Dead Reckoning (2020) Sinhala Subtitle November 16, 2020 Admin 2020 නොවැම්බර් 13 ඇමෙරිකාවේදී නිකුත්වූ තවත් අලුත්ම සිනමා පටයක් අරගෙනයි Subz.lk එකට ගොඩ වැදුනේ. Dead Reckoning. මේක American Action Thriller ෆිල්ම් එකක්. ඒත් Romance ගණයටත් දැම්මොත් තමයි වඩා හොඳ. මොකද මේකෙ තියෙන ඝාතන, බෝම්බ තැබීම්, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අතරින් ඉතාමත්ම අනුවේදනීය ආදර කතාවක් ගලා යන නිසා. ෆිල්ම් එක බලනකොට ඒ බව ඔයාලගෙ හදවතටත් අනිවාර්යයෙන්ම දැනේවි. ඒ වගේම මෙහි රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න කෙනෙක්. ඒ Scott Adkins. මතකනෙ Boyko. හැබැයි ඉතින් මේක ඒ වගේ සටන් වලටම මුල් තැන දීපු ෆිල්ම් එකක් නම් නෙමේ. K.J. Apa (නිකෝ), India Eisley (ටිලී), James Remar (කැන්ට්‍රෙල්), Ellie Cornell (ජෙනී) සහ Sydney Park (පෙලිසිටි) සෙසු චරිත වලට පණ පොවනවා. ඇමෙරිකාවේ ඉතා රමණීය දූපතක් වන නැන්ටුකට් දූපත පසුබිම් කරගෙන තමයි කතාව යන්නෙ. රූපගත කිරීමුත් එහෙ තමයි කරල තියෙන්නෙ. චිත්‍රපටිය පටන් ගන්නෙ එකකට එකක් සම්බන්ධ නැති සිද්ධි කීපයකින්. බෝම්බ තැබීම් සිද්ධියක් ගැන කරන FBI පරීක්ෂණයක් අතරතුරදී, ටැඩෝර් බුෂාටි නමැති සැකකරුවෙක් මියයාම ගැන මාධ්‍ය හමුවක්, අවන්හලක සිට යම් ආවේගයකින් එය රූපවාහිනියෙන් නරඹන පුද්ගලයෙක්, එක් අයෙක් මියයන තවත් නාදුනන දෙන්නෙකුගේ දරුණු ගැටුමක් සහ අඹු සැමි යුවලක් ගමන් ගන්නා සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමක්. ඊට පස්සෙ කතාව පටන් ගන්නෙ මාස හයකට පසුව නැන්ටුකට් දූපතේ උසින් අඩි 100 වෙන “ඔල්ටර් රොක්” කන්දෙන්. තරුණ කෙල්ලො කොල්ලො ටිකක් කඳු මුදුනේ පාටියක්. එතනදී අපිට හමුවෙනවා අපේ කතා නායිකාව ටිලී. ඇය හොඳටම වෙරි වෙලා ඉන්නෙ. එයාගෙ අම්මයි තාත්තයි ගුවන් අනතුරකින් මිය ගියාට පස්සෙ පසුගිය මාස කීපයම එහෙම තමයිලු. එතනදී එයාට අලුත් යාලුවෙක් අඳුරගන්න ලැබෙනවා. ඒ තමයි නිකෝ. පිට රටකින් එහෙට ඇවිත් ඉන්න කෙනෙක්. එයාගෙත් දෙමව්පියන් නෑ. මහන්සි වෙලා වැඩ කරන කොල්ලෙක්. පාසැල් වියදම් හොයාගන්න කැබ් එකක් එලවනවා. අමාරුවෙන් ඉන්න ටිලීව ගදර එක්ක යන්න නිකෝ බාරගන්නවා. ඒකෙන් මෙයාලගෙ හිතවත් කම වැඩිවෙලා ඒක ලස්සන ආදරයක් බවට පත්වෙනවා. ටිලීගේ හිතේ තියෙන දුක් වේදනා ටික ටික අඩුවෙලා යනවා. ටිලීට එයාව පේන්නෙ ඒයාගෙ ජීවිතේ යහපත් කරන්න එවපු සුර දූතයෙක් වගේ. ඒක එහෙමම වෙයිද? මේ අතර FBI ඒජන්ට් කැන්ට්‍රෙල් කා පස්සෙදෝ පන්නනවා. ඔහු සොයාගන්නවා ගුවන් අනතුර හදිසි අනතුරක් නොව සැලසුම් කල ඝාතනයක් බව. එය පලිගැනීමක් බවත්, ඊට සම්බන්ධ පුද්ගලයා නැන්ටුකට් දූපතට ගොස් ඇති බවත් දැනගන්නවා. ගුවන් අනතුරින් මියගිය යුවලගේ එකම දුව ජීවත් වෙන්නෙත් නැන්ටුකට් වල කියලා සිහි වුනු ගමන් කැන්ට්‍රෙල් වහාම නැන්ටුකට් වලට යනවා. මේ අතර නිකෝගෙ අයියා ලස්සන ලොකු බෝටුවකින් මල්ලි බලන්න නැන්ටුකට් වලට එනවා. ඒ බෝට්ටුව එයාගෙ. නිකෝට කැබ් එක අරන් දීල තියෙන්නෙත් එයා. මල්ලිට හරි ආදරෙයි. ගොඩක් කාලෙකින් තමයි අයිය මලෝ හම්බවෙන්නෙ. නිකෝගෙ අයියා මාකෝ ඇයි හදිසියෙම මල්ලි හම්බවෙන්න ආවෙ? මිය ගිය ටැඩෝර් බුෂාටි කවුද? කැන්ට්‍රෙල්ගෙ ප්‍රශ්නෙ මොකක්ද? ටිලීගෙ ඉරණම කොහොම විසදේවිද? විනාඩි 91 ක කාලයක් පුරා ගලාගෙන යන මේ ලස්සන සිනමා පටය බලමු. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ දර්ශන කීපයක් නිසා 18+ ගණයට තමයි දාන්න වෙන්නෙ. ජය වේවා. SUB FORMAT – SRT & IDX ♣♣ BRRip / WEBRip / 720p / 1080p ♣♣
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks jayawewa……!
Scott adkinge fight styls maru…..:heart_eyes: