Der Mauretanier (2021) Sinhala Subtitle

Published June 1st, 2021 by

වරද-නිවරද

ලබාදී ඇති උපසිරැසි Blu-ray පිටපත් සඳහා වන අතර WEB පිටපත් සතු අයගේ පහසුව තකා එම පිටපත්වලට සැකසූ උපසිරැසියක්ද උපසිරැසි ගොණුව තුල අන්තර්ගතය. කරුණාකර ඔබ සතු පිටපත්වලට ගැලපෙන උපසිරැසිය යොදාගෙන නරඹන්න.

__________________________________________________ආයුබෝවන් සබ්ස් එල් කේ හිතවතුන් හැමදෙනෙක්ටම. අද අරගෙන එන්නෙ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කල හොලිවුඩ් චිත්‍රපටයක සිංහල උපසිරැසිය. මෙය නමින් The Mauritanian (2021). අල්-කයිඩා සංවිධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයට 2001 වසරේ සැප්තැම්බර් 11 වන දින එල්ල කල ප්‍රහාරය, එනම් “9/11” ප්‍රහාරයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්ථවාදී සැකකරුවන් රඳවාතබාගැනීම සඳහා කියුබාවේ ගුවන්තානමෝ බේහි ඉදිකල ගුවන්තානමෝ ඒකාබද්ධ කාර්ය සාධක බළකාය නොහොත් JTF-GTMO ගැන ඔබ ඕනෑතරම් අසා ඇති.

වරදකරුවන් අතරේ නිවරදකරුන්ද මෙහි ගාල්වූ අතර එය ඔවුන්ට අතිශය අමානුෂීය ලෙස සැලකුම් කල තැනක් බවද අද වනවිට නොරහසක්. කල වරදක සාක්ෂි හෝ චෝදනා පැවරීමකින් තොරව එහි වසර ගණනාවක් රඳවාගෙන සිටි මොහම්මදු උල්ද් ස්ලාහි එහිදී ලැබූ අත්දැකීම් ඇසුරින් ඔහු විසින්ම ලියා පලකල “Guantánamo Diary” කෘතිය ඇසුරිනුයි මෙම චිත්‍රපටය නිර්මාණය වන්නේ, ඒ මයිකල් බොනර්, සොහ්රබ් නොෂිර්වානි, රෝරි හේන්ස් ගේ රචනයෙන් සහ කෙවින් මැක්ඩොනල්ඩ්ගේ අධ්‍යක්ෂණයෙන්.

මෙය මේ වනවිට සම්මාන 18කට නිර්දේශව එයින් 3ක් ජයගැනීමටද සමත් වුණා 2021 ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ හොඳම සහය නිළිය ලෙස ජොඩී ෆොස්ටර් රංගන ශිල්පිනිය ලබාගත් සම්මානයත් ඇතුළුව. මේ වනවිට IMDb වෙතින් 7.4ක අගයක්ද Rotten Tomatoes වෙතින් 75%ක අගයක්ද ලබා ඇති මෙය අයත් වන්නේ ලීගල් ඩ්‍රාමා ඝනයටයි. රංගනයෙන් දායක වන්නේ ප්‍රංශ ජාතික රංගන ශිල්පී තහාර් රහීම් (ස්ලාහි),ජෝඩි ෆොස්ටර් (නැන්සි හොලන්ඩර්), ෂෙලින් වුඩ්ලි (ටෙරී),බෙනඩික්ට් කම්බර්බැච් (කර්නල් ස්ටුවර්ට් කෞච්) ඇතුළු පිරිසක්. මෙහි කතාව පිලිබඳ විස්තර කරන්නට අදහසක් නෑ එය ඔබටම ඉතා පැහැදිලිව චිත්‍රපටය තුලින් දැකගතහැකි නිසා. ඒ වෙනුවට නැරඹීමේදී යම් අයට අවශ්‍ය විය හැකි කරුණු කීපයක් පමණක් පහතින් සඳහන් කරන්නම්.

