සු එක්ක සටන් කරන්නත් සිද්ධවෙනවා. ඒත් නේඩි පසුව තේරුම්ගන්නවා ගිබ්සන් යන්නෙ ඖෂධය අරන් යන පර්ල් පසුපස නොව ෆෙන්ඩර් පසුපස බව. ගිබ්සන්ට ෆෙන්ඩර් එක්ක එච්චරටම තියෙන ප්‍රශ්නය කුමක්ද? ඒ අතර ගිබ්සන්ට නිතර නිතර මතකයට එන අපැහැදිලි අතීත සිද්ධීන් වගයකුත් පෙන්නුම් කරනවා. ඒවායේ තේරුම කුමක්ද?

ඒවායේ තේරුම බලාගන්නනම් ඔයාලට සුපිරි සටන් නලු Jean-Claude Van Damme රඟපාපු තවත් බොක්ස් ඔෆීස් සිනමා පටයක් වන CYBORG බලන්න වෙනවා. මේක American Martial Arts, Sci-Fi, Action, Thriller යන වර්ග වලට දාන්න පුලුවන්. මුලින්ම තිරගත වුනේ 1989 අප්‍රියෙල් 07 දිනයි. ධාවන කාලය මි. 86 යි. IMDb අගය 5.1/10 ක් සහ Google පරිශීලකයන්ගේ කැමැත්ත 89% ක් ලබාගෙන තියෙනවා. මෙය Cyborg චිත්‍රපට මාලාවක පළමුවැන්නයි.
එම චිත්‍රපටිත් ඔයාලගෙ දැනගැනීමට සටහන් කරන්නම්.
01. Cyborg [1989] – Van Damme
02. Knights [1993]
03. Cyborg 2 [1993] – Anjelina Jolie
04. Cyborg 3 : The Recycler [1995]
05. Omega Doom [1997]


චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Albert Pyun විසින්. හොලිවුඩයේ අඩු වියදම් ෆිල්ම් හදන්න නම් දරාපු අධ්‍යක්ෂකවරයෙක්. Kick Boxer 2 [1991], Kick Boxer 4 [1994], Nemesis 1සහ 2 ඔහුගෙ නමගිය චිත්‍රපට. නිෂ්පාදන සමාගම වූයේ Cannon Group. මේ කාලයේ Cannon ලා අදහස් කරලා තිබුනා 1987 තිරගතවූ He Man : Master of the Universe ට සමාන චිත්‍රපටයක් සහ Spider man චිත්‍රපටයක් කරන්න. අධ්‍යක්ෂක Albert Pyun තීරණය කරලා තිබුනේ දෙකේම රූගත කිරීම් එකට කරන්න. නමුත් Cannon ලා උග්‍ර මුදල් ප්‍රශ්නයකට මැදිවීම නිසා He Man සහ Spider man චරිත වල හිමිකාරීත්වය ඇති Mattel සහ Marvel Entertainment සමාගම් අතර ඇති කරගෙන තිබූ ගිවිසුම් අවලංගු කිරීමට සිදුවුනා. එම නිසා ඒ චිත්‍රපට අතරමග නැවැත්වීමට ඔවුන්ට සිදුවුනා. එහෙත් ඒ වනවිටත් එම චිත්‍රපට දෙකේම ඇඳුම් සහ පසුතල සඳහා ඩො.මිලියන 2 ක් වියදම් වී අවසන්. එම වියදම් වූ මුදල් නැවත උපයාගැනීම සඳහා අලුත් ප්‍රොජෙක්ට් එකකට අතගැසීමට Cannon ලා තීරණය කලා. ඒ අනුව ක්‍රියාත්මකවූ අධ්‍යක්ෂක Albert Pyun එකම එක සති අන්තයක් පමණක් වැය කරමින් Cyborg හී තිර නාටකය ලියා අවසන් කලා. මෙහි ප්‍රධාන චරිතය සඳහා Pyunගේ හිතේ තිබුනේ Chuck Norris යොදාගැනීමට. නමුත් සහාය නිෂ්පාදක Menahem Golenගේ මැදිහත්වීම මත එය Van Damme ට බාරවුනා. කෙසේ වෙතත් මෙහි රූගත කිරීම් සඳහා ඩො. 500,000 කටත් වඩා අඩු මුදලක් වැයවී ඇති අතර දින 23 කදී එම කටයුතු අවසන් කර තිබුනා. මෙහි රූගත කිරීම් සම්පූර්ණයෙන්ම කර ඇත්තේ උතුරු කැරොලිනාවේ, විල්මින්ටන් වලදී. කෙසේවුවත් මෙම සිනමා පටය අති සාර්ථකව තිරගතවූ අතර ඩො.මිලියන 10.2 ට ආසන්න බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගැනීමට සමත්වී තියෙනවා. ඉතින් තවත් ලස්සන සිනමා පටයකින් හමුවන තුරු, ජය වේවා.

BRRip / 720p / 1080p

Available Torrents
720p bluray 765.89 MB
1080p bluray 1.41 GB
Rasika Samanjith
175 Movies
0 TV Series
175 Total
Discussion (9)
  • Hashan Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Cyborg ඉතුරු film ටිකටත් සබ් කරන්න පුළුවන් නම් ඒ වගේම JCVD කියන film එකටත්

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 68

      කොපි හොයාගත්තොත් බලමු.

  • Rajitha Unregistered
    Android 9 Chrome 81

    Thanks jayawewa…..!

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 68

      Thanx for the comment.

  • Tharindu Dilshan User
    Windows 7 Chrome 83

    Thanks bro…. Death Warrent 1990 Film ekatath sub danna puluwannam…

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 68

      දැන් කරමින් ඉන්නෙ ඒක.

    • Tharindu Dilshan User
      Windows 7 Chrome 83

      van dammege supiri film hama ekatama puluwannam sub danna bro

  • Shamal Manojan Unregistered
    Android 7 Chrome 76

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    මේ ෆිල්ම් දෙකට සබ් දෙන්න පුලුවන්ද?

    Patriot Games 1992
    Clear and Present Danger 1994

    • Rasika Samanjith Admin
      Windows 7 Opera 68

      Thanx. I will try.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search