විශේෂ :

• ඔබ දන්නවා 9/11ප්‍රහාරයෙන් පසුව රසායනික අවි ඇතැයි චෝදනා කරමින් ඉරාකය ආක්‍රමණය කරනවා ඇමරිකා එක්සත් ජනපදය , එය අදවනවිට අසත්‍ය තොරතුරු මත කල ප්‍රහාරයක් ලෙසයි සැලකෙන්නේ, ඊට හේතුව එවන් කිසිදු අවියක් ඉරාකයෙන් හමුනොවීම හේතුවෙන්. මෙය සිදුවන්නේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් පාලන සමය තුල වන අතර, එවකට ඇමරිකා ආරක්ෂක ලේකම් ධුරය දැරූයේ ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් විසින්.

• හේබියස් කෝපස්

හේබියස් කෝපස් ලෙස නීති ලෝකයේදී හැඳින්වෙන්නේ යම් රැඳවියෙකු එසේ රඳවාගෙන සිටීම නීත්‍යානුකූලදැයි නිර්ණය කිරීම සඳහා ඔහුව හෝ ඇයව අධිකරණය ඉදිරියට ගෙන ඒමට අධිකරණයක් හෝ විනිසුරුවරයෙක් විසින් කරන නියෝගය. එහිදී අදාල තැනැත්තා හෝ තැනැත්තිය රඳවාගෙන සිටින හෝ සිටින ස්ථානයේ ප්‍රධානියාට බල කෙරෙනවා ඔවුන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට.

• සිකියුරිටි ක්ලියරන්ස් නොහොත් ආරක්ෂක නිෂ්කාශනය

යම් නීති අයතනය හෝ ආරක්ෂක අංශයකට සම්බන්ධ අයෙකුට සේවා ස්ථානයේ යම් යම් අංශවලට, කාර්යයන්ට, තොරතුරුවලට ප්‍රවේශවීමට ලබාදී ඇති අවසර මට්ටම් මෙලෙස හැඳින්වෙනවා. උදාහරණයක් ලෙස 4 වැනි මට්ටමේ නිලධාරියෙකුට පමණක් දැනගතහැකි ලෙස සීමා කර ඇති යම් තොරතුරක් ඉන් පහත කිසිවෙකුට දැනගන්නට කිසිදු හැකියාවක් හෝ අවසරයක් නෑ.

• චාලි ෂීන් සහ පෙම්වතියෝ

ඇමරිකානු නළු චාලි ෂීන් දැදි ස්ත්‍රී ලෝලියෙකු සේ ප්‍රසිද්ධයි. විවාහයන් තුනක් කරගත් ඔහුට සිටි පෙම්වතියන් ගණන ඉතා ඉහල අගයක් ගන්නා බවයි කියවෙන්නේ. මේ චිත්‍රපටය තුල ඔහු ගැන ඒ ආකාරයේ කතාවක් ස්ලාහි විසින් පවසන්නේ ඒ නිසයි.

• ගොටී (1940-2002)

චිත්‍රපටය තුල මෙසේ හඳුන්වන්නේ ඇමරිකාවේ නිව්යෝක්හි ගැම්බිනෝ අපරාධ පවුලේ ප්‍රධානියා හා මැරයෙකු වූ ජෝන් ජෝශප් ගොටීවයි. ඔහු කාලයක් ඇමරිකානු FBI ආයතනයට මහත් හිසරදයක්ව සිටි අයෙක්.

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Torrent පිටපත
Download

Der Mauretanier (2021) Sinhala Subtitle

Download: 351

File size : 97.57 KB

Hasitha Prasad

TV EPISODES : 226
MOVIES : 276
7.4
75%
53%

Comments: 1

  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    June 6, 2021 at 2:36 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle BRRip

    Last updated 04/20/2023

    Tides (2021) Sinhala Subtitle BRRip

    Last updated 10/07/2021

    The Ice Road (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/30/2021

    Jungle Cruise (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/29/2021

    The Marksman (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/27/2021

    Venom (2018) Sinhala Subtitle BRRip

    Last updated 09/17/2021

    F9: The Fast Saga (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/08/2021

    Black Widow (2021) Sinhala Subtitle BRRip

    Last updated 09/06/2021

    Minamata (2020) Sinhala Subtitle BRRip

    Last updated 08/31/2021